Showing posts with label නිශ්ශංක දිද්දෙණිය. Show all posts

දුල් නිමල්  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - ඉයුජීන් නාඩගම (වී ක්‍රිස්ටියන් පෙරේරා)
ගායනය - නිශ්ශංක දිද්දෙණිය

දුල් නිමල් සිසි සේ දිසි සර දඹ
රේ
දිසි සර දඹරේ සිරි
කල් අකල් නිතරේ රැඳි පුර මැදුරේ සිරි
කල් අකල් නිතරේ රැඳි පුර මැදුරේ
තෙද නැඹලා.. කිත් පතලා//
රිසි ලන්දූ නයන නිති රැන්දූ රසාඳුන
බන්දූ මපිය නරනින්දු සසෝබන//
සව්සැපත් එකට පත්කල අයුරේ...
පත්කල අයුරේ....
ගරු සව්රියත් දනන් වසන මේ නගරේ
ගරු සව්රියත් දනන් වසන මේ නගරේ
සිප් සලේ....බොහෝ කාලේ//
සිට සරු නැණින සුර ගුරු සදිසි එඇඳුරු
වෙතෙහි නිරතුරුම වසනෙමි
ඇඳුරු වෙතෙහි නිරතුරුම වසනෙමි
තුන් රුවින් සලෙල බිඟු ලොල් කරන..
බිඟු ලොල් කරන..
සුනිමල් කමල් මෙපුර වරඟන උව
නා
සුනිමල් කමල් මෙපුර වරඟන උවනා
සක මෙමගේ... දුක නොහැඟේ//
යන සුබාරු සිරුරෙසු රඹාකිකල ලැබ
තඹා මසිත එපියඹා විඳිනු වෙද//
දුල් නිමල් සිසි සේ දිසි
දුල් නිමල් සිසි සේ... දිසි
දුල් නිමල් සිසි සේ දිසි
සර දඹරේ... දිසි
සර දඹරේ... සිරි
කල් අකල් නිතරේ රැඳි පුර මැදුරේ සිරි
කල් අකල් නිතරේ රැඳි පුර මැදුරේ

භූලෝ පැමිනි  

Posted by: Sinhala Noorthi in , , ,

නාට්‍යය - විධුර (නීතිඥ චාල්ස් ඩයස්)
ගායනය - මැණිකෙ අත්තනායක,නිශ්ශංක දිද්දෙණිය


භූලෝ පැමිනී රාග බෙ
ලේනී//
බැඳගෙන සිත යම් කෙනෙකුගෙ වැරසැර//
භූලෝ පැමිනී රාග බෙලේනී//

ආන්ත්‍ර වේදෝ එරන්දතීටා
නරලොව ගමනින් නුපුරුදු තොපටා//

බය නොසිතුව මැන මෙමා ගැනා
මෙමා ගැනා//
බය නොසිතුව මැන මෙමා ගැනා
මෙමා ගැනා//

භූලෝ පැමිනී රාග බෙලේ
නී//


සංග්‍රහ කලේ දැන්  

Posted by: Sinhala Noorthi in , ,

නා‍ට්‍ය‍ය‍ - පද්මාවති (නීතිඥ චාල්ස් ඩයස්)
ගායනය - නිශ්ශංක දිද්දෙණිය


සංග්‍රහ දැන් කලේ ප්‍රීතී සිත්හි මගේ පව
තී
සංග්‍රහ දැන් කලේ ප්‍රීතී සිත්හි අපේ පවතී
රජා මෙහී පත්වූ සන්දා මා සිත් බෝ ප්‍රිය වී මෙදා
රජා මෙහී පත්වූ සන්දා අප සිත් බෝ ප්‍රිය වී මෙදා
පවතීවා බොහෝ කල් මිතුදම් සතොසා//
සංග්‍රහ දැන් කලේ ප්‍රීතී සිත්හි මගේ පවතී
සංග්‍රහ දැන් කලේ ප්‍රීතී සිත්හි අපේ පවතී

මා සිත්හි බෝසේ බෝසේ ඇත්තේ මැයි
ලෙස පැවසූයේ
අප සිත්හි බෝසේ බෝසේ ඇත්තේ මැයි ලෙස පැවසූයේ
දැන් යමූ වාසනා නොලසා සතොසා//
සංග්‍රහ දැන් කලේ ප්‍රීතී සිත්හි මගේ
පවතී
සංග්‍රහ දැන් කලේ ප්‍රීතී සිත්හි
අපේ පවතී


පාද පාද දැන් නගා  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍යය -ශකුන්තලා (නිතිඥ ජෝන් ද සිල්වා)
ගායනය - නිශ්ශංක දිද්දෙණිය,නිරෝෂා විරාජිනි


පාද පාද දැන් න
ගා
ඇයි ද යන්ට නික්මුණේ

පාද පාද දැන් නගා
ඇයි ද යන්ට සිදුවුණේ//

සිත බැඳුනේ දුටු එසැණේ
නෙතු පිනුනෙය රූබරී

සිත බැඳුනේ දුටු එසැණේ
නෙතු පිනුනෙය ස්වාමිනේ

පාමි පාමි මා සෙනේ

පාද පාද ...

