දැක්කොත් පද්මාවතී  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍ය‍ය‍ - පද්මාවතී (නීතිඥ චාල්ස් ඩයස්)
ගායනය - ජ‍ය‍ශ්‍රී‍ ච‍න්‍ද්‍ර‍ජිත්


ආලේ නොකරා බැරී..
දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී//
ලාලාටේ චන්ද්‍රයා සේ
පෙනේ//
දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී//

මේඝ‍ සෙ‍ කේ‍සා‍වේ‍ ඇ‍ගේ‍ ග්‍රී‍ව‍ සක් සේ වේ//
අහො ඈගේ ග්‍රීව සක් සේ වේ

ලමැද හංසයින්සේ පෙනේ
ආලේ නොකරා බැරී..
දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී//

මුක්තා සෙ දන්තා වේ
ඇගේ වර්ණ ස්වර්ණා වේ
මුක්තා සෙ දන්තා වේ
ඇගේ වර්ණ ස්වර්ණා වේ

අහො ඈගේ වර්ණ ස්වර්ණා වේ//
ලමැද හංසයින් සේ පෙනේ
ආලේ නොකරා බැරී..
දැක්කොත් පද්මාවතී ආලේ
නොකරා බැරී//




සු‍න්‍ක‍ර‍ලා‍මි‍ ම‍ම  

Posted by: Sinhala Noorthi in , ,

නා‍ට්‍ය‍ය‍ - විධුර (නීතිඥ චාල්ස් ඩයස්)
ගා‍ය‍න‍ය‍ - වි‍ක්‍ට‍ර් වික්‍රමගේ


සුන්කරලාමි මම නා ලෝ
කේ//
පණ්ඩිතයින්ටා යම්කිසී අන්තරා
අන්තරා... සිද්දවුනෝතින්
සුන්කරලාමි මම නා ලෝකේ
//

පුරුද්ද පරිදි ...
කකා නොයිඳ සිටුවා ගන්ටා
පණ්ඩිතයින්ගේ හදමස් විනාසේ
විනාසේ.. සිද්දවුවෝතින්
සුන්කරලාමි මම නා ලෝකේ//

ගිමන තොපගේ වැඩලා සිටි
පණ්ඩිත ඒ විදුර තුමා
ගැඹුරු න්‍යා‍ය‍ ධර්ම සයු
රේ
කිමිද සිටින එතුමා
තොපේ දුව මට ඕනෑ නෑ
පඬිතුමා මරලා ගන්ටා
තොපේ දුව මට ඕනෑ නෑ
පඬිතුමා මරලා ගන්ටා
රක්ශා කරන්නෙම් බලේ පා
බලේ පා බලේ පා ඒතුමා මම

සුන්කරලාමි මම නා ලෝකේ//
පණ්ඩිතයින්ටා යම්කිසී අන්තරා
අන්තරා... සිද්දවුනෝතින්
සුන්කරලාමි මම නා ලෝකේ//


අද වෙස්සන්තර  

Posted by: Sinhala Noorthi in ,


නා‍ට්‍ය‍ය‍ - වෙ‍ස්‍ස‍න්‍ත‍ර‍(නීතිඥ ජෝන් ද සිල්වා)
ගායනය - සමූහ ගායනා

අද වෙස්සන්තර
රාජ පුතා
මන්ද්‍රී කුමාරි බඳී
දේවෝපකාර වෙවා සෑදී සෙත්
අද වෙස්සන්තර රාජ පුතා
මන්ද්‍රී කුමාරි බඳී
දේවෝපකාර වෙවා සෑදී සෙත්
රටවැස්සන්ගේ කාලෙ සොඳා
දුර්භික්ෂ යාය සිඳී
මංගල්ලෙ සාර වෙවා සෑදී සෙත්
රටවැස්සන්ගේ කාලෙ සොඳා
දුර්භික්ෂ යාය සිඳී
මංගල්ලෙ සාර වෙවා සෑදී සෙත්

බොහොම ප්‍රීතිඝෝශා ඇසෙන්නා මේ සිව්දිසා//
සෙත අත්පත් වේවා මන්ද්‍රි කුම
රි හට දැන්//
රාජ සම්පත් නොමින් දේය රාජා උතුම්//
කුමරාගෙ පිනක් මැයී..
වාසනාවෝ..වාසනාවෝ..



