රජෙක් නැතිව රටක් මොටද  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍යය - අන්දරේලා (ජයලත් මනෝරත්න)
ගායනය - ජයසිරි චන්ද්‍රජිත් ඇතුළු පිරිස

රජෙක් නැතිව රටක් මොටද ඇහුවෙ පෙර අපි
රටක් නැතිව රජෙක් මොටද අහමු අද අපි//

කොඩි බැදලා, බෙර ගහලා අශ්ඨක ජය මගුල් කියා
වරමාති ශුභ චරිතේ
ලංකාපති නරේන්ද්‍රසිහ නුපතේ
කොඩි බැදලා, බෙර ගහලා අශ්ඨක ජය මගුල් කියා
පත්තිරිප්පුවට නැගලා ජනවරමේ බලය කියා

ඕලන්දෙන් රැගෙන බලේ
එංගලන්තෙ තබන වෙලේ
සිංහලුනගෙ බිඳුන බලේ
කවදා ගොඩ නගමු මලේ

රජ්ජුරුවෝ උඩයි උඩයි
අපි පොඩි උන් බිමයි බිමයි//
අන්දරේලා මැද ඉදගෙන
ආ............
දෙපැත්තටම විහිළු කරයි

රට යනවා පරදේසෙක
අපි යනවා පරලෝකෙට
අන්තිමේදි බලපුවාම
අන්දරේලා අපි සේරම//
අන්දරේලා........////


This entry was posted on Wednesday, April 06, 2011 and is filed under , , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්