අන්න බලන් සඳ  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - කුණ්ඩලකේශී (මහගම සේකර)
මුල් ගායනය - බෙන් සිරිමාන්න, ට්‍රිලීශියා ගුණවර්ධන
නව ගායනය - එඩ්වඩ් ජයකොඩි , සන්ධ්‍යා දීපානි

අන්න බලන් සඳ රන් තැටියෙ
න්
සුදු සීත ගඟුල් ගලනා
හද සෝක තැවුල් නිවනා
//

චන්දන පල්ලව කෝකිල කූජන
සංගීතයේ පැටලී//
සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ//
ආදර බස් කියනා
හඬ දේවිනි කන් පිනනා

අත් පසුරෙන් තුරු පෙම්බරයන්
බඳ බන්දා සෙනේ සිතිනි
ලිය වැල් පැටලී ගොසිනී
//
පුෂ්ප පිපී මකරන්ද ගලා ඒ
මාරුතයේ හැපිලා//
මන්මද රංගන මණ්ඩපයේ මෙම//
මන්ද බලා හිඳි
නේ
තව පෙම්බර මා සාමිනේ

අන්න බලන්
සඳ ..


මුල් ගීතය

This entry was posted on Thursday, July 14, 2011 and is filed under , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

1 comments

this is a great work..really appreciate this blog..this is very precious one...

Post a Comment

මතක සටහන්