පායන මේ බැද්දෙ  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - රාමායණය (නීතිඥ ජෝන් ද සිල්වා)
ගායනය - අමරසිරි පීරිස්

පායන මේ බැද්දෙ තාරපති ද මේ
ආල නොවී ඉන්ට කාට හැකිද මේ
දිලිසේ දත් මුතු සේම සුබාවී//
වරලේ රඳවා පුෂ්ප සුදිලිසේ
ආල නොවී ඉන්ට කාට හැකිද මේ//
පායන මේ බැද්දෙ තාරපති ද මේ
ආල නොවී ඉන්ට කාට හැකිද මේ

නාස නැමී ස්වර්ණ අංකුස ලෙස වේ//
දෑස ඇගේ ඉන්ද්‍රනීල මැණික සේ
ආල නොවී ඉන්ට කාට හැකිද මේ//
පායන මේ බැද්දෙ තාරපති ද මේ
ආල නොවී ඉන්ට කාට හැකිද මේ

ලෙලදේ පුන් තන සෞම්‍ය ලඳාගේ//
දැකලා කැලඹේ හර්දෙ මාගෙ බෝ
ආල නොවී ඉන්ට කාට හැකිද මේ//
පායන මේ බැද්දෙ තාරපති ද මේ
ආල නොවී ඉන්ට කාට හැකිද මේ//




This entry was posted on Wednesday, June 13, 2012 and is filed under , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

3 comments

මේක නතර කරලද තියෙන්නේ? මරු බ්ලොග් එකක්.අදමයි ආවේ.

අදමයි ආවේ.දුර්ලභ ඝනයේ බ්ලෝග් එකක්.
http://manasindiviyata.blogspot.com/

බාගත කරන්න බැ.

Post a Comment

මතක සටහන්