පායන මේ බැද්දෙ  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - රාමායණය (නීතිඥ ජෝන් ද සිල්වා)
ගායනය - අමරසිරි පීරිස්

පායන මේ බැද්දෙ තාරපති ද මේ
ආල නොවී ඉන්ට කාට හැකිද මේ
දිලිසේ දත් මුතු සේම සුබාවී//
වරලේ රඳවා පුෂ්ප සුදිලිසේ
ආල නොවී ඉන්ට කාට හැකිද මේ//
පායන මේ බැද්දෙ තාරපති ද මේ
ආල නොවී ඉන්ට කාට හැකිද මේ

නාස නැමී ස්වර්ණ අංකුස ලෙස වේ//
දෑස ඇගේ ඉන්ද්‍රනීල මැණික සේ
ආල නොවී ඉන්ට කාට හැකිද මේ//
පායන මේ බැද්දෙ තාරපති ද මේ
ආල නොවී ඉන්ට කාට හැකිද මේ

ලෙලදේ පුන් තන සෞම්‍ය ලඳාගේ//
දැකලා කැලඹේ හර්දෙ මාගෙ බෝ
ආල නොවී ඉන්ට කාට හැකිද මේ//
පායන මේ බැද්දෙ තාරපති ද මේ
ආල නොවී ඉන්ට කාට හැකිද මේ//




ඈත එක් යුගයක  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967)
ගායනය - සුදත් සේනාරත්න

ඈත එක් යුගයක ලෙයින් නැහැවුන සමයක
කව්කාස්කි නගරයක සාපලත් නගර යයි නම් වූ
විසුවා යුව රාජයෙක්
ජෝර්ජි අබෂ්විල්ලි ඔහුගේ පුදුම නම විය
රූමත් බිරියකුත් දරුවෙක් ද පෘශ්ඨිමත්
සිටියාලු මේ රජු හට
ගෲසීනියාවේ වෙන කිසිම සුරෙකුට නොවූ තරම්
අසුන් අස් හලෙහිද යාචකයින්ද දොරකඩ
භටයෝද සේවයේ පෙත්සම්කරුවෝද ගෙමිදුල
මේ රජුට සිටියා
ජෝර්ජි අබෂ්විල්ලි කෙසේ නම් විස්තර කරන්නද ඔහු
ඔහු සැපෙන් සිටියා
පාස්කු ඉරු දින උදයේ පවුලත් සමග ඔහුගේ
සපැමුණා රජු දේව මැදුරට

යුධ භටය යන යුධයට  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967)
ගායනය - මානෙල් ජයසේන


යුධ භටය යන යුධයට
ඉඳින්නෙමි මම ඔබ එනතුරා
යනුව නොපැකිල සටනට
ලෙයින් නැහැවුන කුරිරු යුධ බිම
නොඑන මුත් සැම දෙන
මිදී
ඉඳින්නෙමි මම ඔබ එන තුරා
ඇහැල ගස මල් පල දරන විට
ඇහැල ගස යලි කොල සලන විට
සීත සමයේ හිම වැටෙන විට
වසන්තේ මල් කෙමි ඇදෙන විට
යන යුධට හැම
අයම එන තුරු
ඉන් පසුව වුව ඉඳිමි නිරතුරු
යෙහෙන් ගොස් යලි එනුව යහතින්
මග නොමග දෙව් සරණ ලබමි
න්


මේ තියෙන්නෙ කන්තෝරුව  

Posted by: Sinhala Noorthi in

නාට්‍යය - ජනේලය (හෙන්රි ජයසේන) (1961)
ගායනය - සැන්ටින් ගු
ණවර්ධන සහ පිරිස

මේ තියෙන්නෙ කන්තෝරුව
වැඩ අරඹන කන්තෝරුව
වැඩ නිමවන කන්තෝරුව
මහ රැජිනගෙ කන්තෝරුව

මේ තියෙන්නෙ කන්තෝ
රුව..

