බෙරපදේ තාල  

Posted by: Sinhala Noorthi in ,

නා‍ට්‍ය‍ය‍ - අන්දරේලා (ජයලත් මනෝරත්න)
ගායනය - ජයලත් මනෝරත්න, ..

බෙරපදේ තාල මත්තට නෑසේද

සීපදේ හවස් ජාමෙට ගොලුවේද
සකිසඳේ නුඹත් ගම අතහැර යාද
හෙට උදේ දකින්නට බැරි වෙයි නේද

කීන දං හිඹුටු බෝවිටියා සුවඳ
පේනතෙක් මානයෙන් ඈත
ට යාද
හේන කුඹුර ඕවිට අමතක ඇයිද
මූනවත් බලාගන්නට බැරිවෙයිද

දුලා දිමුතු මුතු හර පලඳින කලට
වළාකුලක සේලේ ගතලන කල

සලා සිමර දෝලාවල යන කලට
රිලා මොටයි සේ අප පෙනෙතිද නුඹට

ඉරක් ලඟට ගියහොත් කරවෙනවාය
විලක් තුලට බැස්සොත් බොරවෙනවාය
මලක් කඩා ගත්තොත් පරවෙනවාය
රජෙක් ලඟට ගත්තොත් වරදිනවාය

රජ අණක් වෙතොත් බෑ හැංගිල ඉන්ට
හැංගුනොත් වේවි දං ගෙඩියට යන්ට
පෙර පිනක් තියෙනවා නම් පල දෙන්ට
මට ඉඩක් ලැබීයං ආප
සු එන්ට



This entry was posted on Friday, February 25, 2011 and is filed under , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

2 comments

මේක බ්ලොග් සින්ඩිකේටර් වලට දාලා නැද්ද...?
මේවා යහමින් මිනිස්සු අතරට යායුතු දේවල්..

රසවත් අතීතයකට ගිහින් එන්න ලැබුණ. ඉතාමත් ස්තූතියි

ජයවේවා!

Post a Comment

මතක සටහන්