දුලා නෙතු පුලා  

Posted by: Sinhala Noorthi in ,

නා‍ට්‍ය‍ය‍ - මනමේ (මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර)
 
දුලා නෙතු පුලා දිසි ස්වර්ණලතා 
සේ මෙලඳා දුලා නෙතු පුලා
ලත් හිරු රැස් ලෙස පද්ම විකසිත 
සිත් මාගේ පත්වේය තෘප්ත විලසට //

කසුන් ලොව තුලා රසඳුන් නයනා
ලේප කරන කසුන් ලොව තුලා
මේ කුමරුන් හට වන්නට පියඹ 
සන්තෝස වේද සිත් අසනු කුමට //

දුලා නෙතු පුලා දිසි ස්වර්ණලතා 
සේ මෙලඳා දුලා නෙතු පුලා

http://app.box.com/s/3gy5dpxtvv40t9zuj2hv

This entry was posted on Sunday, June 01, 2014 and is filed under , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

4 comments

ඔබට ස්තූතියි............

හයේ පන්තියේ සංගීත පාඩම පටන් ගත්තෙ මේ ගීයෙන් අදටත් ඇහුවම රසයෙන් අඩුවක් නැති.
ස්තූතියි ඔබට

පදවැල බැලීමට විතරක් නොව ගායනද ඇසීමට සැලැස්වීම ගැන ඔබට ගොඩක් ස්තුතියි. ඉස්සරහටත් මේවගේ හොඳ වැඩ කරන්න.

බොහොම කාලෙකින් මේ පැත්තේ ආවේ. හරිම අපූරුයි මිතුරිය, ඔබේ මේ උත්සාහය. තාමත් මේ සොඳුරු බ්ලොග් අවකාශයේ ජීවය පවත්වාගෙන යෑම ගැන. ඒ සොදුරු අතීතය සිහිවෙනවා...
සැරදේවා !!!!

90210

Post a Comment

මතක සටහන්