නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967)
ගායනය - මානෙල් ජයසේන
ගන්නෙ නැති නිසා කවුරුත් පුතු උඹ මම අරගන්නවා
උඹට නැති නිසා කවුරුත් මම අම්මයි හිතං පුතේ
කරපින්නං ආපු හින්දා දෙපා මගේ රිදෙන හින්දා
ගිනි ගණනට කිරි අරගෙන උගුර උගුර දීපු හින්දා
මගෙ සිත බැඳුනාය පුතේ උඹ නැතිවම බැරිය පුතේ//
සේද පිළී විසිකරලා කඩමළු ඇඟ ඔතාලා
සිහිල් දියෙන් දොවාලා පොදක් වතුර පොවාලා
මං උඹ උස්සං යනවා කරපින්නාගෙන යනවා//
This entry was posted
on Sunday, May 19, 2013
and is filed under
මානෙල් ජයසේන,
හුණු වටයේ කතාව,
හෙන්රි ජයසේන
.
You can leave a response
and follow any responses to this entry through the
Subscribe to:
Post Comments (Atom)
.