නන් සිරින් වොරැඳි  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - මනමේ (මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර)


නන් සිරින් වොරැඳි බරණැස් පුරයේ
බරණැස් පුරයේ
තෙද යුත් උතුම්වූ පාලනා මා පිය වේ
තෙද යුත් උතුම්වූ පාලනා මා පිය වේ

වී එතරා සිප් සයුරා //
ධනු ශිල්පේද යුදයට නෙක කඩු හරඹද
උගත්තෙමිය මම නැණයෙන් සිතු ලෙද //

නන් සිරින් වොරැඳි..
 
යන්නට වේය දැන් කල් පැමිණා මට
කල් පැමිණා
පිය රජුගෙන් අණ ලද්දෙමි සිය රටටා
පිය රජුගෙන් අණ ලද්දෙමි සිය රටටා

ගොස් එපුරා රජ වී එහෙටා //
මැති දනන්ගෙ මන සොඳ
පොබයන සඳ ලෙද
දැහැමින් රජකර වෙසෙමිය තුටු ලෙද //

නන් සිරින් වොරැඳි..
http://app.box.com/s/fbbgfpp56567nbo8evto

This entry was posted on Sunday, June 01, 2014 and is filed under , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

0 comments

Post a Comment

මතක සටහන්