බලා ඉඳිම් මා  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - රොමියො සහ ජුලියට් (සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර)
ගායනය - යමුනා විනෝදිනී


බලා ඉඳිම් මා රොමියෝ මා ප්‍රියා//
දැක මා සිතේහි පෙම් රාසී
බෝවේ ආලේ බසක් කරන්ටා
දැකුම් මෙ දෝ දැන් කොයි කාලේ
මා බඳ සුරත දමා තෙපුල් කරාදෝ//
ස්වර්ණ රෝමියෝ යෞවනා
ප්‍රාණේ මා වෙත් නිතින්ම වේයා
කුමක්ද නැත්තේ කල් බෝ වේ


http://app.box.com/s/shak0mztrggp3yrrm6un

මේ රාත්‍රි නිමල්  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍යය - රොමියො සහ ජුලියට් (සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර)
ගායනය - කෝලිත භානු දිසානායක, යමුනා විනෝදිනී


 මේ රාත්‍රි නිමල් ස්ථාන සොයා ආමි මේ බලා
අතවැස්ම මෙ මම නම් මා ලොලි ප්‍රීති වේ තිරා
දුක් රාශි මාගෙ කොහොම නිවන්නේ ද රූ කතා
පෙම් පෑවු ශ්‍රියා කාන්ති නිසා ආලෙවේ නිති
යස ආලෙ වේ නිති
ශ්‍රියවන්ගෙ බසා නාහ මසිත් යාය වේ පරා//

මා නේත්‍ර ලකල් රොමියො නුඹා කොයිබදෝ කතා
සිත දුක් වේ මගෙ පින් වු රොමියො කෝ බලන් වතා
මක් වේදො අහෝ ආවොතින් මො නෑ කෙනෙක් පතා
මගපෙන්වූ ඔය කව්ද රොමියො ආලෙ බෝ තදා
ආලෙ බෝ තදා//

http://app.box.com/s/o2vap3wvtgmj6j3x734j

නැද්ද සිතේ අනුකම්පා  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - මනමේ (මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර)

 නැද්ද සිතේ අනුකම්පා මෙමා හට
නෑ මට අන් සරණා වෙනූ කරුණා
මා පෙම් වඩනා රජිඳු මනා
මා හැරා මා හැරා ඇයිද යන්නෙ දැඩි සිතිනා//
වින්ඳ මෙවන් දුක මෝඩ මනු ලොව
ඇද්ද වෙන අඟනා තිලෝ පාලනා
දෙවිඳුනි මා රකිනු මැනා
මා දෙසා මා දෙසා බලනූය දයා ඇසිනා// 

http://app.box.com/s/y028z28lwlrcdbwxhkp3
 

අන්ද මන්ද වූයේ  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - මනමේ (මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර)

 අන්ද මන්ද වූයේ මසිතා මෙපුවතින
කිම්ද වූයේ නොදැනේ අරුමා
මේ පුවතින කිම්ද වූයේ නොදැනේ අරුමා
සරණ කර සිටි නරන හිමි හට//
කරන අනවින මෙවැනි බිහිසුණු//

වෙන්ට කමා වැදි රජිඳේ මෙ වරදට
බැන්ද සෙනෙහස හින්දා
මේ වරදට බැන්ද සෙනෙහස හින්දා
චපල විය සිත ප්‍රබල ආලෙන්
නොතලනුය මා දුබල ජීවය
චපල විය සිත ප්‍රබල ආලෙන්
නොතලනුය මා දුබල ජීවය//

සින්ඳවූ ගෙල සැමියා කවර සෙනෙ
යන්ට යව වනේ නොසිටා
කවර සෙනෙ යන්ට යව ව
නේ නොසිටා
අමන ගති ඇති මෙවැනි අඟනන්//
ම වැනියන් හට කුමන සරණද//
සින්ඳවූ ගෙල සැමියා කවර සෙනෙ
යන්ට යව වනේ නොසිටා
කවර සෙනෙ යන්ට යව
නේ නොසිටා


http://app.box.com/s/iusigm011s0xmg9bojc0


මතක සටහන්