රස බොජුන්  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍ය‍ය‍ - අ‍න්දරේ‍ලා‍ (ජයලත් මනෝරත්න)
ගායනය - රත්නා ලාලනී,ජයලත් මනෝරත්න


රස බොජුනක් නැතත් තුන් වේලට කන්ට
සුව යහනක් නැතත් සැපසේ
ඇලවෙන්ට
දරු පැටියත් එක්ක එකතැන්වී ඉන්ට
ඉඩ ලැබුනොත් මදිද හිමියනි නවතින්ට

දුක උනත් විඳිනකොට එක දිගටෝම
උඹ උනත් යන්ට යයි මට නොකි
යාම
ගොවිතැනක් බතක් කර සිටියොත් මේම
හොඳ කලක් ලබන්නේ කවදද කෝම

ඉර නැතොත් බැරිය වනමල් පූදින්ට
සඳ නැතොත් බැරිය කළුවර වළකන්ට
මල නැතොත් බැරිය බඹරුට පැණි බොන්ට
හිමි නැතොත් බැරිය වාවාගෙන ඉන්ට

අලියගේ තරම ඌ දන්නේ නෑලූ

බොර දියේ නැතිය වරදින්නේ මාලූ
අතමිටේ කිසිත් නැති දවසට යාලූ
ආදරේ උනත් පිටමන් වෙනවාලූ

අතිරහ උනත් නීරසයි වැඩියෙ
න් කෑම
ගඟ දිය උනත් නපුරුයි වැඩියෙන් ඒම
උණු දිය උනත් අගුණයි වැඩියෙන් නෑම
කහවනු උනත් නරකයි ලඟ තිබුනාම

ඉබේ කෙඳිරි ගෑවෙනකොට බඩගින්නේ
උඹේ කට තමයි මට ඉස්සර වෙ
න්නේ
ලැබේ නම් අණක් මහරජ්ජුරුවන්
නේ
තඹේකට නොසලකා කොහොමද ඉන්නේ



This entry was posted on Monday, May 17, 2010 and is filed under , , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්