මේ තියෙන්නෙ කන්තෝරුව  

Posted by: Sinhala Noorthi in

නාට්‍යය - ජනේලය (හෙන්රි ජයසේන) (1961)
ගායනය - සැන්ටින් ගු
ණවර්ධන සහ පිරිස

මේ තියෙන්නෙ කන්තෝරුව
වැඩ අරඹන කන්තෝරුව
වැඩ නිමවන කන්තෝරුව
මහ රැජිනගෙ කන්තෝරුව

මේ තියෙන්නෙ කන්තෝ
රුව..

ලොක්කන් එනවා ඇවිල්ල යනවා
ආයෙත් එනවා ඇවිල්ල යනවා
කන්තෝරුව නම් මෙහෙ නවතිනවා

මේක තමයි කන්තෝරුව
මං ඉපදුනු කන්තෝරුව
වයසට යන කන්තෝරුව
පණ යන තුරු කන්තෝරුව
මට විතරක් නැති මාරුව
මේක තමයි කන්තෝරුව
මෙතන තමයි කයිවාරුව
මේක තමයි කන්තෝරුව

උදේට එනවා හවසට යනවා
ජනෙල් අරිනවා ජනෙල් වහනවා
හවසට යනවා උදේට එනවා

මගෙ නම පුටුපාලයා
මෙතන පියුම්කාරයා
තරහ ගියොත් මාරයා
මගෙ නම පුටුපාලයා




This entry was posted on Thursday, April 19, 2012 and is filed under . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

1 comments

මේ කර්තව්‍යයේ වටිනාකම කියන්න බැරි තරම්. ඒ වගේම මහඟු සද්කාර්යයක්. මොකද අද වෙද්දි වේදිකා නාට්‍ය, නූර්ති, නාඩගම් ගීත ගුවන් විදුලි,රූපවාහිනී මාධ්‍ය වලවත් ප්‍රචාරය වෙන්නෙ නෑ. ඒ වගේම මේ සංයුක්ත තැටි හෝ සොයා ගැනීම දුෂ්කරයි.

Post a Comment

මතක සටහන්