සුන්දර වත නුඹ  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - ආටානාටිය (ජගත් මුතුකුමාරණ)
ගායනය - රොඩ්නි වර්ණකුල


සුන්දර වත නුඹ - සුන්දර ත
රු මල
පින්බර වේය සඳු - පෑයූ සේ මෙපුර
රන්කුඹු සේ මැයි - දිලෙනා තිසර යුග
රියසක සේ මැයි - වැනෙනා පුළුලුකුල

දිමුතු දසන් පෙල - පිපිලා මුව කමල
සුමුදු සිනිඳු ඡවි - කල්‍යාණිය රනි

සිනිඳු වරල බැඳ - සැලෙනා සේ සෙමර
නර්තන සොබනා - පිරිවර මැද රඟන //

නන්දන රුවිනා - රාජිණියනි මෙපුර
කෝමළ ගතිනා - යනවිට ඇත් ගමන
පෙම්බර වෙමිනා - තෙපලන විට තෙපුල
කොයි වෙන අඟනා - සරිවෙන මගෙ රැජිණ //


This entry was posted on Tuesday, May 24, 2011 and is filed under , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්