ලොක්කන් එනවා ඇවිල්ල යනවා
ආයෙත් එනවා ඇවිල්ල යනවා
කන්තෝරුව නම් මෙහෙ නවතිනවා

මේක තමයි කන්තෝරුව
මං ඉපදුනු කන්තෝරුව
වයසට යන කන්තෝරුව
පණ යන තුරු කන්තෝරුව
මට විතරක් නැති මාරුව
මේක තමයි කන්තෝරුව
මෙතන තමයි කයිවාරුව
මේක තමයි කන්තෝරුව

උදේට එනවා හවසට යනවා
ජනෙල් අරිනවා ජනෙල් වහනවා
හවසට යනවා උදේට එනවා

මගෙ නම පුටුපාලයා
මෙතන පියුම්කාරයා
තරහ ගියොත් මාරයා
මගෙ නම පුටුපාලයා




ජනේලයෙන් නිල් අහස  

Posted by: Sinhala Noorthi in

නාට්‍යය - ජනේලය (හෙන්රි ජයසේන) (1961)
ගායනය - සුධාරක ජයසේන


ජනේලයෙන් නිල් අහස පෙනෙන්නේ
රෑ ආකාසේ තරු බබලන්නේ
ජීවන සුළඟයි පිසගෙන එන්නේ
කුමටද ඉන් දිවි තොරකර ගන්නේ

ජනේලයෙන් මහ සයුර පෙනෙන්නේ
ජීවිතයයි එහි රළ පෙරළන්නේ
ජීවිතයයි ඉන් පිටත පෙනෙන්
නේ
කුමටද ඉන් දිවි තොරකර ගන්නේ

ජනේලයෙන් ජීවිතය පෙනෙන්නේ
ජනේලයෙන් ජීවනය ගෙනෙන්නේ
ජීවිතයෙන් හද පුරවාගන්නේ
කුමටද ඉන් දිවි තොරකර ගන්නේ

ගුලිවී හැමදා හිර ගෙයි ඉන්නේ
ඉන් පැනයන්නට මග පෑදෙන්නේ
හිරගෙයි කෙලෙසද මා පැනයන්නේ
ජනේලයෙන්මයි මා පැනයන්
නේ



සුවඳ පද්ම  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - දුටු ගැමුණු (නීතිඥ ජෝන් ද සිල්වා)
සුවඳ පද්ම
ගායනය - විශාරද නන්දා මාලිනී


සුවඳ පද්ම ඕලු ආදි
නොයෙක පුෂ්පයෙන් සැදී
සරණ හංස සේරු බෝම
පොකුණු සීත පැන් පිරී

වතුර නාන නෙක් දනෝ
පැමිණ නාති ග්‍රීෂ්ම යන්ට
මමද නාග ලෝකයෙන්ම
මෙපුර ආමි නාන සේ


පෙනෙන තූප මේ පුරේ
වඳිති ඊට දීප වාසි
රකිති ධර්ම සාක්‍ය වං

මුනිඳු දේශනා ලෙසේ


ලෝනා මුනි රාජගේ  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - හේමමාලි (නීතිඥ චාල්ස් ඩයස්)
ගායනය - ඉවංකා පීරිස්, වික්ටර් වික්‍රමගේ

 
ලෝනා මුනි රාජගේ ශ්‍රී දළදා පෙන්වමී
//

මාගෙ හිසකේ ගර්භයෙහී//
සඟවාගෙනා ආ සාදරෙන්
මාගෙ හිසකේ ගර්භයෙහී
සඟවාගෙන ආ සාදරෙන්//

ලෝනා මුනි රාජගේ ශ්‍රී දළදා පෙන්වමී//

අත්ලට ස්වාමීගේ වඩවමී//
දාඨාදා අප දියනා ගේ//
අත්ලට ස්වාමීගේ වඩවමී
දාඨාදා අප දියනා ගේ//

ලෝනා මුනි රාජගේ ශ්‍රී දළදා
පෙන්වමී//

උතුමානන් වැලන්ටයින්  

Posted by: Sinhala Noorthi in

නාට්‍යය - මෙතනින් මාරු වෙනු (ඊ එම් ඩී උපාලි)
ගායනය - ජැක්සන් ඇන්තනී


වීර විකුම් පෑ ජෙනරල් වැලන්ටයින් උතුමානනි
අවසර උඹ පිලිගන්නට මේ කීකරු බලු කුක්කට
කලකට පෙර මියැදුනාට හතර රියනෙ වැළලුනාට
උඹෙ උත්තම රාජකීය උණුසුම මට දැනේ තාම
උඹේ සපත්තුව වැළඳ බදා.. උඹේ ස
බුක්කුවෙ පහර කකා//
ගතකල මනරම් සොඳුරු දිවිය ඒ
දෙවියනි මුන් අද කරති නිගා
ඉරක් උදාවන්නෙ කුමටා..අඳුර තමා මත පරම සැපා//
ඒ ඝන අඳුරේ කිරුළු දරන්නට
උතුමානනි අද වඩිනු සොඳා..
' ජෙනරාල් වැලන්ටයින් උතුමානනි!
මං ඔබේ කීකරු බලු කුක්කා
පැබ්ලෝ '