නැ‍ත‍ හ‍රි‍ය‍න්නේ ඔය කාරී  

Posted by: Sinhala Noorthi in , , ,

නා‍ට්‍ය‍ය‍ - ධර්මාශෝක (නීතිඥ චාල්ස් ඩයස්)
ගායනය - ජයලත් මනෝරත්න,මැණිකෙ අත්තනායක


නැත හරියන්නෙ ඔය කා
රී//
මගෙ පෙහෙ රුව දොසක් ඇතෑ කිසි//
රූපෙ දොසේ නැත කාරි වෙන්නෙ නැත//
රජ කෙරේ යලි බෝ
නැත හරියන්නේ ඔය කා
රී//

ඔය හිත ඇත්හැර දාම යසාවේ//
කාමෙට ලොල් නැත රාජ අසෝකා
කාම දැලෙන් අල්ලන්නේ අසෝකා
කාමෙට ලොල් නැත රාජ අසෝකා
කාම දැලෙන් අල්ලන්නේ අසෝකා
නෑ බැරිවෙන්නේ නෑ
නැත හරියන්නේ ඔය කාරී//

කාරි නෑ/// මට

ආදරෙ ආදරෙ වෙන්නේ නෑ රාජානෝ
කාරි නෑ/// මට
ආදරෙ ආදරෙ වෙන්නේ නෑ රාජානෝ
කාරි විට කිම
කාරි වෙන්නේම නෑ
රාජාගේ ආදරේ මා කෙරේ ගත්තෝතින්//
වාසිවෙ වාසිවෙ කාසි බෝ දෙමි//
ඕනෑ නෑ /// මට
නැත හරියන්නෙ ඔය කාරි//

සි‍රි‍ සං‍ඝ‍ බෝ‍ධි‍  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍ය‍ය‍ - සිරිසඟබෝ(නීතිඥ ජෝන් ද සිල්වා)
ගා‍ය‍න‍ය‍ - නිශ්ශංක දි‍ද්දෙ‍ණි‍ය‍

සි‍රි‍ සං‍ඝ‍ බෝ‍ධි‍ මාළිගාවෙදී මම්
දැක ප්‍රානෙ හානෙ වෙන්
ට බැට දෙම්
සි‍රි‍ සං‍ඝ‍ බෝ‍ධි‍ මාළිගාවෙදී මම්
දැක ප්‍රානෙ හානෙ වෙන්
ට බැට දෙම්
අල්ලා බන්ඳා රන්ඳ බිඳ උන්දැ කොන්දා ලාමි සින්ඳා
සැන්ඳැ කාලෙ මාලීගාවෙ ඉන්නව සොයා
අල්ලා බන්ඳා රන්ඳ බිඳ උන්දැ කොන්දා ලාමි සින්ඳා
සැන්ඳැ කාලෙ මාලීගාවෙ ඉන්නව සොයා

ධර්මේ සීලෙ රම්නා රාජා ලාමි දිවිනසා
කර්මෙ වෙන්නෙ පස්සෙ හින්ද කිම්ද දෝසයා
කෝළහාල සිද්දවෙන්ට කාලෙ බෝ සොඳා//
තේජසාර සීලවන්ත ධර්ම සංඝ
බෝධි රාජ
භංගකරලමි නෑර මාළීගා සොයා
තේජසාර සීලවන්ත ධර්ම සංඝබෝධි රාජ
භංගකරලමි නෑර මාළීගා සොයා


සි‍රි‍ සං‍ඝ‍ බෝ‍ධි‍ මාළිගාවෙදී මම්
දැක ප්‍රානෙ හානෙ වෙන්ට බැට දෙම්..


බෝ දොස් කියා  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍ය‍ය‍ - වෙස්සන්තර(නීතිඥ ජෝන් ද සිල්වා)
ගායනය - ජයලත් මනෝරත්න


බෝ දොස් කියා මාගෙ
බෝ දොස් කියා

සිරි දේසේ වැසියො කිපී//
පන්නා මා ලූය මෙවන//
බෝ දොස් කියා මාගෙ
බෝ දොස් කියා

[දාසින් ලබාගෙනා
සම්බවෙන්ට සුන්දරී]//
යන්නටා හැකී වේදෝ//
දානෙ දෙයිද වෙස්සන්තර//

බෝ දොස් කියා ..

දාසින් ලබාගෙනා..

