යුධ බිමේ ගීතය  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967)
ගායනය - මානෙල් ජයසේන

යුධ බිමේ ගීතය

පෙම්වතුන් යත යුධයට පෙම්වතිය යයි පසුපස
හඬා වැලපී මෙසේ කියමින් අහෝ පෙම්වත අසනු මේ බස
යුධ වදින කල ඔබ ගොස් ඉදිරියෙන් නම් එපා යන්නට
පසුපසින් වුව එපා යන්නට ඉදිරියේ ඇත රුදුරු ගිනි කඳ
පසුපසින් බියකරු දුමාරය යුධ බිමේ මැද මිස නොයන්නේ
උන්ය ආපසු ගෙදර එන්නේ


අප්පා උඹේ හොර දෙටුවා  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967)
ගායනය - මානෙල් ජයසේන


අප්පා උඹේ හොර දෙටුවා අම්මා හරිම කුණකටුවා
ඒ හින්දා පුතේ නුඹට මුළු ලෝකෙම දණ නමාවි
කන්ද උඩින් මම යන්නේ කරෙන් නුඹව ගෙනියන්නේ
මග බලමින් අර ඉන්නේ මාමා උඹේ බලපන්නේ



සතරදෙනෙක් සෙන්පතියෝ  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967)
ගායනය - මානෙල් ජයසේන


සෙන්පතියන් සිව්දෙනාගේ ගීතය

සතරදෙනෙක් සෙන්පතියෝ මගට වැදී යුදට ගියෝ
යුද්දෙට ගිය ඔලුගෙඩියෝ උන්ගේ හැටි කියාපියෝ
උන්ගේ හැටි කියාපියෝ..
පළවෙනියට බියක් හිතේ දෙවැනියාට හති වැටෙතේ
තුන්වැනියා මග මැරෙතේ අන්තිමයා පැන දුවතේ
අන්තිමයා පැන දුවතේ..
පස්වැනියෙක් මග එන්නේ ඔහු නෑ යුද්දෙට යන්නේ
ඉර හඳ තරු පායන්නේ ඌටලු බොල බලපන්නේ
ඌටලු බොල බලපන්නේ



ගන්නෙ නැති නිසා  

Posted by: Sinhala Noorthi in , ,


නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967)
ගායනය - මානෙල් ජයසේන


ගන්නෙ නැති නිසා කවුරුත් පුතු උඹ මම අරගන්නවා
උඹට නැති නිසා කවුරුත් මම අම්මයි හිතං පුතේ
කරපින්නං ආපු හින්දා දෙපා මගේ රිදෙන  හින්දා
ගිනි ගණනට කිරි අරගෙන උගුර උගුර දීපු හින්දා
මගෙ සිත බැඳුනාය පුතේ උඹ නැතිවම බැරිය පුතේ//
සේද පිළී විසිකරලා කඩමළු ඇඟ ඔතාලා
සිහිල් දියෙන් දොවාලා පොදක් වතුර පොවාලා
මං උඹ උස්සං යනවා කරපින්නාගෙන යනවා//


මතක සටහන්