කිරීටයේ දිලෙන මේ ශිරෝමණී බඳූ //
මගෙ මෙ ශිරෝමණී බඳූ //
තොප දැක කෙලෙස ඉඳිමි
සොබන රුසිරැති ලඳා

ඔබ දැක කෙලෙස යමි ද
සොබන රුසිරු රජිඳ මා

පරසිදු රුසිරැති ලඳා
කුලඟන මේ මට නියමේ
නොදුවනු මගෙ ආදරේ
පාමි පාමි තී කෙරේ

සිත බැඳුනේ දුටු එසැණේ
නෙතු පිනුනෙය ස්වාමිනේ
පාමි පාමි මා සෙනේ

පාද පාද ...

හිතා උන්න සේම  

Posted by: Sinhala Noorthi in , ,

නා‍ට්‍ය‍ය‍ - සිරිසඟබෝ (නීතිඥ ජෝන් ද සිල්වා)
ගායනය - නිශ්ශංක දිද්දෙණිය


හිතා උන්න සේම රාජ ධූරේ අත්වී තිබේ//
අත්වී තීබේ///
ආ.... අත්වී තිබේ
ආ....
හිතා උන්න සේම රාජ ධූරේ අත්වී තිබේ

හොඳ හැටි කකා බිබී සැප ලබතෑකී//
හිත ප්‍රීති වේය මාගෙ බෝ දැන් බෝ දැන්
ආ.... බෝ දැන්//
ආ....
හිතා උන්න සේම රාජ ධූරේ අත්වී තිබේ//

මොකටද ආගමක් සැප හැර මේ ලොවේ//
හිත ප්‍රීති වේය මාගෙ බෝ දැන් බෝ දැන්
ආ.... බෝ දැන්//
ආ....
හිතා උන්න සේම රාජ ධූරේ අත්වී තිබේ///


දන්නෝ බුදුන්ගේ  

Posted by: Sinhala Noorthi in , , , ,

නාට්‍ය‍ය‍ - සිරිස‍ඟ‍බෝ (නීතිඥ ජෝන් ද සිල්වා)
ගායනය - නිශ්ශංක දිද්දෙණිය, නිමල් ජයසිංහ, වික්ටර් වික්‍රමගේ


දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා
පේවි රකිතී සොඳ සීලේ
නිබන්ඳා
දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා
පේවි රකිතී සොඳ සීලේ නිබන්ඳා

ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ//
රහතුන් නිවසනා පාය ප්‍රකාසේ //

භූලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
පේනා මෙපුර මුණි සාසන
වාසේ
සෘධියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ//
සෙවනැල්ලෙහි හිරු රශ්මිය භංගේ

මානෙල් නෙලුම් හා ඕලූ පුෂ්පාදී
ඇත්තේ පොකුණු වල බෝ ජල පෑදී
සේරූ පන්තී පන්තී පීනතී බෝසේ//
අනුරාධ නගරය දැන් පෙනේ ඕ
සේ///



ග‍ම්‍භී‍ර‍ තෙ‍දැ‍ති‍  

Posted by: Sinhala Noorthi in ,

නා‍ට්‍ය‍ය‍ - බැලසන්ත නාඩගම
ගා‍ය‍න‍ය‍ - නිශ්ශංක දිද්දෙණිය


ග‍ම්‍භී‍ර‍ තෙ‍දැ‍ති‍ කො‍(න්)ස්‍ත‍න්‍තී‍නු‍පු‍රේ‍
කො‍ස්‍ත‍න්‍තී‍නු‍පු‍
රේ‍
පුරවර්ධන කරන අග නරනා මෙ මම්//

නාමය මං අලිසන්දිරී//
මම ධර්මෙන් මෙපුර පාලන කරමින්නේ
ධර්මෙන් මෙපුර පාලන කරමින්නේ
ඉන්නේ මැදුරෙ ප්‍රීතිය විඳිමින්
නේ//
එහෙම උනාත් මෙ මට ඇත
ලොකුම දුකාක්
මෙ මට ඇත ලොකුම දුකාක්
කරකාරියක් නැතුව සිත
නොමැත සැපාක්//
එය විසඳාගන්නා ලෙසා...//
මගෙ මන්ත්‍රී කැඳවා මම
පහදා කියමි එය//
නොමැත ලඳක් මෙහෙසිය ලෙස ගන්නට//

