මුදු මොලොක් මල්  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - කුවේනි (හෙන්රි ජයසේන)
ගායනය - නලින් අල්විස්,ඉන්ද්‍රකාන්ති ජයතිලක

මුදු මොලොක් මල් මෙනේ කුස දරා බැතිපෙමින්
වේදනා විදිමිනේ අප ලොවට බිහිකෙරූ
ලය පුරා සෙනෙහසින් අප දෙදෙන වැඩු පෙමින්
මව්තොමෝ කුවේනි යකිනි වෙද මේ කියන
යකිනියක ඇඟ රුහිරු කිරි වේද කිසි දිනෙක
මෑණියන් මා පෙවූ කිරි දහර රුහිරු විද

මෑණියනි කුවේනි ඔබ කොතැන සැ
ඟවුනෙද
එන තුරා ඔබ නැවත අපි බලා සිටිමු මෙහි
පියාණන් කී පසුව මාලිගෙන් පිටවන්ට
රැගෙන ඔබ අප දෙදෙන වනවැදී අතරමග
නෑසියන් දකිමිනේ කෝප දුරුකරමිනේ
නැවත එමි දරුවනේ කියා ගිය පසු එදා

නැවත ඔබ එනතුරා අපි සිටිමු මෑණියනි
පන් දහස් කල් ගෙවී එන තුරා හෝ නැවත
අපි මෙහිම සිටින්නෙමු

ඔබ නැතිව නොයන්නෙමු
අපි මෙහිම සිටින්නෙමු
ඔබ නැතිව නොයන්නෙමු
මෑණියනි විගසකිනි
අප රැගෙන යනු මැනවි

මෑණියනි විගසකිනි
අප රැගෙන යනු මැනවි




This entry was posted on Thursday, July 08, 2010 and is filed under , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්