විදා අත්තල  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967)
ගායනය  - විජේරත්න වරකාගොඩ


විදා අත්තල දෙනින් දෙන දේ රැගෙන හෝ නොම රැගෙන පොදු දේ
නිධානයකින් රැගෙන දෙන මෙන් යුක්ති ධර්මය සැමට බෙදුවේ
එදා පිටවූ විනිසුරූ ඒ යළිත් නැත කිසි දිනෙක දුටුවේ
මෙදා වනතුරු ඔහුගෙ අණ ගුණ දනන් තුඩ තුඩ තවද කියවේ//
බෙදූ එම නීතිය තිබුනු වූ කෙටි යුගය ඒ රට
ස්වර්ණමය යුගයක්ම වූ බව දනන් තුඩ තුඩ තවත් පැවසෙති//
හුණු වටය පිළිබඳ ඇසූ මෙපුවත සබේ වියතුනි
පැවසු ලෙස දන පුරාණේ තබාගනු මැන සිතෙහි මෙවදන//
දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිතිවිය යුතූ
මකියනා ලෙස මේ ලෙද ලැබිය යුතු අයටම ලැබිය යුතු//
මව් ගුණය ඇති අය දරුවන් දිනිය යුතු වෙය
රියදුරු මනා වූ ලැබිය යුතු වූ සේම අස් රිය//
මුදු ගුණය ඇති අය දරුවන් දිනිය යුතු වෙය
ගොවි දන මනාවූ දිනිය යුතු වූ සේම ගම් බිම්///


http://app.box.com/s/iaqmfo3cjcygrw4xbluv

ඇතිමුත් මිණි මුතු  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967)
ගායනය  - සුදත් සේනාරත්න


ඇතිමුත් මිණි මුතු අබරණ
දිනුමුත් සම්පත් අපමණ
උව හොත් රජ නපුරූ ලෙස
රුදු වග වලසුන් විලසේ
උඹ මිනිහෙක් වෙයන් පුතේ
කුසගිනි වෙයි එකම සතුරු
අඳුරට බිය වෙයන් පුතේ
හිරු එළියට බිය නොමවී
 
http://app.box.com/s/ep7uoe9a8zyg47ylxajt





අත්තම්මේ මහඟු  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967)
ගායනය - හෙන්රි ජයසේන


අත්තම්මේ මහඟු සිල්වත් වු ගුණවත් වු
කතාව දුක්බර වු සාරවත් කල මේ කටුක බිම
ඔබ පුත් සියළු දෙන වැටුනෝය නිසරු යුද්දෙන්
බරින් ජීවිතයේ ඔබ ගත නැමී ගියමුත්
මෑණියනි එඩිතර නැමී වැහැරී සිටිනා
පව්කාර අප වෙත ඔබේ ආසිරි සුසුම් දෙනු මැන

http://app.box.com/s/nei68iyslib4mcfommug


දෙදරවා නීතිය  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967)
ගායනය - සුදත් සේනාරත්න

දෙදරවා නීතිය ගුගුරුවා සිය වදනින්
විනිසුරු මේ මහඟු නීති බින්ඳෝ එය රැකීමට
ලබනුවස් යුක්තිය සාධාරණය නීතිය
හිස් අතින් සපැමිණි දනෝ පීඩිත එය ලැබූවෝ

දෙවසක් මේ අයුරු ගුණෙන් අගුණෙන් ගෙවූ නීතිය
කාලය නිමාවිය රටේ කලබල කැරලි නිම විය
පැනගිය ඒ දවස මහ රජ යලිත් රජ විය
බිරිඳ ද යුව රජුගෙ ඇවිත් යළි නූකා නගරයට

පැවැත් විය නඩුවක්
ඇගේ පුතු යළි ලබා ගන්නට..

http://app.box.com/s/yfp4l4of5bcbubx4nlxg


උතුරාය හද තුල  

Posted by: Sinhala Noorthi in , ,


නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967)
ගායනය - මානෙල් ජයසේන


උතුරාය හද තුල කී නොකී වේදනා දහසක්
..ට දුන් වසසුන්ව සිතූ දේ ඈ දැන් අසනු මැන
සිතූ දේ ඈ දැන් අසනු මැන