ග‍ම්‍භී‍ර‍ තෙ‍දැ‍ති‍ කො‍ස්‍ත‍න්‍තී‍නු‍පු‍රේ‍
කො‍ස්‍ත‍න්‍තී‍නු‍පු‍රේ‍
පුරවර්ධනකරන අග නරනා මෙ මම්//


බ‍ලා‍ පෙර මග  

Posted by: Sinhala Noorthi in , ,

නා‍ට්‍ය‍ය‍ - ලෝමහංස (මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර)
ගායනය - මැණිකෙ අත්තනායක,නිශ්ශංක දිද්දෙණිය


බලා පෙර මග උනිමි සමිඳුනි
යහනෙ තනිවී පෙළී වියොවින්
මුහුණ දැක යලි වීමි ඔද වැඩි
කිරි සයුර සේ දුපු තුසර කර
වීද වැඩ ගිය ගමන සිතුලෙද
නිරෝසුව හැකිවේද විඳිනට

සතුරු සෙන් මැඩ යුධ වැදේ තදේ
නොහිඳ ආයෙමි පියබඳේ ශ්‍රිදේ
දකිනුවස් නුඹෙ වතසඳේ සොඳේ
එදුක වාවනු කොයි ලෙදේ දේ
විඳි නුරා රස සිහිවුනේ මෙනේ
වී අම අදර එදිනේ නොමිනේ
නොරැඳි එදෙසේ පැමුනුණේ සැනේ
වෙත පුරුදු ලඳ පතමිනේ සෙනේ



සි‍රි‍ සං‍ඝ‍ බෝ‍ධි‍  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍ය‍ය‍ - සිරිසඟබෝ(නීතිඥ ජෝන් ද සිල්වා)
ගා‍ය‍න‍ය‍ - නිශ්ශංක දි‍ද්දෙ‍ණි‍ය‍

සි‍රි‍ සං‍ඝ‍ බෝ‍ධි‍ මාළිගාවෙදී මම්
දැක ප්‍රානෙ හානෙ වෙන්
ට බැට දෙම්
සි‍රි‍ සං‍ඝ‍ බෝ‍ධි‍ මාළිගාවෙදී මම්
දැක ප්‍රානෙ හානෙ වෙන්
ට බැට දෙම්
අල්ලා බන්ඳා රන්ඳ බිඳ උන්දැ කොන්දා ලාමි සින්ඳා
සැන්ඳැ කාලෙ මාලීගාවෙ ඉන්නව සොයා
අල්ලා බන්ඳා රන්ඳ බිඳ උන්දැ කොන්දා ලාමි සින්ඳා
සැන්ඳැ කාලෙ මාලීගාවෙ ඉන්නව සොයා

ධර්මේ සීලෙ රම්නා රාජා ලාමි දිවිනසා
කර්මෙ වෙන්නෙ පස්සෙ හින්ද කිම්ද දෝසයා
කෝළහාල සිද්දවෙන්ට කාලෙ බෝ සොඳා//
තේජසාර සීලවන්ත ධර්ම සංඝ
බෝධි රාජ
භංගකරලමි නෑර මාළීගා සොයා
තේජසාර සීලවන්ත ධර්ම සංඝබෝධි රාජ
භංගකරලමි නෑර මාළීගා සොයා


සි‍රි‍ සං‍ඝ‍ බෝ‍ධි‍ මාළිගාවෙදී මම්
දැක ප්‍රානෙ හානෙ වෙන්ට බැට දෙම්..


රතඳර මන නන්ද  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍ය‍ය‍ - ගජමන් පුවත (දයානන්ද ගුණවර්ධන)
ගායනය - නිශ්ශංක දිද්දෙණිය

රතදර මන නන්ද බඳු වද මකුළින් ද
යුග තන පිරිපුන්ද ග‍න රන් කුඹු මෙන් ද
මත වර වරනින් ද සසොබන මන නන්ද
කත නුඹ ළඟ ඉන්ද නොලැබුනෙ පවකින් ද

කුන්ඩ මහන පොබකල මැති සඳුනි යසා
අන්දකාරයට ඇවුලූ පහන ලෙසා
නන්ද ම ගත දි‍ලුනත් රූපෙන් සතොසා
නින්ද බැරිය මා ළඟ ඔබ සිතන ලෙසා

පිණවන සිත් සුරතල් බස් දෙ‍න ලීලේ
ගුණ යහපත් සොඳුර නුඹ වෙත බැඳි ආලේ
බැඳි මා සිත් නුඹ ළඟ ඇතිවෙයි දෙවෙලේ
පණ ගිය මුත් නොහරිමි ‍නුඹ වෙත ආලේ

