කුමක්ද අක්කණ්ඩියේ  

Posted by: Sinhala Noorthi in


නා‍ට්‍ය‍ය‍ - භව කඩතුරාව (මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර)
ගායනය - ***


කුමක්ද අක්කණ්ඩියේ මේ වස්තුව
දනවන කුතුහලය අප සිත් තුල
නොදුටු විරූවක් යම්කිසිවෙකු පෙර
කෙලෙසද සිත් සෝදිසියට කියන්නේ

පියාපතක් දෝ ස්වර්ණ වර්ණ
දෙව්ලොව පක්ෂියෙකුගේ
අසිරිමත් නරලොව තතු
දැනගන්නට සිත්සේ රෑන හැරා
හුදකලාව මිහිමත

පියාපතක් නොව..
විස්කම් දෙව් පුත් මැවූ
අබරණකි දඹ නද රන් ගෙන
මෙවන් සියුම් අත්කමක් කරන්නට
මෙලොවේ නම් නැත රන් කරුවෙක් කිසි

අබරණක් නොව මලක් වේද එය
හිමගිරි අරණේ පිපෙනා මනරම්
[නීලම්බරයේ සැරිසරන නිබඳ
සිදඟන වරලින් ගිලිහුනු සුරත?]/
//



This entry was posted on Thursday, October 07, 2010 and is filed under . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්