මුහුදු පතුල යට ඉඳලා  

Posted by: Sinhala Noorthi in , ,

නා‍ට්‍ය‍ය‍ - මූදු පුත්තු (ගුණසේන ගලප්පත්ති)
ගායනය - සෝමලතා සුබසිංහ


මූදු පතුල යට ඉ
ඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙණ කැටියක පාකරලා
මගෙ දෝතට පුතු ආවා//

මූදු පතුල යට ඉඳලා..

සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිළිසෙනවා//
සුදු පාටින් ටිකිරි සිනා පුතුගෙ මුවින් ගිලි
හෙනවා//

මූදු පතුල යට ඉඳලා..

වෙරළෙන් කිරි කවඩි සොයා කෙනේක් පුතුට ගෙන එනවා//
තවාත් කෙනේක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා//
ඒ පබළුයි මේ කවඩියි එක නූලේ අමුනනවා
ඒවායින් .වඩි සදා පුතුගෙ ඉණේ පළඳනවා
පුතුගෙ ඉණේ පළඳනවා///

This entry was posted on Monday, December 21, 2009 and is filed under , , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්