බෑ බෑ ගෙදර යන්න බෑ  

Posted by: Sinhala Noorthi in ,

නා‍ට්‍ය‍ය‍ - තාරාවෝ ඉගිලෙති(ලූෂන් බුලත්සිං‍හ‍ල)

බෑ බෑ ගෙදර යන්න බෑ
//
[ගෙදර යන්නෙ නෑ
මං ගෙදර යන්නෙ නෑ]//
[පය ඔසවාගන්න බැහැ මගේ
සියොලඟින්ම බැඳ දමා තිබේ]//
සිර මැදිරිය ඇරලුවත් මෙසේ
මේ සිරකරු යන්නෙ නෑ කපේ//

ඉගිල යන්න ඇයි බැරී//
ඉගිල යන්න ඇයි බැරි මගෙ තාරාවෝ/
/
[කූඩුවෙ දොර හැර දැම්මා මා
අහසෙ තියෙයි ඔබ හට සීමා]//

විසල් ලොවට මග ඉඩ දෙන් මා
ඉතින් ඉගිල යන් තාරාවා//

බෑ බෑ ගෙදර යන්න බෑ//
[ගෙදර යන්නෙ නෑ
මං ගෙදර යන්නෙ නෑ]//

බෑ බෑ ගෙදර යන්න බෑ//
[ගෙදර යන්නෙ නෑ
මං ගෙදර යන්නෙ නෑ]//

[දිය පීනා එයි තාරාවා..
ඉගිලී පල කලු තාරාවා..]/////

බෑ බෑ බෑ බෑ බෑ

This entry was posted on Monday, June 14, 2010 and is filed under , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්