කලට යලට  

Posted by: Sinhala Noorthi in , , ,

නාට්‍යය - රාජ කපුරු (ජනක් ප්‍රේමලාල්/සිරිසේන ප්‍රේමලාල්)
ගායනය - රවින්ද්‍ර යසස් කුමානායක


කලට යලට වැහි වැහැලා
ගොවිතැන් බ
ත් සරුවුනාය
එතෙර මෙතෙර තෙර නොපෙනෙන
වැව් තටාක ඉදිවුනාය///

අහස උසට මහ දාගැබ්
පින් කෙත් වී වැජඹුනාය
සකල සිරින් පිරි සිරිලක
දහම් දිවයිනක් වුනාය///

අතීතයේ සිදුවුනුදේ
අද එලෙසම සිදුනොවෙතේ
අනාගතේ සිදුවෙන දේ
හිතෙනකොටත් පුදුම හිතේ///

හිතෙන දෙයක් සිදු නූනට
ඒකට ලතවෙන්න එපා
නොහිතන දේ සිදුවුනාට
ඊටත් ලතවෙන්න එපා///

සකල සිරින් පිරි සිරි ලංකාවේ පුදුම හතේ වැඩ සිදුවෙනවා//
අටවෙනි පුදුමේ ඔන්න සුදනනේ බලාගනිල්ලා ලඟ එනවා//
මඟුලතු ඇවිදින් පින් ඇති කෙනෙකුගෙ පාමුල වැ
ටිලා නමදිනවා//
ඒ පින් ඇත්තා එදා පටන් අපෙ සිරි ලංකාවට රජ වෙනවා//
සිරි ලංකාවට රජ වෙනවා//


නුවණට අධිපති  

Posted by: Sinhala Noorthi in , , ,

නාට්‍යය - රාජ කපුරු (ජනක් ප්‍රේමලාල්/සිරිසේන ප්‍රේමලාල්)
ගායනය - රවින්ද්‍ර යසස් කුමානායක

නුවණට අධිපති ගණ දෙවි සුරි
ඳුනි
මී වාහන පිට වැජඹෙන සුරිඳුනි
නුවණට අධිපති ගණ දෙවි සුරිඳුනි
මී වාහන පිට වැජඹෙන
සුරිඳුනි
ඇත් හිසකින් හිස සැරසුන සුරිඳුනි
ගැත්තහු හට දෙ
නු..
වරමක් දෙනු සුරිඳුනී//

රඹ කැන් උක් දඬු ඔබට පුදන්නෙ
මි
රත්තරනින් මිණි කිකිණි පුදන්නෙමි
රඹ කැන් උක් දඬු ඔබට පුදන්නෙමි
රත්තරනින් මිණි කිකිණි පුදන්නෙමි
ජීවත්වෙන්නට නුවණ පතන්නෙමි
පේන කියාන්නට..
වරමක් ඉල්ලමී..

භූලෝ පැමිනි  

Posted by: Sinhala Noorthi in , , ,

නාට්‍යය - විධුර (නීතිඥ චාල්ස් ඩයස්)
ගායනය - මැණිකෙ අත්තනායක,නිශ්ශංක දිද්දෙණිය


භූලෝ පැමිනී රාග බෙ
ලේනී//
බැඳගෙන සිත යම් කෙනෙකුගෙ වැරසැර//
භූලෝ පැමිනී රාග බෙලේනී//