" යුධ බිම ඔබ සටන් කරනා විට නොපැකිල
මට ද විය සටනක් රුදුරු බියකරු කුරිරු සටනක්
අනාතව අසරණව අතරමංවී යුධ බිම
වැටී හුන් දරුවෙකුට මම ලැගුම් දුන්නෙමි
තනිවී දුරු කතර වැටී හඬනා බිම..
බැටළු පැටවෙකු ගෙන යන ලෙසින් කරපින්නා "

http://app.box.com/s/m1xtaxhumq1j91ux78k2

ඇවිදින්ය ආපසු  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967)
ගායනය - සුදත් සේනාරත්න


කියවුනු වදන් ඇත නොකියුනු වදනුත් බොහෝ වෙත
ඇවිදින්ය ආපසු සොල්දාදුවා යුධ ගිය
ඔහු නැත කියන්නේ කොහින් කෙලෙසින් පැමිණියේ දැයි
නොදෙඩූ වදනකින් ඇසුව මැන ඔහු සිතේ සිතු දෙය

" හිමිදිරිය ඇරඹුනු සටන් දැඩි විය දහවල
උන්නෝ ඉදිරියෙන් පසුපස හා දෙපැත්තෙන්
වැටුනෝය යුධ බිම.. උන් උඩින් පැන පැමිණියෙමි මම
ඉඳ නිරාහාරව උගුර තෙමමින් බොර දියෙන් මඩ
ගෙවා ගිරි කඳූ හෙල් දිවා රෑ මග ගෙවා ආයෙම් "

http://app.box.com/s/o5daze2w8djnhqwcnm0y

ඈ සිටියදී ගංතෙර  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967)
ගායනය - සුදත් සේනාරත්න

ඇඳුම් සෝදනුවස් ඈ සිටියදී ගංතෙර
දිසිවිය ඔහුගෙ පිළිරුව මැවී පැහැදිලි දිය මත
සඳින් සඳ මෝරත පොහොයෙන් පොහොය ගතවෙත
ඔහුගෙ වත ඈ සිත මදින් මද වූ සේය අනුරූ
සඳින් සඳ මෝරත පොහොයෙන් පොහොය ගතවෙත
බඩවැටියෙන් ඇසුනු වදන් වල හඬ ඔහුගේ අඩුවී ගියා සේ විය
පැමිනිලි ද සැමිගේ සුසුම් සමගින් ඈ නැගු කඳුළුත් දහා බිඳුත්
අතර ගතවෙයි කාලය සිඟිති දරු පැටියා ද වඩමින්

http://app.box.com/s/mic5tueqv1ca8g7465wz


යුධ බිමේ ගීතය  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967)
ගායනය - මානෙල් ජයසේන

යුධ බිමේ ගීතය

පෙම්වතුන් යත යුධයට පෙම්වතිය යයි පසුපස
හඬා වැලපී මෙසේ කියමින් අහෝ පෙම්වත අසනු මේ බස
යුධ වදින කල ඔබ ගොස් ඉදිරියෙන් නම් එපා යන්නට
පසුපසින් වුව එපා යන්නට ඉදිරියේ ඇත රුදුරු ගිනි කඳ
පසුපසින් බියකරු දුමාරය යුධ බිමේ මැද මිස නොයන්නේ
උන්ය ආපසු ගෙදර එන්නේ


අප්පා උඹේ හොර දෙටුවා  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967)
ගායනය - මානෙල් ජයසේන


අප්පා උඹේ හොර දෙටුවා අම්මා හරිම කුණකටුවා
ඒ හින්දා පුතේ නුඹට මුළු ලෝකෙම දණ නමාවි
කන්ද උඩින් මම යන්නේ කරෙන් නුඹව ගෙනියන්නේ
මග බලමින් අර ඉන්නේ මාමා උඹේ බලපන්නේ



සතරදෙනෙක් සෙන්පතියෝ  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967)
ගායනය - මානෙල් ජයසේන


