සුමුදු නිදි කුමරී  

Posted by: Sinhala Noorthi in , , ,

නා‍ට්‍ය‍ය‍ - තලමල පිපිලා (ජයලත් මනෝරත්න)
ගායනය - එඩ්වඩ් ජයකොඩි, ලක්ෂ්මන් විජේසේකර


සුමුදු නිදි කුමරී..උපන් කළු සිහිනයේ..
නිසොල්මන් රෑ ගලා එන්නී දුරු රටින්
ලතැවුලින් දැවෙනා නුව
රුන්
සිප වැලඳ ගන්නී..
ජීවිතේ නැවතුම්පළේ හිඳ
විදා මායා සිහිල් සලුපිලි
කරන්නී ඇරයුම් උන් හට
රඟන්නට නෙතු පියා..
නැගෙන්නට දුර ඈත අහස
බොල් පොළොව මත තැබූ පා ඔසවා..
කාගෙදෝ ශාපයෙන් උමතුව හඬනා
සබඳ එව මා තැනූ මාවත නු
දුරේ
සැනසුමේ සුවඳක් එහි ඇත තනිවී
වහා යවු.. නොබියව එය විඳිවු
රජෙකු සේ..කුමරෙකු සේ..//
පියකරුයි රෑ රුපුමනේ ලෝ
වැසේ..බොඳවේ.. සැඟවේ..
ඉකිබිඳී..පරිසරේ..
ඒ හඬ වනපෙතේ මිය ඇදුනේ
රුහිරු විල්තෙර බවුන් වඩනා
පරල වූ ඉසිවරුනේ..
මෞ‍ලි මංග‍ල්ලය‍ට‍ සැරසෙවු..

රුවැති නිදි කුමරියගේ..

This entry was posted on Thursday, June 03, 2010 and is filed under , , , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්