කොයි දේසෙක හිටපු රජෙක් දෝ  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - අන්දරේලා (ජයලත් මනෝරත්න)


උතුම් බුදු රුවනේ - ලොව්තුරු ද
හම් සරණේ
සමග සඟ රුවනේ - සදා නමදිමි මෙතුන් සරණේ
ආ...........................

සිරිලක්දිව පොරණ සෙංකඩගලෙහි සසොබන
සෙමෙන් රට කරවන සිංහලේ අපෙ මහා නිරිඳුන
ආ...........................

ලන්සි එ පර දේසෙන් ආ - බෝදුක් කර
දර ව්‍යසන
සිංහල නරනිඳු අදහස - සිත සංසුන් කරවගන්ට
සිත සංසුන් කරවගන්ට

සුන්දර කවි කතා ගොතන - බමන කවටයෙකු සොයන
දොන්ත ගුගුඳ ගති ගුඳගත් - අණබෙර පතුරුවා හරින
අණබෙර පතුරුවා හරින

[කොයි දේසෙක හිටපු රජෙ
ක් දෝ
මොන කාලෙක හිටපු රජෙක් දෝ] //

ඒව මේව වැඩි විස්තර දන්නෙ නැතුවට
මෙහෙම රජුන් කොයි දේසෙත්
ඉන්නවා අදට
ඊයෙ හිටිය අද ඉන්නවා...... හෙට ගැන කුමට

[රජ්ජුරුවෝ හිනස්සන්න විහිළු කාරයෝ
බිසව් තොමෝ සනස්සන්න විහිළු
කාරයෝ] //
[පඩිනඩි නෑ කාලා බීලා හිටියොත් මදිද
රජ්ජුරුවෝ හිනස්සලා මැරුණ
ත් මොකද] //
[රජවරු කිව්වම කොච්චර රාජකාරි ද
විහිළු තහළුවක් හිතන්න වෙලාව කොහෙද]//
[රජා හිනාගන්නන එක ලේසි වැ
ඩක්ද
අන්දරේව ඕන උනේ ඒ නිසාවද] //

එන්ට එන්ට ප්‍රශ්න වැඩිවෙයි රජ්ජුරුවන්ට
අන්දරේට වැඩත් වැඩිවෙයි ඒ හින්දාම
තනි මිනිහට හැකිවේවිද විහිළු කරන්ට
අන්දරේලා ගොඩක් වෙච්චි රජා ව
ටේට //

රජවරුන්ට ප්‍රශ්න වැඩී
එන්ට එන්ට ඔළු
ව බරයි
[ඉතින් එදා ඉදලා හැමදාමත් හැම දේසෙත්
අන්දරේලා ගොඩක් වෙච්චි රජා වටේට]//

අන්දරේලා.................
...



This entry was posted on Wednesday, April 06, 2011 and is filed under , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්