සෙන්පතියන් සිව්දෙනාගේ ගීතය

සතරදෙනෙක් සෙන්පතියෝ මගට වැදී යුදට ගියෝ
යුද්දෙට ගිය ඔලුගෙඩියෝ උන්ගේ හැටි කියාපියෝ
උන්ගේ හැටි කියාපියෝ..
පළවෙනියට බියක් හිතේ දෙවැනියාට හති වැටෙතේ
තුන්වැනියා මග මැරෙතේ අන්තිමයා පැන දුවතේ
අන්තිමයා පැන දුවතේ..
පස්වැනියෙක් මග එන්නේ ඔහු නෑ යුද්දෙට යන්නේ
ඉර හඳ තරු පායන්නේ ඌටලු බොල බලපන්නේ
ඌටලු බොල බලපන්නේ



ගන්නෙ නැති නිසා  

Posted by: Sinhala Noorthi in , ,


නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967)
ගායනය - මානෙල් ජයසේන


ගන්නෙ නැති නිසා කවුරුත් පුතු උඹ මම අරගන්නවා
උඹට නැති නිසා කවුරුත් මම අම්මයි හිතං පුතේ
කරපින්නං ආපු හින්දා දෙපා මගේ රිදෙන  හින්දා
ගිනි ගණනට කිරි අරගෙන උගුර උගුර දීපු හින්දා
මගෙ සිත බැඳුනාය පුතේ උඹ නැතිවම බැරිය පුතේ//
සේද පිළී විසිකරලා කඩමළු ඇඟ ඔතාලා
සිහිල් දියෙන් දොවාලා පොදක් වතුර පොවාලා
මං උඹ උස්සං යනවා කරපින්නාගෙන යනවා//


ලදරු බසෙකින්  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967)
ගායනය - සුදත් සේනාරත්න


ලදරු බසෙකින් සියුම් හඬෙකින් ඇසෙන්නා සේ වීය ඉක්බිති
"නොයන් ලඳුනේ මා හැර පිහිටවුව මැන මා හට"
ලදරු හඬෙකින් පැසුනු බසෙකින් කියන්නා සේ වීය මේ ලෙද
"දුකට පත් උන්ගේ හඬට ඇවිටිලි කන් නොම දී
ඉක්මන් කර දෙපා යන්නියකට දිනෙක යම් නෑසෙන්නේය ලඳුනේ
සොඳුරු බස පෙම්වතෙකුගේ නැතහොත් මියුරු නාදය උදෑසන ගී ගයන සියොතුන"
අසමින් එම වදන් එක් වරක් යලි දැකගැනීමට සිඟිති මුව බිළිඳාගේ
මොහොතකට රැඳෙනුවස් තනි රැකීමට බිළිඳුගේ ඇය යලි ගියා ඔහු වෙත
කෙනෙක් එනතුරු ඉඳුමට බිළිඳාගෙ මව හෝ අන් අයෙකු හෝ
දැඩිවිය අනතුරක බිය.. ගුම්ගත්තේය එනුවර.. ගින්නෙන් හා ලතෝනියෙන්
යමෙක් මග එනතුරු දරුවා රැගෙනයන්නට ඈ මොහොතකට රැඳුනා
බලන් මේ අරුමය යහපත් බවේ සාපය
බොහෝ වේලාවක් දරුවා අසල උන්නිය ඈ
සවසත් ගෙවී ගෙවී මහ රෑ උදාවන තුරු හිරු
දැකේ තෙක් වේලා මුදු සුසුම් බිළිඳාගේ
සුරත් පැහැවූ සිඟිති අත්පොඩි හා
උදා වී එත හිරු..
හදේ සෙනෙහස නොහැකිව දරාගන්නට
නැගී සිට තරුණිය නැඹුරුව මුදු මොලොක් ලෙස
හෙලා සුසුමක් අහසට වඩා බිළිඳා දෝතින්
රැගෙන පා නැගුවාය විලසින්
සෙරක් සේ යන්නිය.. බියෙන් ලද පියවර මනින්නිය..