බෝ දොස් කියා මාගෙ../
/

කුමටද සොබනියෙ  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍යය - නරිබෑනා (දයානන්ද ගුණවර්ධන)
ගායනය - ජයශ්‍රී චන්ද්‍රජිත්

කුමටද සොබනියෙ කඳුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරි හෙල් අරඹේ ඇති ‍මගේ නිවසට
මම ඔබ ගෙන යන්නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම්

කුමටද සොබනියෙ කඳුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරි හෙල් අරඹේ ඇති ‍මගේ නිවසට
මම ඔබ ගෙන යන්නම්
කුමටද සොබනියෙ කඳුළු සලන්නේ

සඳ පායන කල ගඟබඩ ඉදගෙන
ඔබෙ හිස පීරන්නම්
ඔබෙ හිස පීරන්නම්
මල් පෙති විසිරුණු සුදුවැලි මතුපිට
ඔබගෙන ඇවිදින්නම්
ඔබ ගෙන ඇවිදින්නම්
සොඳුරියෙ ආදරබස් දෙන්නම්
සොඳුරියෙ ආදරබස් දෙන්නම්

කුමටද සොබනියෙ කඳුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරි හෙල් අරඹේ ඇති ‍මගේ නිවසට
මම ඔබ ගෙන යන්නම්
කුමටද සොබනියෙ කඳුළු සලන්නේ

තණ අග දිලිසෙන පිනිකැට අරගෙන
ඔබෙ ඇඟ දෝවන්නම්
ඔබෙ ඇඟ දෝවන්නම්
ඉර පායන විට පුබුදින මල්ගෙන ඔබෙ හිස සරසන්නම්
ඔබෙ හිස සරසන්නම්
කොමලියෙ ආදරබස් දෙන්නම්
කොමලියෙ ආදරබස් දෙන්නම්

මගෙ මන්ද්‍රි නම් බිසෝ  

Posted by: Sinhala Noorthi in , , ,

නා‍ට්‍ය‍ය‍ - වෙස්සන්තර (නීතිඥ ජෝන් ද සිල්වා)
ගායනය - සුදත් සමරසිංහ,
මැණිකෙ අත්තනායක

[මගේ මන්ද්‍රී නම් බිසෝ
ගේ
යාච්ඤාව බෝය වේගේ]//
[නෙක ඡණ්ඩ ව්‍යා‍ග්‍ර ආදී
උන්නත් හිමාල දේසේ]//
[හාමාත්ව ඉන්ට වේමැයි

බෝ දූක් විඳින්ට වන්නේ]//
[නවතින්න මාළිගාවේ
සීදේවි නේනු මාගේ]//

ගෙයි පාන නෑ ගියෝතින්
මම අන්දකාරෙ ඉන්නෙම්
[මා බැන්ද පෙම්බරා
ගේ
ඒ වාසෙ මාගෙ ප්‍රාසේ]//

[බෝ ඡණ්ඩ ව්‍යා‍ග්‍ර ආදී
උන්නත් හිමාල දේසේ]//
[එමි ස්වාමි එක්ක නික්මී
ඒ ජීවිතේට පේවී]//

නවතින්න මාළිගාවේ
සීදේවි නේනු මාගේ

එමි ස්වාමි එක්ක නික්මී
ඒ ජීවිතේට පේවී

නවතින්න මාළිගාවේ....
සීදේවි නේනු මාගේ.



හ‍නි‍ක‍ ව‍රෙ‍ව්‍ කො‍ල්‍ල‍නේ  

Posted by: Sinhala Noorthi in ,

නා‍ට්‍ය‍ය‍ - බෙ‍ර‍ හ‍ඬ‍
ගා‍ය‍න‍ය‍ - රො‍ඩ්‍නි‍ ව‍ර්‍ණ‍කු‍ල‍


[හ‍නි‍ක‍ ව‍රෙ‍ව්‍ කො‍ල්‍ල‍
නේ‍
මෙන්න මෙහෙ වරෙව්]//
[මෙන්න මෙහෙ වරෙව් කොල්ලනෙ
නට නටා වරෙව්]//
[තොපිට හරිම වාසියක්
නට නටා වරෙව්]//

[හ‍නි‍ක‍ ව‍රෙ‍ව්‍ කො‍ල්‍ල‍නේ‍

මෙන්න මෙහෙ වරෙව්]//
[මෙන්න මෙහෙ වරෙව් කොල්ලනෙ
නට නටා වරෙව්]//
තොපිට හරිම වාසියක්

නට නටා වරෙව්..යකෝ
තොපිට හරිම වාසියක්
නට නටා වරෙව්

[වැඩේ අමාරුත් නැතේ
තෑගි ටිකත් අපි අතේ]//
[රත්තරනින් එවන්නේ
හිරු දෙවියොයි කියන්නේ]/
///

