සුරනිඳුනේ  

Posted by: Sinhala Noorthi in , ,

නා‍ට්‍ය‍ය‍ - දිවැස හෙලනු මැන (රෝලන්ඩ් ප්‍රනාන්දු)
ගායනය - රත්නා ලාලනී,ජයශ්‍රී චන්ද්‍රජිත්


සුරනිඳුනේ මා සිත බැඳි
සොඳුරු යොවුන් හද මා වෙත
නොකැලැල් සෙනෙහස නොමදව
ලබා දෙනු මැනේ//

නරනට අධිපතී සුරින්ඳේ
දිවනෙත් විදහා බලනු මැන
මේ පියකරු වූ ලඳ මට

ලබා දෙනු මැනේ
ඒ පියකරු වූ ලඳ මට
ලබා දෙනු මැනේ

මවෙත දයා කරුණා බල
සෙනෙහස් සුවඳින් නහවන
ආල කොමල රැස් දහරා
ලබා දෙනු මැනේ//

විසල් ලොවට නෙත් විහිදා
සැම දුක් බිඳලූ සුරිඳුනි
නොපමාවම මේ ලඳ මට
ලබා දෙනු මැනේ
නොපමාවම ඒ ලඳ මට

ලබා දෙනු මැනේ

This entry was posted on Thursday, June 03, 2010 and is filed under , , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්