ආන්ත්‍ර වේදෝ එරන්දතීටා
නරලොව ගමනින් නුපුරුදු තොපටා//

බය නොසිතුව මැන මෙමා ගැනා
මෙමා ගැනා//
බය නොසිතුව මැන මෙමා ගැනා
මෙමා ගැනා//

භූලෝ පැමිනී රාග බෙලේ
නී//


සංග්‍රහ කලේ දැන්  

Posted by: Sinhala Noorthi in , ,

නා‍ට්‍ය‍ය‍ - පද්මාවති (නීතිඥ චාල්ස් ඩයස්)
ගායනය - නිශ්ශංක දිද්දෙණිය


සංග්‍රහ දැන් කලේ ප්‍රීතී සිත්හි මගේ පව
තී
සංග්‍රහ දැන් කලේ ප්‍රීතී සිත්හි අපේ පවතී
රජා මෙහී පත්වූ සන්දා මා සිත් බෝ ප්‍රිය වී මෙදා
රජා මෙහී පත්වූ සන්දා අප සිත් බෝ ප්‍රිය වී මෙදා
පවතීවා බොහෝ කල් මිතුදම් සතොසා//
සංග්‍රහ දැන් කලේ ප්‍රීතී සිත්හි මගේ පවතී
සංග්‍රහ දැන් කලේ ප්‍රීතී සිත්හි අපේ පවතී

මා සිත්හි බෝසේ බෝසේ ඇත්තේ මැයි
ලෙස පැවසූයේ
අප සිත්හි බෝසේ බෝසේ ඇත්තේ මැයි ලෙස පැවසූයේ
දැන් යමූ වාසනා නොලසා සතොසා//
සංග්‍රහ දැන් කලේ ප්‍රීතී සිත්හි මගේ
පවතී
සංග්‍රහ දැන් කලේ ප්‍රීතී සිත්හි
අපේ පවතී


පාද පාද දැන් නගා  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍යය -ශකුන්තලා (නිතිඥ ජෝන් ද සිල්වා)
ගායනය - නිශ්ශංක දිද්දෙණිය,නිරෝෂා විරාජිනි


පාද පාද දැන් න
ගා
ඇයි ද යන්ට නික්මුණේ

පාද පාද දැන් නගා
ඇයි ද යන්ට සිදුවුණේ//

සිත බැඳුනේ දුටු එසැණේ
නෙතු පිනුනෙය රූබරී

සිත බැඳුනේ දුටු එසැණේ
නෙතු පිනුනෙය ස්වාමිනේ

පාමි පාමි මා සෙනේ

පාද පාද ...

කිරීටයේ දිලෙන මේ ශිරෝමණී බඳූ //
මගෙ මෙ ශිරෝමණී බඳූ //
තොප දැක කෙලෙස ඉඳිමි
සොබන රුසිරැති ලඳා

ඔබ දැක කෙලෙස යමි ද
සොබන රුසිරු රජිඳ මා

පරසිදු රුසිරැති ලඳා
කුලඟන මේ මට නියමේ
නොදුවනු මගෙ ආදරේ
පාමි පාමි තී කෙරේ

සිත බැඳුනේ දුටු එසැණේ
නෙතු පිනුනෙය ස්වාමිනේ
පාමි පාමි මා සෙනේ

පාද පාද ...

Now on Facebook!  

Posted by: Sinhala Noorthi

ශ්‍රියා මනමත්වී  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍යය - රාමායණය (නීතිඥ ජෝන් ද සිල්වා)
ගායනය - වික්ටර් වික්‍රමගේ


ශ්‍රියා මනමත්වී මාගේ දැකලා උන්මාද වේවී හර්දේ//
සනසාපන් මෙමාව කල් නෑර පින්සාර රන් ලන්ඳේ//
ශ්‍රියා මනමත්වී මාගේ දැකලා උන්මාද වේවී හර්දේ
සිඹගන්ට තිගෙ මූණ දෙනවා නම් බෝම පින් අත්වේ//
මාගේ මනාපේ ප්‍රසීද්දේ මං කීවෙමි ලන්ඳේ//
මං කීවෙමි ලන්ඳේ
ශ්‍රියා මනමත්වී මාගේ දැකලා උන්මාද වේවී හර්දේ
පොඩි දන්ත මුතු සේම දිළිසේ කල්‍
යාණ ලන්ඳාගේ//
පෑවූ ආකාසේ චන්ද්‍රා සේ දිස්නේ වත තීගේ//
දිස්නේ වත තීගේ
ශ්‍රියා මනමත්වී මාගේ දැකලා උන්මාද වේවී හර්දේ//

