අන්ධ බව නොපෙනෙ ද  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967)
ගායනය - සුදත් සේනාරත්න


අන්ධ බව නොපෙනෙ ද මහා මිනිසුන්ගේ
සෙයින් දෙවිවරු යන්නේ
නැමුනු පිටකොඳු මත දනන්ගේ
කුලියට ලබාගත් මෙතෙක් කල් නොබිඳුනු
අවි බලයෙන් පමෝදව
මෙතෙක් කල් නම් දිගුවුව එය සදාකාලික නොවන්නේ
අහා.. බල මැන පෙරලිය උදාවන යුගයකින් යුගයට
ලෝවැසි දනන්නේ එයම නොමවන්නෙ ද උදානය
මහා පුරුෂය ගමන් නොකලැක්කෙ ද හිස කෙලින් කොට
මාලිගය තොප වැසි කවුළු අතරින් බලනා
දහසක් සතුරු නෙත් ඇත බලා සිටිනා ඔබේ මෙගමන
නැත උවමනා දැන් නම් ශිල්පියෝ නිර්මාණ ඔබ හට
වඩුවෙකුට පුළුවන ඉතිරි වූ වැඩ නිමකරන්නට
නව මැදුරකට නොව සිදුරකට වේ බිම මත
ඔබ මේ ගමන යන්නේ යලිත් බලනුය වටපිට
අන්ධ වූ දෙනුවන් විදාලා සොම්නසක් නැග ඒ ද හද තුල
දමා යන මේ ඉසුරු දැක්මෙන්
අතර දෙව් මෙහෙයක් පිස නිමාකල රාජ බොජුනක්
ඔබ යන්නෙහිය දෙසකට යලි නැගී සිට එනු නොහැකිවූ
මහ උන්ගෙ මාලිග බිඳී හැලෙනා විට
පොඩි උන් ද එහි ඇති ඊට යටවී නැසීයේ
මහ උන්ගෙ මහිමය නොලැබුනත් කල හොඳ කල
විපතෙහිදි නම් උන්ගේ දිනති දීනයො එයින් කොටසක්
පෙළට යන අස් රිය තුරඟුන් ද එහි බැඳි
සමග වැටෙනා මෙන් ප්‍රපාතෙට


මතක සටහන්