සුළඟින් බිත්ති තැනූ  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍යය - තාරාවෝ ඉගිලෙති (ලූෂන් බුලත්සිංහල)
ගායනය - අනුලා බුලත්සිංහල


සුළඟින් බිත්ති තැනූ සුවඳින් පිරි
යම් වූ
මාලිගයකි මගෙ හද දොරගුලු නැති
පිරී තියේ තදබද වී ආදරේ..

අහසකි මගෙ හිස සියොතුන් හැසිරෙන
සැමරුම් මේ කුළු අතර නිරන්තර
නිදහස ඇත කාටත් පිවිසෙන්නට
ඉන්න එපා පිලිපත්තේ ආ
දරේ..

මුව විට තෙක් හද ඔබෙන් පිරී ඇත
එනමුත් සැමදින පුංචි ඉඩක් ඇත
තව එක් අයෙකුට පිවිසිය හැකි ලෙස
දොරක් වැසී දොරක් ඇරේ ආදරේ

සුළඟින් බිත්ති තැනූ..

මතක සටහන්