අඹ දඹ නාරං  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍යය - රාමායණය (නීතිඥ ජෝන් ද සිල්වා)
ගායනය - නිමල් ජයසිංහ

අඹ දඹ නාරං කෙසෙල් දෙල් පනා කකා මේ වනා සැපා ලබනෙම්//
ගංගාවේ ඕලු ඇත්තෙ ඒවාගේ කෑම නැත්තෙ ඇත්
තෙ පුෂ්ප අත්තෙ අත්තෙ ඒවා පිපේ//
අඹ දඹ නාරං කෙසෙල් දෙල් පනා කකා මේ වනා සැපා ලබනෙම්//
පක්ෂි නාදේ රෑත් ඇසේවී හීන් හඬම දෙත්මැයි//
මල්ලිකා වැල් බොහෝ තිබෙන්නා//
විසාල මේ වනේ මං ප්‍රවේසම් බොහොම වෙලා ඉන්නෙම්
ප්‍රවේසම් බොහොම වෙලා ඉන්නෙම්
වාසෙ සොඳා බැද්දෙ මෙදා ප්‍රීති සදා වෙයි නිබඳා බෝ මාදං ඇත්තෙ මේ ගසේ//
අඹ දඹ නාරං කෙසෙල් දෙල් පනා කකා මේ
වනා සැපා ලබනෙම්////

හිතා උන්න සේම  

Posted by: Sinhala Noorthi in , ,

නා‍ට්‍ය‍ය‍ - සිරිසඟබෝ (නීතිඥ ජෝන් ද සිල්වා)
ගායනය - නිශ්ශංක දිද්දෙණිය


හිතා උන්න සේම රාජ ධූරේ අත්වී තිබේ//
අත්වී තීබේ///
ආ.... අත්වී තිබේ
ආ....
හිතා උන්න සේම රාජ ධූරේ අත්වී තිබේ

හොඳ හැටි කකා බිබී සැප ලබතෑකී//
හිත ප්‍රීති වේය මාගෙ බෝ දැන් බෝ දැන්
ආ.... බෝ දැන්//
ආ....
හිතා උන්න සේම රාජ ධූරේ අත්වී තිබේ//

මොකටද ආගමක් සැප හැර මේ ලොවේ//
හිත ප්‍රීති වේය මාගෙ බෝ දැන් බෝ දැන්
ආ.... බෝ දැන්//
ආ....
හිතා උන්න සේම රාජ ධූරේ අත්වී තිබේ///


දන්නෝ බුදුන්ගේ  

Posted by: Sinhala Noorthi in , , , ,

නාට්‍ය‍ය‍ - සිරිස‍ඟ‍බෝ (නීතිඥ ජෝන් ද සිල්වා)
ගායනය - නිශ්ශංක දිද්දෙණිය, නිමල් ජයසිංහ, වික්ටර් වික්‍රමගේ


දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා
පේවි රකිතී සොඳ සීලේ
නිබන්ඳා
දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා
පේවි රකිතී සොඳ සීලේ නිබන්ඳා

ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ//
රහතුන් නිවසනා පාය ප්‍රකාසේ //

භූලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ
පේනා මෙපුර මුණි සාසන
වාසේ
සෘධියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ//
සෙවනැල්ලෙහි හිරු රශ්මිය භංගේ

මානෙල් නෙලුම් හා ඕලූ පුෂ්පාදී
ඇත්තේ පොකුණු වල බෝ ජල පෑදී
සේරූ පන්තී පන්තී පීනතී බෝසේ//
අනුරාධ නගරය දැන් පෙනේ ඕ
සේ///



හෝයියා හෝයියා  

Posted by: Sinhala Noorthi in


නාට්‍යය - කරදිය (මුද්‍රා නාට්‍යය) (චිත්‍රසේන)
ගායනය - පණ්ඩිත් අමරදේව ඇතුලු පිරිස


හෝයියා හෝයියා-හෝයියා
හෝයියා////
හෝ.........
හෝයියා හෝයියා-හෝයියා හෝයියා////
හෝයියා හෝයියා-හෝයියා හෝයියා////
හේලෙ හෙලෙයි හෙලෙයි හෙලෙයි හෙලෙයියා..
හෝයියා හෝයියා-හෝයියා හෝයියා//

මහ මුහුදේ.. ඈත ඉඳන්//
වෙරළ බලා දවස පුරා.. දවස පු
රා
වෙරළ බලා දවස පුරා..
රැළි පිට රැළි පෙරළි පෙරළි ඇදෙනවා
හේලෙ හෙලෙයි හෙලෙයි හෙලෙයි හෙලෙයියා..

