යුධ භටය යන යුධයට  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967)
ගායනය - මානෙල් ජයසේන


යුධ භටය යන යුධයට
ඉඳින්නෙමි මම ඔබ එනතුරා
යනුව නොපැකිල සටනට
ලෙයින් නැහැවුන කුරිරු යුධ බිම
නොඑන මුත් සැම දෙන
මිදී
ඉඳින්නෙමි මම ඔබ එන තුරා
ඇහැල ගස මල් පල දරන විට
ඇහැල ගස යලි කොල සලන විට
සීත සමයේ හිම වැටෙන විට
වසන්තේ මල් කෙමි ඇදෙන විට
යන යුධට හැම
අයම එන තුරු
ඉන් පසුව වුව ඉඳිමි නිරතුරු
යෙහෙන් ගොස් යලි එනුව යහතින්
මග නොමග දෙව් සරණ ලබමි
න්


මේ තියෙන්නෙ කන්තෝරුව  

Posted by: Sinhala Noorthi in

නාට්‍යය - ජනේලය (හෙන්රි ජයසේන) (1961)
ගායනය - සැන්ටින් ගු
ණවර්ධන සහ පිරිස

මේ තියෙන්නෙ කන්තෝරුව
වැඩ අරඹන කන්තෝරුව
වැඩ නිමවන කන්තෝරුව
මහ රැජිනගෙ කන්තෝරුව

මේ තියෙන්නෙ කන්තෝ
රුව..

ලොක්කන් එනවා ඇවිල්ල යනවා
ආයෙත් එනවා ඇවිල්ල යනවා
කන්තෝරුව නම් මෙහෙ නවතිනවා

මේක තමයි කන්තෝරුව
මං ඉපදුනු කන්තෝරුව
වයසට යන කන්තෝරුව
පණ යන තුරු කන්තෝරුව
මට විතරක් නැති මාරුව
මේක තමයි කන්තෝරුව
මෙතන තමයි කයිවාරුව
මේක තමයි කන්තෝරුව

උදේට එනවා හවසට යනවා
ජනෙල් අරිනවා ජනෙල් වහනවා
හවසට යනවා උදේට එනවා

මගෙ නම පුටුපාලයා
මෙතන පියුම්කාරයා
තරහ ගියොත් මාරයා
මගෙ නම පුටුපාලයා




ජනේලයෙන් නිල් අහස  

Posted by: Sinhala Noorthi in

නාට්‍යය - ජනේලය (හෙන්රි ජයසේන) (1961)
ගායනය - සුධාරක ජයසේන


ජනේලයෙන් නිල් අහස පෙනෙන්නේ
රෑ ආකාසේ තරු බබලන්නේ
ජීවන සුළඟයි පිසගෙන එන්නේ
කුමටද ඉන් දිවි තොරකර ගන්නේ

ජනේලයෙන් මහ සයුර පෙනෙන්නේ
ජීවිතයයි එහි රළ පෙරළන්නේ
ජීවිතයයි ඉන් පිටත පෙනෙන්
නේ
කුමටද ඉන් දිවි තොරකර ගන්නේ

ජනේලයෙන් ජීවිතය පෙනෙන්නේ
ජනේලයෙන් ජීවනය ගෙනෙන්නේ
ජීවිතයෙන් හද පුරවාගන්නේ
කුමටද ඉන් දිවි තොරකර ගන්නේ

ගුලිවී හැමදා හිර ගෙයි ඉන්නේ
ඉන් පැනයන්නට මග පෑදෙන්නේ
හිරගෙයි කෙලෙසද මා පැනයන්නේ
ජනේලයෙන්මයි මා පැනයන්
නේ



මතක සටහන්