ඈත එක් යුගයක  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967)
ගායනය - සුදත් සේනාරත්න

ඈත එක් යුගයක ලෙයින් නැහැවුන සමයක
කව්කාස්කි නගරයක සාපලත් නගර යයි නම් වූ
විසුවා යුව රාජයෙක්
ජෝර්ජි අබෂ්විල්ලි ඔහුගේ පුදුම නම විය
රූමත් බිරියකුත් දරුවෙක් ද පෘශ්ඨිමත්
සිටියාලු මේ රජු හට
ගෲසීනියාවේ වෙන කිසිම සුරෙකුට නොවූ තරම්
අසුන් අස් හලෙහිද යාචකයින්ද දොරකඩ
භටයෝද සේවයේ පෙත්සම්කරුවෝද ගෙමිදුල
මේ රජුට සිටියා
ජෝර්ජි අබෂ්විල්ලි කෙසේ නම් විස්තර කරන්නද ඔහු
ඔහු සැපෙන් සිටියා
පාස්කු ඉරු දින උදයේ පවුලත් සමග ඔහුගේ
සපැමුණා රජු දේව මැදුරට

මතක සටහන්