විදා අත්තල  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967)
ගායනය  - විජේරත්න වරකාගොඩ


විදා අත්තල දෙනින් දෙන දේ රැගෙන හෝ නොම රැගෙන පොදු දේ
නිධානයකින් රැගෙන දෙන මෙන් යුක්ති ධර්මය සැමට බෙදුවේ
එදා පිටවූ විනිසුරූ ඒ යළිත් නැත කිසි දිනෙක දුටුවේ
මෙදා වනතුරු ඔහුගෙ අණ ගුණ දනන් තුඩ තුඩ තවද කියවේ//
බෙදූ එම නීතිය තිබුනු වූ කෙටි යුගය ඒ රට
ස්වර්ණමය යුගයක්ම වූ බව දනන් තුඩ තුඩ තවත් පැවසෙති//
හුණු වටය පිළිබඳ ඇසූ මෙපුවත සබේ වියතුනි
පැවසු ලෙස දන පුරාණේ තබාගනු මැන සිතෙහි මෙවදන//
දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිතිවිය යුතූ
මකියනා ලෙස මේ ලෙද ලැබිය යුතු අයටම ලැබිය යුතු//
මව් ගුණය ඇති අය දරුවන් දිනිය යුතු වෙය
රියදුරු මනා වූ ලැබිය යුතු වූ සේම අස් රිය//
මුදු ගුණය ඇති අය දරුවන් දිනිය යුතු වෙය
ගොවි දන මනාවූ දිනිය යුතු වූ සේම ගම් බිම්///


http://app.box.com/s/iaqmfo3cjcygrw4xbluv

ඇතිමුත් මිණි මුතු  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967)
ගායනය  - සුදත් සේනාරත්න


ඇතිමුත් මිණි මුතු අබරණ
දිනුමුත් සම්පත් අපමණ
උව හොත් රජ නපුරූ ලෙස
රුදු වග වලසුන් විලසේ
උඹ මිනිහෙක් වෙයන් පුතේ
කුසගිනි වෙයි එකම සතුරු
අඳුරට බිය වෙයන් පුතේ
හිරු එළියට බිය නොමවී
 
http://app.box.com/s/ep7uoe9a8zyg47ylxajt





අත්තම්මේ මහඟු  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967)
ගායනය - හෙන්රි ජයසේන


අත්තම්මේ මහඟු සිල්වත් වු ගුණවත් වු
කතාව දුක්බර වු සාරවත් කල මේ කටුක බිම
ඔබ පුත් සියළු දෙන වැටුනෝය නිසරු යුද්දෙන්
බරින් ජීවිතයේ ඔබ ගත නැමී ගියමුත්
මෑණියනි එඩිතර නැමී වැහැරී සිටිනා
පව්කාර අප වෙත ඔබේ ආසිරි සුසුම් දෙනු මැන

http://app.box.com/s/nei68iyslib4mcfommug


දෙදරවා නීතිය  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967)
ගායනය - සුදත් සේනාරත්න

දෙදරවා නීතිය ගුගුරුවා සිය වදනින්
විනිසුරු මේ මහඟු නීති බින්ඳෝ එය රැකීමට
ලබනුවස් යුක්තිය සාධාරණය නීතිය
හිස් අතින් සපැමිණි දනෝ පීඩිත එය ලැබූවෝ

දෙවසක් මේ අයුරු ගුණෙන් අගුණෙන් ගෙවූ නීතිය
කාලය නිමාවිය රටේ කලබල කැරලි නිම විය
පැනගිය ඒ දවස මහ රජ යලිත් රජ විය
බිරිඳ ද යුව රජුගෙ ඇවිත් යළි නූකා නගරයට

පැවැත් විය නඩුවක්
ඇගේ පුතු යළි ලබා ගන්නට..

http://app.box.com/s/yfp4l4of5bcbubx4nlxg


උතුරාය හද තුල  

Posted by: Sinhala Noorthi in , ,


නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967)
ගායනය - මානෙල් ජයසේන


උතුරාය හද තුල කී නොකී වේදනා දහසක්
..ට දුන් වසසුන්ව සිතූ දේ ඈ දැන් අසනු මැන
සිතූ දේ ඈ දැන් අසනු මැන

" යුධ බිම ඔබ සටන් කරනා විට නොපැකිල
මට ද විය සටනක් රුදුරු බියකරු කුරිරු සටනක්
අනාතව අසරණව අතරමංවී යුධ බිම
වැටී හුන් දරුවෙකුට මම ලැගුම් දුන්නෙමි
තනිවී දුරු කතර වැටී හඬනා බිම..
බැටළු පැටවෙකු ගෙන යන ලෙසින් කරපින්නා "

http://app.box.com/s/m1xtaxhumq1j91ux78k2

ඇවිදින්ය ආපසු  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967)
ගායනය - සුදත් සේනාරත්න


කියවුනු වදන් ඇත නොකියුනු වදනුත් බොහෝ වෙත
ඇවිදින්ය ආපසු සොල්දාදුවා යුධ ගිය
ඔහු නැත කියන්නේ කොහින් කෙලෙසින් පැමිණියේ දැයි
නොදෙඩූ වදනකින් ඇසුව මැන ඔහු සිතේ සිතු දෙය

" හිමිදිරිය ඇරඹුනු සටන් දැඩි විය දහවල
උන්නෝ ඉදිරියෙන් පසුපස හා දෙපැත්තෙන්
වැටුනෝය යුධ බිම.. උන් උඩින් පැන පැමිණියෙමි මම
ඉඳ නිරාහාරව උගුර තෙමමින් බොර දියෙන් මඩ
ගෙවා ගිරි කඳූ හෙල් දිවා රෑ මග ගෙවා ආයෙම් "

http://app.box.com/s/o5daze2w8djnhqwcnm0y

ඈ සිටියදී ගංතෙර  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967)
ගායනය - සුදත් සේනාරත්න

ඇඳුම් සෝදනුවස් ඈ සිටියදී ගංතෙර
දිසිවිය ඔහුගෙ පිළිරුව මැවී පැහැදිලි දිය මත
සඳින් සඳ මෝරත පොහොයෙන් පොහොය ගතවෙත
ඔහුගෙ වත ඈ සිත මදින් මද වූ සේය අනුරූ
සඳින් සඳ මෝරත පොහොයෙන් පොහොය ගතවෙත
බඩවැටියෙන් ඇසුනු වදන් වල හඬ ඔහුගේ අඩුවී ගියා සේ විය
පැමිනිලි ද සැමිගේ සුසුම් සමගින් ඈ නැගු කඳුළුත් දහා බිඳුත්
අතර ගතවෙයි කාලය සිඟිති දරු පැටියා ද වඩමින්

http://app.box.com/s/mic5tueqv1ca8g7465wz


මතක සටහන්