කලට යලට  

Posted by: Sinhala Noorthi in , , ,

නාට්‍යය - රාජ කපුරු (ජනක් ප්‍රේමලාල්/සිරිසේන ප්‍රේමලාල්)
ගායනය - රවින්ද්‍ර යසස් කුමානායක


කලට යලට වැහි වැහැලා
ගොවිතැන් බ
ත් සරුවුනාය
එතෙර මෙතෙර තෙර නොපෙනෙන
වැව් තටාක ඉදිවුනාය///

අහස උසට මහ දාගැබ්
පින් කෙත් වී වැජඹුනාය
සකල සිරින් පිරි සිරිලක
දහම් දිවයිනක් වුනාය///

අතීතයේ සිදුවුනුදේ
අද එලෙසම සිදුනොවෙතේ
අනාගතේ සිදුවෙන දේ
හිතෙනකොටත් පුදුම හිතේ///

හිතෙන දෙයක් සිදු නූනට
ඒකට ලතවෙන්න එපා
නොහිතන දේ සිදුවුනාට
ඊටත් ලතවෙන්න එපා///

සකල සිරින් පිරි සිරි ලංකාවේ පුදුම හතේ වැඩ සිදුවෙනවා//
අටවෙනි පුදුමේ ඔන්න සුදනනේ බලාගනිල්ලා ලඟ එනවා//
මඟුලතු ඇවිදින් පින් ඇති කෙනෙකුගෙ පාමුල වැ
ටිලා නමදිනවා//
ඒ පින් ඇත්තා එදා පටන් අපෙ සිරි ලංකාවට රජ වෙනවා//
සිරි ලංකාවට රජ වෙනවා//


This entry was posted on Tuesday, October 25, 2011 and is filed under , , , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්