ලදරු බසෙකින්  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967)
ගායනය - සුදත් සේනාරත්න


ලදරු බසෙකින් සියුම් හඬෙකින් ඇසෙන්නා සේ වීය ඉක්බිති
"නොයන් ලඳුනේ මා හැර පිහිටවුව මැන මා හට"
ලදරු හඬෙකින් පැසුනු බසෙකින් කියන්නා සේ වීය මේ ලෙද
"දුකට පත් උන්ගේ හඬට ඇවිටිලි කන් නොම දී
ඉක්මන් කර දෙපා යන්නියකට දිනෙක යම් නෑසෙන්නේය ලඳුනේ
සොඳුරු බස පෙම්වතෙකුගේ නැතහොත් මියුරු නාදය උදෑසන ගී ගයන සියොතුන"
අසමින් එම වදන් එක් වරක් යලි දැකගැනීමට සිඟිති මුව බිළිඳාගේ
මොහොතකට රැඳෙනුවස් තනි රැකීමට බිළිඳුගේ ඇය යලි ගියා ඔහු වෙත
කෙනෙක් එනතුරු ඉඳුමට බිළිඳාගෙ මව හෝ අන් අයෙකු හෝ
දැඩිවිය අනතුරක බිය.. ගුම්ගත්තේය එනුවර.. ගින්නෙන් හා ලතෝනියෙන්
යමෙක් මග එනතුරු දරුවා රැගෙනයන්නට ඈ මොහොතකට රැඳුනා
බලන් මේ අරුමය යහපත් බවේ සාපය
බොහෝ වේලාවක් දරුවා අසල උන්නිය ඈ
සවසත් ගෙවී ගෙවී මහ රෑ උදාවන තුරු හිරු
දැකේ තෙක් වේලා මුදු සුසුම් බිළිඳාගේ
සුරත් පැහැවූ සිඟිති අත්පොඩි හා
උදා වී එත හිරු..
හදේ සෙනෙහස නොහැකිව දරාගන්නට
නැගී සිට තරුණිය නැඹුරුව මුදු මොලොක් ලෙස
හෙලා සුසුමක් අහසට වඩා බිළිඳා දෝතින්
රැගෙන පා නැගුවාය විලසින්
සෙරක් සේ යන්නිය.. බියෙන් ලද පියවර මනින්නිය..


තේමා සංගීතය  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967)

තේමා සංගීතය


මතක සටහන්