නුවණින් විමසා  

Posted by: Sinhala Noorthi in

නා‍ට්‍ය‍ය‍ - ලෝමහංස (මහාචා‍ර්‍ය‍ එදිරිවීර සරච්චන්ද්‍ර)
ගායනය - ***


[නුවණින් විමසා තතු පෙර දවසේ
නිවහල් ලෙස කටයුතු කල
මපියා]//
දැන් අඳබල ලෙස හැසිරෙන සැටි දැක//
කම්පා වේ සිත සිදුවූ වෙනසින්///
[ඔහුගේ සිත කය දෙක මුලුමනින්ම
අත්පත් කරගත්තා මගෙ සුලුමව]//
පලවා හැරියා ඔහු හද පත්ලෙන්//
පුතු සෙනෙ‍හ‍ස‍ ම‍ද‍කුදු එහි‍
නො‍තබා///
[මිනිස් ලොවේ පල් සොරෙකුට හිමිවූ
නින්දිත මරණයකට ගොදුරුවන්ට]//
සිදුවන සැටි දැක දෙවිඳුනි ලෝපල්//
යුක්තිය පසිඳා දෙනුවස් සතහට//
දෙව්ලොව අධිකරණෙට ගෙනයනු මා//
විනිශ්චයක් සාධාරණ ලබන්ට
///
දෙව්ලොව අධිකරණෙට ගෙනයනු මා
ආ..ආ...ආ....

දෙව්ලොව අධිකරණෙට ගෙනයනු මා
විනිශ්චයක් සාධාරණ ලබන්ට///

This entry was posted on Thursday, October 07, 2010 and is filed under . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්