බොල බූරු පුතේ  

Posted by: Sinhala Noorthi in

නාට්‍යය - දෙව්ලොව යනකන් (ආනන්ද එස් විජයසිරි)
ගායනය - ටයිටස් සී පෙරේරා,පුණ්‍යා කත්‍රිආරච්චි

අපි යන්ට යමු අපි යන්ට යමූ..
දෙව්ලෝකෙ දිහා විගසින්
බොල බූරු පුතේ බොල බූරු පුතේ..
දුක සෝකා ඉතින් ඉවසන්//

නදු නයනා සුව දෙවනා සුර විමනා සතපමි මා//
දුක ඉවසා බර උසුලා යමු විගසා එම පෙදෙසා//

රස කෑමෙන් සහ බීමෙන් සිතු අටියෙන් සැනසීයන්//
නුඹ සිතනා නුඹ පතනා සැප සැක නෑ එහි ලැබෙනා//

තව යොදුනා යමු ඉතිනා නොඅලසිනා යන ගමනා//
සුර විමනා නෙත ගැටෙනා තුරු දුකිනා හද දැවෙනා//

යන්ට යමු අපි යන්ට යමූ..
දෙව්ලෝකෙ දිහා විගසින්
බොල බූරු පුතේ බොල බූරු පුතේ..
දුක සෝකා ඉතින් ඉවසන්///

දුල් නිමල්  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - ඉයුජීන් නාඩගම (වී ක්‍රිස්ටියන් පෙරේරා)
ගායනය - නිශ්ශංක දිද්දෙණිය

දුල් නිමල් සිසි සේ දිසි සර දඹ
රේ
දිසි සර දඹරේ සිරි
කල් අකල් නිතරේ රැඳි පුර මැදුරේ සිරි
කල් අකල් නිතරේ රැඳි පුර මැදුරේ
තෙද නැඹලා.. කිත් පතලා//
රිසි ලන්දූ නයන නිති රැන්දූ රසාඳුන
බන්දූ මපිය නරනින්දු සසෝබන//
සව්සැපත් එකට පත්කල අයුරේ...
පත්කල අයුරේ....
ගරු සව්රියත් දනන් වසන මේ නගරේ
ගරු සව්රියත් දනන් වසන මේ නගරේ
සිප් සලේ....බොහෝ කාලේ//
සිට සරු නැණින සුර ගුරු සදිසි එඇඳුරු
වෙතෙහි නිරතුරුම වසනෙමි
ඇඳුරු වෙතෙහි නිරතුරුම වසනෙමි
තුන් රුවින් සලෙල බිඟු ලොල් කරන..
බිඟු ලොල් කරන..
සුනිමල් කමල් මෙපුර වරඟන උව
නා
සුනිමල් කමල් මෙපුර වරඟන උවනා
සක මෙමගේ... දුක නොහැඟේ//
යන සුබාරු සිරුරෙසු රඹාකිකල ලැබ
තඹා මසිත එපියඹා විඳිනු වෙද//
දුල් නිමල් සිසි සේ දිසි
දුල් නිමල් සිසි සේ... දිසි
දුල් නිමල් සිසි සේ දිසි
සර දඹරේ... දිසි
සර දඹරේ... සිරි
කල් අකල් නිතරේ රැඳි පුර මැදුරේ සිරි
කල් අකල් නිතරේ රැඳි පුර මැදුරේ

සුළඟින් බිත්ති තැනූ  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍යය - තාරාවෝ ඉගිලෙති (ලූෂන් බුලත්සිංහල)
ගායනය - අනුලා බුලත්සිංහල


සුළඟින් බිත්ති තැනූ සුවඳින් පිරි
යම් වූ
මාලිගයකි මගෙ හද දොරගුලු නැති
පිරී තියේ තදබද වී ආදරේ..

අහසකි මගෙ හිස සියොතුන් හැසිරෙන
සැමරුම් මේ කුළු අතර නිරන්තර
නිදහස ඇත කාටත් පිවිසෙන්නට
ඉන්න එපා පිලිපත්තේ ආ
දරේ..

මුව විට තෙක් හද ඔබෙන් පිරී ඇත
එනමුත් සැමදින පුංචි ඉඩක් ඇත
තව එක් අයෙකුට පිවිසිය හැකි ලෙස
දොරක් වැසී දොරක් ඇරේ ආදරේ

සුළඟින් බිත්ති තැනූ..

මතක සටහන්