මදුරා පුර  

Posted by: Sinhala Noorthi in , ,


නා‍ට්‍ය‍ය‍ - අන්දරේලා (ජයලත් මනෝරත්න)
ගායනය - රත්නා ලාලනී, ..

මදුරා පුර රජ ගෙය
ක උපන්නේ
නොකැරා සැප සම්පත් වළඳින්නේ
පවරා අග මෙහෙසිය වී එන්නේ
මෙපුරා මං ගැන කවුද නොදන්නේ

හද්දා පිටිසර පැලක උපන්නේ
වේලක් ඇර වේලක් බඩගින්නේ
කරදර විතරයි තනියට ඉන්නේ
ඉපදුනු කරුමෙට ජීවත් වන්නේ

සත්මහලෙන් සැදි මැදුරක වාසේ
අතට පයට දැසි දස්සන් බොහොසේ
දුකක් ලතැවුලක් කිසි දින නෑත්තේ
අපට ජීවිතේ මිහිරියි මී සේ

දොරකඩ ගහකින් පොලොස් කඩාගෙන
කමතෙන් මැල්ලුම් මිටක් හොයාගෙන
රසට උයා පොඩි එකත් වඩාගෙන
ඉන්නව හිමි එන අයුරු බලාගෙන

මුළුතැන්ගෙයි රස මසවුලු බෝමයි
නිසි කල උණු දිය ඇල් දිය
නෑමයි
සුවඳ කොකුම් සියොලඟ ගැල්වේමැයි
අපිට දිවිය මල් උයනක් සේ මැයි

බැරි නම් හොද්දක් ඒඳාගන්ට
බැරි නම් රෙද්දක් හෝදාගන්ට
බැරි නම් මිදුලක් අතුගාගන්ට
මොනව ඇතත් මොකටද ගෑණුන්ට





රජෙක් නැතිව රටක් මොටද  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍යය - අන්දරේලා (ජයලත් මනෝරත්න)
ගායනය - ජයසිරි චන්ද්‍රජිත් ඇතුළු පිරිස

රජෙක් නැතිව රටක් මොටද ඇහුවෙ පෙර අපි
රටක් නැතිව රජෙක් මොටද අහමු අද අපි//

කොඩි බැදලා, බෙර ගහලා අශ්ඨක ජය මගුල් කියා
වරමාති ශුභ චරිතේ
ලංකාපති නරේන්ද්‍රසිහ නුපතේ
කොඩි බැදලා, බෙර ගහලා අශ්ඨක ජය මගුල් කියා
පත්තිරිප්පුවට නැගලා ජනවරමේ බලය කියා

ඕලන්දෙන් රැගෙන බලේ
එංගලන්තෙ තබන වෙලේ
සිංහලුනගෙ බිඳුන බලේ
කවදා ගොඩ නගමු මලේ

රජ්ජුරුවෝ උඩයි උඩයි
අපි පොඩි උන් බිමයි බිමයි//
අන්දරේලා මැද ඉදගෙන
ආ............
දෙපැත්තටම විහිළු කරයි

රට යනවා පරදේසෙක
අපි යනවා පරලෝකෙට
අන්තිමේදි බලපුවාම
අන්දරේලා අපි සේරම//
අන්දරේලා........////


කොයි දේසෙක හිටපු රජෙක් දෝ  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - අන්දරේලා (ජයලත් මනෝරත්න)


උතුම් බුදු රුවනේ - ලොව්තුරු ද
හම් සරණේ
සමග සඟ රුවනේ - සදා නමදිමි මෙතුන් සරණේ
ආ...........................

සිරිලක්දිව පොරණ සෙංකඩගලෙහි සසොබන
සෙමෙන් රට කරවන සිංහලේ අපෙ මහා නිරිඳුන
ආ...........................

ලන්සි එ පර දේසෙන් ආ - බෝදුක් කර
දර ව්‍යසන
සිංහල නරනිඳු අදහස - සිත සංසුන් කරවගන්ට
සිත සංසුන් කරවගන්ට

සුන්දර කවි කතා ගොතන - බමන කවටයෙකු සොයන
දොන්ත ගුගුඳ ගති ගුඳගත් - අණබෙර පතුරුවා හරින
අණබෙර පතුරුවා හරින

[කොයි දේසෙක හිටපු රජෙ
ක් දෝ
මොන කාලෙක හිටපු රජෙක් දෝ] //

ඒව මේව වැඩි විස්තර දන්නෙ නැතුවට
මෙහෙම රජුන් කොයි දේසෙත්
ඉන්නවා අදට
ඊයෙ හිටිය අද ඉන්නවා...... හෙට ගැන කුමට

[රජ්ජුරුවෝ හිනස්සන්න විහිළු කාරයෝ
බිසව් තොමෝ සනස්සන්න විහිළු
කාරයෝ] //
[පඩිනඩි නෑ කාලා බීලා හිටියොත් මදිද
රජ්ජුරුවෝ හිනස්සලා මැරුණ
ත් මොකද] //
[රජවරු කිව්වම කොච්චර රාජකාරි ද
විහිළු තහළුවක් හිතන්න වෙලාව කොහෙද]//
[රජා හිනාගන්නන එක ලේසි වැ
ඩක්ද
අන්දරේව ඕන උනේ ඒ නිසාවද] //

එන්ට එන්ට ප්‍රශ්න වැඩිවෙයි රජ්ජුරුවන්ට
අන්දරේට වැඩත් වැඩිවෙයි ඒ හින්දාම
තනි මිනිහට හැකිවේවිද විහිළු කරන්ට
අන්දරේලා ගොඩක් වෙච්චි රජා ව
ටේට //

රජවරුන්ට ප්‍රශ්න වැඩී
එන්ට එන්ට ඔළු
ව බරයි
[ඉතින් එදා ඉදලා හැමදාමත් හැම දේසෙත්
අන්දරේලා ගොඩක් වෙච්චි රජා වටේට]//

අන්දරේලා.................
...



මතක සටහන්