හෝයියා හෝයියා-හෝයියා හෝයියා////

ජීවිතයත් මුහුද වගේ...
නිමක් නැතේ කොනක් නැතේ
යනවා ආපහු එනවා...
යනවා ආපහු එනවා
කරදර දුක් ගැහැට මැදින්
කඳුළු මැදින් සුසුම් මැදින්
සෑමදාම එක වාගේ ඇදෙනවා

හෝයියා හෝයියා-හෝයියා හෝයියා////

රෑ යාමේ.. ඝන අඳුරේ..
හෙණ හඬ විදුලිය අතරේ
වැහි නොබලා.. පිනි නොබලා..
කුණාටු දිය වැල් නොබලා..
හීතල හිම සුලං මැදින්
මරුට හොරෙන් සෙමෙන් සෙමෙන්
ඈත එපිට දියඹ බලා ඇදෙනවා.
..

හෝයියා හෝයියා-හෝයියා
හෝයියා////
හේලෙ හෙලෙයි හෙලෙයි හෙලෙයි හෙලෙයියා..


මං බාලේ  

Posted by: Sinhala Noorthi in

නාට්‍යය - ශ්‍රී ගජබා (විජය නන්දසිරි)


ඕ..ඕ..ඕ..ඕ...ඕ...

මං බාලේ ඇතිකල දරු පැටවුන්ට
සිදුවූ දේ බැරිය මට වාවාගන්ට
ඕ.....ඕ........
පරදේසේ ගොසින් සිදුවිය කඹුරන්ට
රට හාලේ බතට ලුණු ඉහගෙන කන්ට

ඕ..ඕ..ඕ..ඕ...ඕ...

අනේ දෙවියනේ මට වුනු වියෝයා
සොළී මහිමි මපුතුන් ගෙන ගියෝයා
ඕ.....ඕ........
කුසේ ගිනි උඩට සිත ගිනි දනෝයා
රටේ රජුට ඇස් නැත කන් නැතෝයා
ඕ..ඕ..ඕ..ඕ...ඕ...


කෝච්චියක් එනවා  

Posted by: Sinhala Noorthi in


නාට්‍ය‍ය‍ - කකුල් හතරෙ ඉලන්දාරියා (ආර්.ආර්.සමරකෝන්)


චුකු බුකු චුකු බුකු චුකු බුකු චුකු බුකු//
කෝච්චියක් එනවා..
අන්න බලන් සකි මෙන්න බලන් සකි
කෝච්චියක් එනවා///

චුකු බුකු චුකු බුකු චුකු බුකු චුකු බුකු
චුකු බුකු චුකු බුකු චුකු බුකු හූ //

ජපානයෙන් සිරි ලංකාවට කෝච්චියක් එනවා
අහා හා කෝච්චියක් එනවා
කෝච්චියේ නැග ....ටා අප
නොඑන ගමන් යනවා
ආපහු නොඑන ගමන් යනවා

චුකු බුකු චුකු බුකු..

කෝච්චියේ නැග පුංචි රාළ අපෙ
කඩුලු හතෙන් පනිතෙයි
තෙතෙයි තෙයි කඩුලු හතෙන් ප
නිතෙයි
කඩුලු හතෙන් පැන කොන්ද කඩාගෙන
බිම ඇදගෙන වැටතෙයි
තෙතෙයි තෙයි බිම ඇදගෙන වැටතෙයි

චුකු බුකු චුකු බුකු..