තේමා සංගීතය  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967)

තේමා සංගීතය


පිනවන්ට සවන්  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍ය‍ය‍ - ශ්‍රී වික්‍රම (නීතිඥ ජෝන් ද සිල්වා)
ගායනය -විජේරත්න වරකාගොඩ

පිනවන්ට සවන් ඇසුවන්ගේ සොඳින් සංගීත සිංහලද්වීපේ//
මා වාගෙ උගත් මේ කාලෙ අයෙක් නැත ඊට දුර්ජනා කෝපේ//
මහ මෝඩකමක් තව ඇද්ද රටේ මා ‍එක්ක අනේ ඇය් කෝපේ//
ඇන්නෑ ඊර්ෂ්‍යා// මුන්ගේ මෝඩකම් පේනා//

සංගීතකාරයෝ බෝමයි පුප්පන්ට ඉතා සමතෝමැයි
දැනගත්ත ශාස්ත්‍රයක් නැත්මයි
නොදකින් නරිවාදම් පෙරෙන්නා දැන් - පුරා පල්ලෙන්
ඉලගෙයිරංගේ මාගෙන් තේරේ


සෝබමාන දේවපුරා  

Posted by: Sinhala Noorthi in ,

නා‍ට්‍යය - පද්මාවති (නීතිඥ චාල්ස් ඩයස්)
ගායනය - කලා භූෂණ ලයනල් ගුණතිලක

සෝබමාන දේවපුරා සදිසි සාර ලක්දිවේ//
සිංහලුන්ගේ නාරි ඟනා//
තිත කාලේ සෝබනා//

දේශ දේශ ගොස් ද තමා නම්බු රැක්ක අන්දමා//
නාටකෙන් මෙ සිත් සෙ බලා//
ප්‍රීතියෙන් ම දත්තැකි//

සෝබමාන දේවපුරා සදිසි සාර ලක්දිවේ//


අන්ධ බව නොපෙනෙ ද  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967)
ගායනය - සුදත් සේනාරත්න


අන්ධ බව නොපෙනෙ ද මහා මිනිසුන්ගේ
සෙයින් දෙවිවරු යන්නේ
නැමුනු පිටකොඳු මත දනන්ගේ
කුලියට ලබාගත් මෙතෙක් කල් නොබිඳුනු
අවි බලයෙන් පමෝදව
මෙතෙක් කල් නම් දිගුවුව එය සදාකාලික නොවන්නේ
අහා.. බල මැන පෙරලිය උදාවන යුගයකින් යුගයට
ලෝවැසි දනන්නේ එයම නොමවන්නෙ ද උදානය
මහා පුරුෂය ගමන් නොකලැක්කෙ ද හිස කෙලින් කොට
මාලිගය තොප වැසි කවුළු අතරින් බලනා
දහසක් සතුරු නෙත් ඇත බලා සිටිනා ඔබේ මෙගමන
නැත උවමනා දැන් නම් ශිල්පියෝ නිර්මාණ ඔබ හට
වඩුවෙකුට පුළුවන ඉතිරි වූ වැඩ නිමකරන්නට
නව මැදුරකට නොව සිදුරකට වේ බිම මත
ඔබ මේ ගමන යන්නේ යලිත් බලනුය වටපිට
අන්ධ වූ දෙනුවන් විදාලා සොම්නසක් නැග ඒ ද හද තුල
දමා යන මේ ඉසුරු දැක්මෙන්
අතර දෙව් මෙහෙයක් පිස නිමාකල රාජ බොජුනක්
ඔබ යන්නෙහිය දෙසකට යලි නැගී සිට එනු නොහැකිවූ
මහ උන්ගෙ මාලිග බිඳී හැලෙනා විට
පොඩි උන් ද එහි ඇති ඊට යටවී නැසීයේ
මහ උන්ගෙ මහිමය නොලැබුනත් කල හොඳ කල
විපතෙහිදි නම් උන්ගේ දිනති දීනයො එයින් කොටසක්
පෙළට යන අස් රිය තුරඟුන් ද එහි බැඳි
සමග වැටෙනා මෙන් ප්‍රපාතෙට


මතක සටහන්