අතට වළලුද  

Posted by: Sinhala Noorthi in

නා‍ට්‍ය‍ය‍ - කදා වළලු (ම‍හා‍චා‍ර්‍ය‍ එදිරිවීර සරච්චන්ද්‍ර)
ගායනය - යසෝධරා සරච්චන්ද්‍ර


අතට වළලුද පයට ගිගිරිද
ලා ගනී කිඳුරඟන සො
බනා//
වනේ සිඳඹුවො කඩා මල් පෙති
වරල සරසා ගනිති නිතිනා//
සඳුන් කුංකුම ගතේ තවරා
සුවඳ වේ අබිසාරික'ඟනා//
පියවි සුන්දර රූ සපුව වුව
ලකළ වේ ලූ සඳ පළ
ඳනා//
සදා ගන රන් සේ දිළෙන්නේ
කදා වළලුය ම විකුණන්නේ
නදා දෙන සිත සැම'ඟනන්ගේ
සෙදා ගෙන ඇයි නොපළ
ඳින්නේ//
වළලු වළලූ කදා වළලූ
වැඩිය නෑ මිල කදා වළලූ
වළලු වළලූ කදා වළලූ
වැඩිය නෑ මිල කදා වළලූ




This entry was posted on Tuesday, August 31, 2010 and is filed under . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්