සපිරිවර  

Posted by: Sinhala Noorthi in , ,

නා‍ට්‍ය‍ය‍ - ගුරු තරුව (ජයලත් මනෝරත්න)
ගායනය - රත්නා ලාලනී,ජයලත් මනෝරත්න


සපිරිවර මැතින් මන් බුන් රිපුන් යෝ බ‍ලන්සෙව්
යසසිරි සැපතින් යුත් සේ දනන්ගේ නිවෙස් යුත්
වෙළඳ විදු දනන් සල්පිල් අවන්හල් පෙළින් යුත්
පවර පුරවරෙක් වී මාතොටැ‍යි දෙව්පුරෙක් වන්

සසර සරණ සව්සත් දම් අමාවෙන් සතොස්වා
සඝ ප‍ව‍ග‍ සැපත් දුන් දම් රදුන් දම් සඝුන් සෙව්
පෙර මැ‍දග වනින් මේ තුන් ගෙනේ මුල් කෙ‍මෙ‍න්‍ න‍ම්
පතල මැති සඳෙක් වී මේ පුරේ කිත් දදෙක්වන්

ඕ‍....ඕ‍.....ඕ‍......
න‍න්‍ කම් යු‍ත්‍ නි‍ලු‍පු‍ල්‍ ද‍මි‍න්‍ හෙ‍ලැ‍ඹු‍
ලෙ‍න්‍
ර‍ත්‍ නෙලුම් ද‍මි‍න්‍ හෙ‍ල්‍ මැ‍ල්ලෙන්‍
ස‍පු‍ ම‍ල්‍ ද‍මි‍න්‍ සු‍ම‍න‍ පැන් පෙලින් පේ කඩින්
ඕ‍ඕ‍ඕ‍ඕ‍ඕ‍........///

සි‍ව්රැස් සි‍ව්‍දි‍ග‍ සිව්දොරින්
රියතුරින් රන් රිදීකමින්
සිව්කොන් දුහුලින් සුලාක්කනි
න්
රන් රිදී මලින් නන්කම් යුත් නිලුපුල් දමින්
හෙලැඹුලෙන් රත් නෙලුම් දමින්

සාදා රන් කුඹූ බොල් මලින්
සුදු නිමල් රත් නිල් වැරැල්ලෙන් සරා
සිත් කල් දෙව් විම දෙව් සරා
ලොවැ දුරා දානන් වඩා සිත් බැතින්

සව් සත් දුක් මුහුදෙන් නගාලන

නැවක් මෙන් ලෝ පසස් නා නිතින්
ඒ දානේ මෙලෙසින් කලේ ගඟට පත් සිත් සේ
පුදමින් යළිත්

ඒ දානේ මෙලෙසින් කලේ ගඟට පත් සිත් සේ
පුදමින් යළිත්



This entry was posted on Monday, May 17, 2010 and is filed under , , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්