වරෙන් මස්සිනේ මගෙ පිටිපස්සෙන්
සුදු කොඩි උස්සන්නං
අහා හා සුදු කොඩි උ
ස්සන්නං
ඊට පස්සෙ මං එයාව බැඳ
ගෙන
ජයට මගුල් කන්නං
මේ මම ජයට මගුල් කන්නං

චුකු බුකු චුකු බුකු..

බුද්ධයාය සන්සුන්ගම  

Posted by: Sinhala Noorthi in ,

නා‍‍ට්‍යය - කනේරු මල් (ජයලත් මනෝරත්න)


බුද්ධයාය සන්සුන්ගම කිරිමැටියේ
පන්සල් ගොඩැල්ල ද කවුඩු
ල්ලේ
පලුගස්දමන පුලතිසිගම බෝදන්ඩේ
නෑ මගෙ පුතා නෑ ඔ
හු කොයිබද ඉන්නේ//

පුබ්බරු පුතේ දුක බෝමයි හඬනකොට
වෙනදාටත් වඩා තනිකම දැනෙයි මට
නුඹත් හඬනවා පැටියා ම
ල දුකට
කිරිල්ලියේ මම මොනවා කරන්නද//

ලබන පුර හඳට එනවයි කියාපන්
බිසව් ඉන්න තැන දරු
දුක නොකියා ඉඳින්
නොහඬා කුඹුර ලඟ පියඹා ගෙදර ගොහින්
පිල් කණ්ඩියට වී දරු දුක කියා ඉඳින්//



පෙ‍ර‍හැ‍ර‍ එ‍න‍වෝ‍  

Posted by: Sinhala Noorthi in ,

නා‍ට්‍ය‍ය‍ - ක‍නේ‍රු‍ ම‍ල්‍ (ජයලත් මනෝරත්න)

පෙ‍ර‍හැ‍ර‍ එ‍න‍වෝ‍ ක‍ස‍ පු‍පු‍ර‍න‍වෝ‍
පෙ‍ර‍හැ‍ර‍ එ‍න‍වෝ‍ ල‍ස්‍ස‍න‍යි‍
පෙ‍ර‍හැ‍ර‍ එ‍න‍වෝ‍ ක‍ස‍ පු‍පු‍ර‍න‍වෝ‍
පෙ‍ර‍හැ‍ර‍ එ‍න‍වෝ‍ ල‍ස්‍ස‍න‍යි‍ වේ‍ද‍න‍යි‍
ත‍න‍ම් දෙ‍න‍ත්‍ ත‍ම්‍ දෙ‍න‍ත්‍ ත‍න‍ම්‍ දෙ‍න‍
තන‍ම්‍ දෙ‍න‍ත්‍ ත‍නෙ‍නා‍

පො‍රොන්දු මිටියක් හිසින් දරාගෙන
වියන් රෙද්ද යට රන් කරඬුව ගෙන //
ගෙයින් ගෙයට පැන ගමින් ගමට එන//
බලන් වඩින රඟ පොරොන්දු පෙරහැ
ර මේ//

අත්පිට තබමින ඇත් පිට නගිමින
පොරොන්දු මිටි ගෙන බල පෙරහැර එන

අත්පිට තබමින ඇත් පිට නගිමින
පොරොන්දු මිටි ගෙන
බල පෙරහැර එන
බැඳ බැඳ වෙස් මුහුණින් ද
වැඳ වැඳ දණ නමමින් ද
සොඳ සොඳ බණ දෙසමින් ද
වඩින රඟේ.. ////


හකුරුත් දුංකොලත්  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - තල මල පිපිලා (ජයලත් මනෝරත්න)
ගායනය - ජයලත් මනෝරත්න


හා!පටන් ගනිමු!!
සොකරි කතාවේ පරයට දුම් පෙවීම.