ආදරේ බැරිද ඉවසා ගෙන ඉන්ද‍
සාගරේ බැරිද පීනා ගොඩ යන්ද‍
මේ සැරේ දීපු දුක ඇත දැනගන්ද‍
ආදරේ මොකද ඔය හැටි ගැහැණුන්ද‍

වෙනසක් නොව අදරි‍න් එක පණ ලෙසින
ලෙඩ දුක් දුරැර රැක ඉන්නට එක යහන
ම ඇසක් සදිසි කුළු නැති පියො බඳෙ සොබන
සැපතක් වෙන කුමට ලැබුනොත් එම පමණ

මල් පිපුණොත් සුවඳට බඹරුන් එනවා
ගඟ තිබු‍ණොත් කවුරුත් දියවර බොනවා
වැසි තිබුණොත් සරු නැති බිම් සරු වෙනවා
රුව ති‍බුණොත් අපටත් සැම තුටු වෙනවා

නෙතට දුකයි නුඹෙ උවනත නොදැකීම
කණට ‍දුකයි නුඹෙ අම බස් නොඇසීම
කයට දුකයි නුඹෙ සුපහස නොලැබීම
හිතට දුකයි මෙලෙසින් නිති පසුවීම


උත්තම වන් ලොව පතලා  

Posted by: Sinhala Noorthi in

නා‍ට්‍ය‍ය‍ - ජොහානා නාඩගම
ගා‍ය‍න‍ය‍ - නිශ්ශංක දිද්දෙණිය

උත්තම වන් ලොව පතලා
එංගලන්ත නමින් යුතු විපුලා
තුංග සිරින් රැන්දු සකළා
දෙස ලන්ඩන් පුරවර නිමලා...//

ඉන්නේ රජ සෙවණේ නිති ගම්භීර
ලන්නෙ රුපුන් ආවොත් යුධ සුන්කර
පෙන්න විකුම් මාගෙ....තෙද දීර්ඝේ....සිටු නාගේ
පන්නා මිගු පන්නා යන වැන්නා කෙසරින්දූ
සුන්නා කර ලන්නා බල පෙන්නා හද කීතූ

දක්ෂ විකුම් අප්රමාණා.....ඇත ලක්ෂ ගණන් යුද්ධ සේනා....
රක්ෂණයෙන් මුලු දෙරණා....පීතරිස්ස ලෙසින් නස්න කරනා

ගත්ත කගෙන් පරසත් වනසන්නට
දුෂ්ට දනන් සැම භංග කරන්නට...//

පෙන්න විකුම් මාගෙ....තෙද දීර්ඝේ....සිටු නාගේ

පන්නා මිගු පන්නා යන වැන්නා කෙසරින්දූ
සුන්නා කර ලන්නා බල පෙන්නා හද කීතූ....//

උත්තම වන් ලොව පතලා
එංගලන්ත නමින් යුතු විපුලා
තුංග සිරින් රැන්දු සකළා
දෙස ලන්ඩන් පුරවර නිමලා...//






සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ  

Posted by: Sinhala Noorthi in

නා‍ට්‍ය‍ය‍ - බැලසන්ත (ඉයුජීන් පෙරේරා)
ගායනය - නිශ්ශංක දිද්දෙණිය

සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ//
මාළු වෙළඳම මාළු වෙළඳාම
සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ

මාළු කඩේ වටේ ගෑණු
පාලු නැතුව ඉඳිති පේනු
මාළු කඩේ වටේ ගෑණු
පාලු නැතුව ඉඳිති පේනු
සවස දෙකේ සිටලා රෑ//
නවය දහය පසුවෙන තුරු//
ඉස්සන් කූනිස්සන් හාල්මැස්සන් පොකිරිස්සන් යස//
හොඳ බලයන් ඇට නඟුලන් බෝ ලාභෙට බෝ විකිනේ//

සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ..

මෙව්ව ගන්ඩ තම්බිලා තම්බි
අප්පුල ආයල සිඥ්ඥෝර්ල
මෙව්ව ගන්ඩ තම්බිලා තම්බි
අප්පුල ආයල සිඥ්ඥෝර්ල
බොහොවු ජාති දෙමළ ඉංග්‍රීසි//
තූපහින්ද අරාබි එති//
නෙක නෙක දිග රන්පාටැති
නන් නන් මාළුත් විකිණෙති
නෙක නෙක දිග රන්පාටැති
නන් නන් මාළුත් විකිණෙති
රට ලබු වම්බටු කරපිංචද
සේරද විලුණන්නෙය

සාන්ත ජෝන්ගෙ වීදියේ කඩේ//
මාළු වෙළඳම මාළු වෙළඳාම....
සාන්ත ජෝන්ගෙ/// වීදියේ කඩේ



මතක සටහන්