අපි සේරම  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍ය‍ය‍ - මහගිරිදඹ (ජයලත් මනෝරත්න)
ගායනය - සන්ධ්‍යා‍ දීපානි,ජයශ්‍රී චන්ද්‍රජිත්,ජයලත් මනෝරත්න


අපි සේරම එක අවන්හලක නැවතී//
අපේ සිතුම් මල් සිහින පැතුම් මල්//
[මිරිකාගෙන මධු බඳුනේ
තොල ගාමින් අඩ අඳුරේ]//
ගහ බැනගෙන රොස පරුසෙන
තලා පෙලා පාගාගෙන
ආදරයෙන් සිත සෙනේහයෙන් යළි
අපි සේරම ජීවිතයේ
මහගිරිදඹේ නගිනවා///
[අප යන මග ගිනි අව්
වේ
හිරි පොද පිනි වැහියල්ලේ]//
[සමනල සුරංගනා ලෝකේ
අරුණළු ප්‍රභාත දේදුන්නේ]//
[ගමනේ කෙලවර දුටුවේ කවුරුද
මහගිරිදඹ තරණය කලෙ කවුරුද]//
සිතිජ ඉමේ නිල් සිහින ඉසව්වේ
සමනල තටු ගිලිහී
යන මග කෙලවරවී
සිහිනය මිය යනවා

අපි සේරම ජීවිතයේ
මහගිරිදඹේ නගිනවා////

This entry was posted on Wednesday, March 17, 2010 and is filed under , , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්