නාට්‍යය - වෙස්සන්තර
ගායනය - ***
දැන් දැන් අම්මා ඒවී සිතමින්
බලාඋනෙමු අපි මෙදුකින් මිදෙන්ට
නාවත් මැනවැයි සිතේය දැන්නම්
අප විඳිනා දුක්පීඩා බලන්න
දැන් දැන් අම්මා ඒවී සිතමින්
බලාඋනෙමු අපි මෙදුකින් මිදෙන්න
නාවත් මැනවැයි සිතේය දැන්නම්අප විඳිනා දුක්පීඩා බලන්න
දැන් දැන් අම්මා ඒවී සිතමින්
තුන් සිතකින්වත් සිතුවද අම්මා
පලවැල නෙළන්ට ගිය ඒ වේලේ
පෙරලා ආවිට පලවැල අරගෙන
දෑසට දකින්ට නොලැබෙන වග අප
තුන් සිතකින්වත් සිතුවද අම්මා
පලවැල නෙළන්ට ගිය ඒ වේලේ
පෙරලා ආවිට පලවැල අරගෙනදෑසට දකින්ට නොලැබෙන වග අප
දැන් දැන් අම්මා ඒවී සිතමින්

නාට්‍යය - ගජමන් පුවත (දයානන්ද ගුණවර්ධන)
ගායනය - කිසාගෝතමී සරච්චන්ද්‍ර,ජයලත් මනෝරත්න
[පුංචි රුවන් පුංචි රුවන් පුංචි කළේ
වතුර අරන් ලිඳ උඩ තැබුවාය කළේ]//
[හැඟිල ඉඳන් හංගල ඒ පුංචි කළේ
පතායමේ මාමායි විහිලුවක් කලේ]//
නැ.හැ. නෑ නෑ කොරනේලියා
එහෙම නෙවෙයි උඹ එදා ඒ
අන්තිම පද දෙක කිව්වෙ
[පුංචි රුවන් පුංචි රුවන් පුංචි කළේවතුර අරන් ලිඳ උඩ තැබුවාය කළේ]//
[අට පහ නොදන්නා ජඩයෙකි ඒක කලේ
ගෙදර යන්න දෙනවද මගෙ පුංචි කලේ]//
[පුංචි රුවන් පුංචි රුවන් පුංචි කළේවතුර අරන් ලිඳ උඩ තැබුවාය කළේ]//
නාට්‍යය - ලෝමහංස (මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර)
ගායනය - ***
[නුවණින් විමසා තතු පෙර දවසේ
නිවහල් ලෙස කටයුතු කල මපියා]//
දැන් අඳබල ලෙස හැසිරෙන සැටි දැක//
කම්පා වේ සිත සිදුවූ වෙනසින්///
[ඔහුගේ සිත කය දෙක මුලුමනින්ම
අත්පත් කරගත්තා මගෙ සුලුමව]//
පලවා හැරියා ඔහු හද පත්ලෙන්//
පුතු සෙනෙහස මදකුදු එහි නොතබා///
[මිනිස් ලොවේ පල් සොරෙකුට හිමිවූ
නින්දිත මරණයකට ගොදුරුවන්ට]//
සිදුවන සැටි දැක දෙවිඳුනි ලෝපල්//
යුක්තිය පසිඳා දෙනුවස් සතහට//
දෙව්ලොව අධිකරණෙට ගෙනයනු මා//
විනිශ්චයක් සාධාරණ ලබන්ට///
දෙව්ලොව අධිකරණෙට ගෙනයනු මා
ආ..ආ...ආ....දෙව්ලොව අධිකරණෙට ගෙනයනු මාවිනිශ්චයක් සාධාරණ ලබන්ට///

නාට්‍යය - භව කඩතුරාව (මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර)
ගායනය - ***
කුමක්ද අක්කණ්ඩියේ මේ වස්තුව
දනවන කුතුහලය අප සිත් තුල
නොදුටු විරූවක් යම්කිසිවෙකු පෙර
කෙලෙසද සිත් සෝදිසියට කියන්නේ
පියාපතක් දෝ ස්වර්ණ වර්ණ
දෙව්ලොව පක්ෂියෙකුගේ
අසිරිමත් නරලොව තතු
දැනගන්නට සිත්සේ රෑන හැරා
හුදකලාව මිහිමත
පියාපතක් නොව..
විස්කම් දෙව් පුත් මැවූ
අබරණකි දඹ නද රන් ගෙන
මෙවන් සියුම් අත්කමක් කරන්නට
මෙලොවේ නම් නැත රන් කරුවෙක් කිසි
අබරණක් නොව මලක් වේද එය
හිමගිරි අරණේ පිපෙනා මනරම්
[නීලම්බරයේ සැරිසරන නිබඳ
සිදඟන වරලින් ගිලිහුනු සුරත?]///

නාට්‍යය - කෝන්තරේ
ගයනය - ජයශ්‍රී චන්ද්‍රජිත්
මදෑ ගම රට අතහැරල කොළඹ නගරෙට ආව, අතන මෙතන රස්තියාදු වෙන්න!
කුල භේද අග හිඟ හින්දා
ඉවසන්න බැරි තැන හින්දා
[සැනසීම සොය සොය කොළඹට
අපි ආව දුවගෙන පහලට]//
තිබුනාට ගමරට හුට පට
වැටුනාද කබලෙන් ලිපකට
[ඇවිදිල්ල දුර සිට කොළඹට
පැනපල්ල දැන් අර බේරෙට]//
[දෑත වන වනා අපි ආවේතූත්තුකුඩියේ සිට ආවේ]//
[පැලවන්වෙන්නට අපි ආවේ
කැහැපට ගහගෙන අපි ආවේ]//
කොළඹ මොකද රත්තරන් තියෙනවද
වෙස්සන්තරලා දොරදන්දෙනවද
සාක්කු කපමුද කසිප්පු පෙරමුද
මාංචු දාගෙන හිරේට වැටෙමුද
[මොනවද නැත්තේ කොළඹ රටේ
ටැක්සියෙ නැගලා යමුද වටේ]//
අහස උසට තට්ටු ගෙවල්
වීදි දිගේ විදුලි පහන්
[විස්කි බ්‍රැන්ඩි එක්ක වහල්තංගසාල මෝට කාර්]//
??වරු කොණ්ඩෙ බඳින
??ලා ඇඟ වඩවන
[සුදු වැල්ලේ අව්ව තපින
නිදි කෙල්ලෝ ජෝගි නටන]//
නොදෝමකින් ආපු ගමන
පිස්සු රැලක් එක්ක අමන
[ඔන්න ඉතින් කොළඹ නගරෙ
මේ සම්පත් කොහෙද උතුරෙ]//
