හා හා හා දන්නෙ නැතිලු  

Posted by: Sinhala Noorthi in

නා‍ට්‍ය‍ය‍ - ම‍හා‍සාර (මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර )
ගායනය - ජගත් ලක්ප්‍රිය


හා හා හා දන්නෙ නැතිලු
මහාසාර පළඳනාව

කොයිවගේ එකක්ද කියල
අහල නැතිලු කවදාවත්
මහාසාර කියන වචනෙ
එහෙනම් තෝ මොටද ගත්තෙ
ගමට ගොහින් දැනගන්නද
හොර අඹුවගෙ කරේ දාල
කොයි වගේ එකක්ද කියල
මහ රජ්ජුරුවන් ඉදිරියෙ

කියපිය ඔය බින්න ගොහින්
අපට මොටද ඕව කියල
අපේ නෙවේ පළඳනාව
අයිතිකාරි අග බිසවයි
හොරකම තොගෙ වසන්ගන්න
කියපිය තව බින්න හදා

කියපිය තෝ පළඳනාව

ගත්තෙ නැතෙයි කියල බොලේ
ගත්තෙ වෙන කෙනෙක්ය කියල
නැත්නම් තොට ගැලවෙන්නට
විදිහක් නෑ හම්බවෙන්නෙ

තෝව උල තියා මරාවි
නැත්තම් පෙති ගහල දාවි
කදන් දෙකක් මැදින් තෝව
බැඳල ඉරල දාවි දෙකට
දහසක් වද විඳල තමයි

තොට මරණෙට යන්න වෙන්නෙ//

නැත්තම් බොල කියපිය තෝ
කවුද හොරෙක් ඇවිත් ඒක

හොරෙන් අරන් යනව දැකල
තෝ ගොහිල්ල උදුරාගෙන
අග බිසවට දෙන්න කියල

ගේන අතර පළඳනාව
අහසට ඉගිලිලා ගොහින්
අතුරුදහන් වුනැයි කියල//
අනුහස් ඇති මහාසාර
පළඳනාව අග බිසවගෙ
එවැනි හාස්කම් කරන්න
බැරි බඩුවක් නෙවෙයි ඒක//

කියපිය තව බින්න හදා
මහ රජ්ජුරුවන්ට ගොහින්
නැත්නම් තොට ගැලවෙන්
නට
විදිහක් නෑ හම්බවෙන්නෙ
දහසක් වද විඳල තමයි
තොට මරණෙට යන්න
වෙන්නෙ//
තෝව උල තියා මරාවි
නැත්තම් පෙති ගහල දාවි
කදන් දෙකක් මැදින් තෝව
බැඳල ඉරල දාවි දෙකට
දහසක් වද විඳල තමයි

තොට මරණෙට යන්න වෙන්නෙ//



This entry was posted on Thursday, November 25, 2010 and is filed under . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්