පොළොව උසුලන දෙවියනේ(කුවේනියගේ සාපය)  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - කුවේනි (හෙන්රි ජයසේන)
සමූහ ගායනා


පොළොව උසුලන දෙවියනේ
අහස උසුලන දෙවියනේ
මුහුද උසුලන දෙවියනේ

නැගෙන ඉර සඳ දෙවියනේ
අග්නි අසනිය දෙවියනේ
වැහි වලාහක දෙවියනේ
මේඝ ගර්ජන දෙවියනේ
බලන් මට කල මේ විනේ

පොළොව පුපුරා පැලීයන්
අහස ගිනිගෙන දැවීයන්
සයුරු කැළඹී ගැලීය
න්
නැගෙන ඉර හඳ වැටීයන්

තබන තබන පය ගින්නෙන් දැවීයන්
වහින වහින වැහි අහසේ සිඳීයන්
ගහන ගහන හෙණ හිස මත වැටීයන්
ජාතිත් භවේ ගිනි දැල් මත දැවීයන්
උපන් උපන් කුමරුන් මතු නැසීයන්
දියෙන් ගොඩින් ගිනි ජාලා මැවීයන්

ලෙඩින් දුකින් සංහතියම පෙළීයන්
නිරන්තරින් බඩසායෙන් මැරීයන්

පොළොව පුපුරා අහස ගුගුරා දිය දෙබෑකර වරෙල්ලා
සක්වලින් මුහුදින් ගොඩින් අහසින් සැනින් තො
පි වරෙල්ලා
මංත්‍ර බන්ධන අග්නි අසනිය ලෝදියත් ගෙන වරෙල්ලා
මන්ත්‍ර මායා අංජනම් කර මේ රජුට විනකරල්ලා...
 

This entry was posted on Thursday, July 08, 2010 and is filed under , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්