හකුරුත් දුංකොලත්  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - තල මල පිපිලා (ජයලත් මනෝරත්න)
ගායනය - ජයලත් මනෝරත්න


හා!පටන් ගනිමු!!
සොකරි කතාවේ පරයට දුම් පෙවීම.

තෙයියත් තෙයියත් තෙයියත් තා
තෙයියත් තෙයියත් තෙයියත් තා
තෙයියත් තෙයියත් තෙයියත් තා

හකුරුත් දුංකලත් කංසා එක පමන
ඇඹරූ ලෙසට අල්ලේ පොඩිකරල ගෙන
කංසා ගඩුගුඩාවට දිය වත්කරන
ගුරුවත් සොකරිත් බොති කංසා ඉ
ඟන

මටාත් දියාන් ගුරුහාමී කංසා ඉල්ලන
තටා දෙන්ට කංසා නැත ගුරුවා කියමින
පිහා කැත්ත අතේ ගගා මුවඅත බලමින
මටාත් නොදූන්නොත් කංසා ගුරුවා මරමින

හිංසා පීඩා විඳින්ට මුන්ගෙන් මට
බැරුවා
කංසා ගඩුගුඩා පොල්ල කොන්ට අතට දෙනවා
පිස්සා වෙන්නට සොකරි පරයට දුම් පෙව්වා
උස්සා දමලා පරයගෙ කංස දෙකට එලුවා

රාමා රාමා මගෙ හොඳ රාමා
කංසා බීලා මත්වුනු රාමා
රාමා රාමා මගෙ හොඳ රාමා
අම්මා ආවා නැගිටින් රාමා//
//



This entry was posted on Thursday, July 14, 2011 and is filed under , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්