[මෙන්න මෙහෙ වරෙව් කොල්ලනෙ
නට නටා වරෙව්]//
තොපිට හරිම වාසියක්
නට නටා වරෙව්..යකෝ
තොපිට හරිම වාසියක්

නට නටා වරෙව්
[හ‍නි‍ක‍ ව‍රෙ‍ව්‍ කො‍ල්‍ල‍නේ‍
මෙන්න මෙහෙ වරෙව්]//

[සාදු සාදු කියල්ලා

ප්‍රීති ඝෝෂ කරල්ලා]//
හිරු දෙවිඳුගෙ ගොපල්ලෝ
කන්ද උඩින් වරෙල්ලා
හිරු දෙවිඳුගෙ ගොපල්ලෝ
කන්ද යටින් වරෙල්ලා
[හිරු දෙවිඳුගෙ හරක් ගත්තු
හරක් හොරා හොයල්ලා]//
[ලෝකෙ වටේ ගොහිල්ලා
හරක් හොරා හොයල්ලා]//

[හිරු දෙවිඳුගෙ හරක් ගත්තු
හරක් හොරා හොයල්ලා....]//
වනන්තරේ සොයාපියෝ
ගල් අරඹේ සොයාපියෝ
මරු කතරේ සොයාපියෝ
මිනිස් වාසෙ සොයාපියෝ
[කඳු මුදුනේ ගං ඉවුරේ

වනන්තරේ සොයාපියෝ]//
[හිරු දෙවිඳුගෙ ගොපල්ලො අපි
අපිට දෙවියො බලාපියෝ....]//
[රන් අඹරණ පැළඳගත්ත
මහ පොළොවේ රන් වපුරන]//
අපිට දෙවියො බලාපියෝ//
/
[හරක් හොරා හොයාගන්න
සියලු දෙවියො පිහිටවෙයෝ....]//




පරසක්වල අපෙ (කිරිපුස්සා)  

Posted by: Sinhala Noorthi in ,

නා‍ට්‍ය‍ය‍ - සෙක්කුව (පරාක්‍රම නිරිඇල්ල)
ගායනය - එඩ්වඩ් ජයකොඩි

පරසක්වල අපෙ මහ රජ්ජුරුවෝ
තෑගි කලයි කිරිපුස්සා
සරු බිම හොයලා කම්
මැලි වීලා
පැන්නූවයි කිරිපුස්සා
නිදැල්ලෙ වැඩිලා දැන් හොඳ කඩිසර
කම්මැලි නැති කිරිපුස්සා
ආයෙත් සෙක්කුවෙ 'මේ සරු බිම හොයන්න'
බඳිනවදෝ කිරිපුස්සා

[රාළේ බැඳපන් කිරිපුස්සා
රාළේ බැඳපන් අපෙ පැඟිරා]//


දෙමුහුන් කුලයේ උපන්න කදිම
වෘසභ‍යෙ‍කි‍ අ‍පෙ‍ පැඟිරා
රටේම ඉපදී හැදිලා වැඩුනයි
රඟේට මේ අපෙ පැඟිරා
සරු බිම හොයලා මුරන්ඩු වීලා
කම්මැලි වුනු අපෙ පැඟිරා

ආයෙත් සෙක්කුවෙ 'සරු බිම හොයන්න'
බඳිනවදෝ අපෙ පැඟිරා

[රාළේ බැඳපන් අපෙ පැඟිරා
රාළේ බැඳපන් කිරිපුස්සා]//

මෙච්චර කල් උඹ සෙක්කු මගක සරු
බිම් හෙව්වා නොවැ රාළේ

කරෙන් ඇදල ගොන් මාරු කරල උඹ
හති වැටුනා නොවැ රාළේ
'රාළේ! රාළේ!!'
මහතැන දොඩවන බේගල් අහලා
තව රැඳෙනුද මෙහි රාළේ
පැඟිරා පන්නල පුස්සව බැඳලා
ගාටනවද අපෙ රාළේ


[රාළේ බැඳපන් අපෙ පැඟිරා
රාළේ බැඳපන් කිරිපුස්සා]///
අපෙ පැඟිරා..කිරිපුස්සා///




මතක සටහන්