තෙයියත් තෙයියත් තෙයියත් තා
තෙයියත් තෙයියත් තෙයියත් තා
තෙයියත් තෙයියත් තෙයියත් තා

හකුරුත් දුංකලත් කංසා එක පමන
ඇඹරූ ලෙසට අල්ලේ පොඩිකරල ගෙන
කංසා ගඩුගුඩාවට දිය වත්කරන
ගුරුවත් සොකරිත් බොති කංසා ඉ
ඟන

මටාත් දියාන් ගුරුහාමී කංසා ඉල්ලන
තටා දෙන්ට කංසා නැත ගුරුවා කියමින
පිහා කැත්ත අතේ ගගා මුවඅත බලමින
මටාත් නොදූන්නොත් කංසා ගුරුවා මරමින

හිංසා පීඩා විඳින්ට මුන්ගෙන් මට
බැරුවා
කංසා ගඩුගුඩා පොල්ල කොන්ට අතට දෙනවා
පිස්සා වෙන්නට සොකරි පරයට දුම් පෙව්වා
උස්සා දමලා පරයගෙ කංස දෙකට එලුවා

රාමා රාමා මගෙ හොඳ රාමා
කංසා බීලා මත්වුනු රාමා
රාමා රාමා මගෙ හොඳ රාමා
අම්මා ආවා නැගිටින් රාමා//
//



අන්න බලන් සඳ  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - කුණ්ඩලකේශී (මහගම සේකර)
මුල් ගායනය - බෙන් සිරිමාන්න, ට්‍රිලීශියා ගුණවර්ධන
නව ගායනය - එඩ්වඩ් ජයකොඩි , සන්ධ්‍යා දීපානි

අන්න බලන් සඳ රන් තැටියෙ
න්
සුදු සීත ගඟුල් ගලනා
හද සෝක තැවුල් නිවනා
//

චන්දන පල්ලව කෝකිල කූජන
සංගීතයේ පැටලී//
සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ//
ආදර බස් කියනා
හඬ දේවිනි කන් පිනනා

අත් පසුරෙන් තුරු පෙම්බරයන්
බඳ බන්දා සෙනේ සිතිනි
ලිය වැල් පැටලී ගොසිනී
//
පුෂ්ප පිපී මකරන්ද ගලා ඒ
මාරුතයේ හැපිලා//
මන්මද රංගන මණ්ඩපයේ මෙම//
මන්ද බලා හිඳි
නේ
තව පෙම්බර මා සාමිනේ

අන්න බලන්
සඳ ..


මුල් ගීතය

ග‍ම්‍භී‍ර‍ තෙ‍දැ‍ති‍  

Posted by: Sinhala Noorthi in ,

නා‍ට්‍ය‍ය‍ - බැලසන්ත නාඩගම
ගා‍ය‍න‍ය‍ - නිශ්ශංක දිද්දෙණිය


ග‍ම්‍භී‍ර‍ තෙ‍දැ‍ති‍ කො‍(න්)ස්‍ත‍න්‍තී‍නු‍පු‍රේ‍
කො‍ස්‍ත‍න්‍තී‍නු‍පු‍
රේ‍
පුරවර්ධන කරන අග නරනා මෙ මම්//

නාමය මං අලිසන්දිරී//
මම ධර්මෙන් මෙපුර පාලන කරමින්නේ
ධර්මෙන් මෙපුර පාලන කරමින්නේ
ඉන්නේ මැදුරෙ ප්‍රීතිය විඳිමින්
නේ//
එහෙම උනාත් මෙ මට ඇත
ලොකුම දුකාක්
මෙ මට ඇත ලොකුම දුකාක්
කරකාරියක් නැතුව සිත
නොමැත සැපාක්//
එය විසඳාගන්නා ලෙසා...//
මගෙ මන්ත්‍රී කැඳවා මම
පහදා කියමි එය//
නොමැත ලඳක් මෙහෙසිය ලෙස ගන්නට//

ග‍ම්‍භී‍ර‍ තෙ‍දැ‍ති‍ කො‍ස්‍ත‍න්‍තී‍නු‍පු‍රේ‍
කො‍ස්‍ත‍න්‍තී‍නු‍පු‍රේ‍
පුරවර්ධනකරන අග නරනා මෙ මම්//


ප‍ලු‍ ප‍ල‍ ම‍ල්‍ ස‍පි‍රි‍  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍ය‍ය‍ - රො‍ම්ලින් හෙ‍ව‍ත්‍ දි‍ව්‍ය‍ කු‍සු‍ම‍ ( සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර)
ගා‍ය‍න‍ය‍ - එ‍ඩ්‍ව‍ඩ්‍ ජ‍ය‍කො‍ඩි‍


ප‍ලු‍ ප‍ල‍ ම‍ල්‍ ස‍පි‍රි‍
නෙ‍තු‍රු‍ ඇ‍සු‍රු‍ බ‍ම‍රු‍ රැ‍සා‍ එයි‍//
මී‍රි‍ මී‍රි‍ නා‍ද‍ තො‍සා‍ වෙයි‍
කි‍ර‍ කි‍ර‍ නා‍ද‍ එ‍සේ‍ මැයි ////
ප‍ලු‍ ප‍ල‍ ම‍ල්‍ ස‍පි‍රි‍
නෙ‍තු‍රු‍ ඇ‍සු‍රු‍ බ‍ම‍රු‍ රැ‍සා‍ එයි‍
උයන මෙ සරන සැරී
සපිරි රුසිරි කුමරි සිරීසෙයි//
නිලුපුල් අක්ෂි සිරීදෙයි
මාලා මුතු බෙල්ලේ දිළීසෙයි//
නිලුපුල් ආ..ක්ෂි සිරීදෙයි
මාලා මුතු බෙල්ලේ දිළීසෙයි
//
ප‍ලු‍ ප‍ල‍ ම‍ල්‍ ස‍පි‍රි‍
නෙ‍තු‍රු‍ ඇ‍සු‍රු‍ බ‍ම‍රු‍ රැ‍සා‍ එයි‍//

ආලෙ බැන්ද මාගෙ රම්‍ය‍වන්  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍ය‍ය‍ - දික්තල කාලගෝල

ආලෙ බැන්ද මාගෙ රම්‍ය‍වන්
මේ.. ආලෙ බැන්ද මාගෙ රම්‍ය‍වන්//
මේ සුනිමල මගෙ දික්ත
ල//
ආලෙ බැන්ද මාගෙ රම්‍ය‍වන්
මේ.. ආලෙ බැන්ද මාගෙ රම්‍ය‍වන්

අවුරුදු සතක් දුකීන මෙහෙවර කල මෙමා//
ගත් ලඳුන් මගේ ඇගේ රූපෙ බෝ අගේ//
ආලෙ බැන්ද..

ය‍න්නට‍ ග‍ම‍ට‍ මෙ‍දී‍න‍ ම‍වු‍පි‍ය‍න්‍ ද‍කි‍
න‍ ලෙ‍සී‍න‍//
තෑගි ලෙසට දැන් ගෙන යාමී රස
කැවුම්//
ආලෙ බැන්ද..

මේ සුනිමල මගෙ දික්තල //
ආලෙ බැන්ද..


හඬන්නෙපා හඬන්නෙපා  

Posted by: Sinhala Noorthi in , ,

නා‍ට්‍ය‍ය‍ - තාරාවෝ ඉඟිලෙති (ලූෂන් බුලත්සිංහල)
ගායනය - රොඩ්නි ව
ර්ණකුල

හඬන්නෙපා හඬන්නෙපා
මගෙ රන් මැණිකෝ
මගෙ කලු මැණිකෝ//

ටිකිරි ටිකිරි කොමඩු කැකිරි
රන් පාටින් බබළන සඳ//
මුහුන වසා කඳුළු ඉසී
මගෙ රන් මැණිකෝ
//

සෝඩි ටිකිරි දෙතන කැළුම්
රන් ගෝමර ලමැද ගඟේ//
සුසුම් සලා රඟනා සැටී
මගෙ කෝමලියේ//

නාඬන් මගෙ මුතු කුමාරි
කුමරෙක් අද හෙටම ඒවි//
මංගල්ලේ හරි ගිහාම තෑගි එවාපන්‍//
ඔහු එනතුරු උ‍ඹ තනියෙන් සිං‍දු කියාපන්//


සුන්දර වත නුඹ  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - ආටානාටිය (ජගත් මුතුකුමාරණ)
ගායනය - රොඩ්නි වර්ණකුල


සුන්දර වත නුඹ - සුන්දර ත
රු මල
පින්බර වේය සඳු - පෑයූ සේ මෙපුර
රන්කුඹු සේ මැයි - දිලෙනා තිසර යුග
රියසක සේ මැයි - වැනෙනා පුළුලුකුල

දිමුතු දසන් පෙල - පිපිලා මුව කමල
සුමුදු සිනිඳු ඡවි - කල්‍යාණිය රනි

සිනිඳු වරල බැඳ - සැලෙනා සේ සෙමර
නර්තන සොබනා - පිරිවර මැද රඟන //

නන්දන රුවිනා - රාජිණියනි මෙපුර
කෝමළ ගතිනා - යනවිට ඇත් ගමන
පෙම්බර වෙමිනා - තෙපලන විට තෙපුල
කොයි වෙන අඟනා - සරිවෙන මගෙ රැජිණ //


ජපන් රතිඤ්ඤා  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - පැන්ස දෙකේ හංසයා (ශ්‍රියන්ත මෙන්ඩිස්)
ගායනය - රොඩ්නි වර්ණකුල


ජපන් රටේ ජං ජං ජං
ජපන් රතිඤ්ඤා//
ජපන් රතිඤ්ඤා//
ජපන් බබාලා සැදූ රතිඤ්ඤා

ලංකාපුරේ ලං ලං ලං ලං ලං ලං
ලංකා බබාලා//
ජපන් රතිඤ්ඤා කටේ දමාලා
කන්ඩ නොයල්ලා

ජපන් රටේ ජං ජං ජං ජං ජං ජං
ජපන් වෙළෙන්දා //
ජපන් රතිඤ්ඤා ලාබෙට දෙඤ්ඤා
වීසි කොරඤ්ඤා

ජපන් රටින් නැව් ගානේ
එන්නෙ රතිඤ්ඤා//
ජපන් රතිඤ්ඤා
පටස් රතිඤ්ඤා
කටේ තියඤ්ඤා
පත්තු කරඤ්ඤා



මදුරා පුර  

Posted by: Sinhala Noorthi in , ,


නා‍ට්‍ය‍ය‍ - අන්දරේලා (ජයලත් මනෝරත්න)
ගායනය - රත්නා ලාලනී, ..

මදුරා පුර රජ ගෙය
ක උපන්නේ
නොකැරා සැප සම්පත් වළඳින්නේ
පවරා අග මෙහෙසිය වී එන්නේ
මෙපුරා මං ගැන කවුද නොදන්නේ

හද්දා පිටිසර පැලක උපන්නේ
වේලක් ඇර වේලක් බඩගින්නේ
කරදර විතරයි තනියට ඉන්නේ
ඉපදුනු කරුමෙට ජීවත් වන්නේ

සත්මහලෙන් සැදි මැදුරක වාසේ
අතට පයට දැසි දස්සන් බොහොසේ
දුකක් ලතැවුලක් කිසි දින නෑත්තේ
අපට ජීවිතේ මිහිරියි මී සේ

දොරකඩ ගහකින් පොලොස් කඩාගෙන
කමතෙන් මැල්ලුම් මිටක් හොයාගෙන
රසට උයා පොඩි එකත් වඩාගෙන
ඉන්නව හිමි එන අයුරු බලාගෙන

මුළුතැන්ගෙයි රස මසවුලු බෝමයි
නිසි කල උණු දිය ඇල් දිය
නෑමයි
සුවඳ කොකුම් සියොලඟ ගැල්වේමැයි
අපිට දිවිය මල් උයනක් සේ මැයි

බැරි නම් හොද්දක් ඒඳාගන්ට
බැරි නම් රