නාට්‍යය - ජනේලය (හෙන්රි ජයසේන) (1961)
ගායනය - සුධාරක ජයසේන
ජනේලයෙන් නිල් අහස පෙනෙන්නේ
රෑ ආකාසේ තරු බබලන්නේ
ජීවන සුළඟයි පිසගෙන එන්නේ
කුමටද ඉන් දිවි තොරකර ගන්නේ
ජනේලයෙන් මහ සයුර පෙනෙන්නේ
ජීවිතයයි එහි රළ පෙරළන්නේ
ජීවිතයයි ඉන් පිටත පෙනෙන්නේ
කුමටද ඉන් දිවි තොරකර ගන්නේ
ජනේලයෙන් ජීවිතය පෙනෙන්නේ
ජනේලයෙන් ජීවනය ගෙනෙන්නේ
ජීවිතයෙන් හද පුරවාගන්නේ
කුමටද ඉන් දිවි තොරකර ගන්නේ
ගුලිවී හැමදා හිර ගෙයි ඉන්නේ
ඉන් පැනයන්නට මග පෑදෙන්නේ
හිරගෙයි කෙලෙසද මා පැනයන්නේ
ජනේලයෙන්මයි මා පැනයන්නේ

ගායනය - සුධාරක ජයසේන
ජනේලයෙන් නිල් අහස පෙනෙන්නේ
රෑ ආකාසේ තරු බබලන්නේ
ජීවන සුළඟයි පිසගෙන එන්නේ
කුමටද ඉන් දිවි තොරකර ගන්නේ
ජනේලයෙන් මහ සයුර පෙනෙන්නේ
ජීවිතයයි එහි රළ පෙරළන්නේ
ජීවිතයයි ඉන් පිටත පෙනෙන්නේ
කුමටද ඉන් දිවි තොරකර ගන්නේ
ජනේලයෙන් ජීවිතය පෙනෙන්නේ
ජනේලයෙන් ජීවනය ගෙනෙන්නේ
ජීවිතයෙන් හද පුරවාගන්නේ
කුමටද ඉන් දිවි තොරකර ගන්නේ
ගුලිවී හැමදා හිර ගෙයි ඉන්නේ
ඉන් පැනයන්නට මග පෑදෙන්නේ
හිරගෙයි කෙලෙසද මා පැනයන්නේ
ජනේලයෙන්මයි මා පැනයන්නේ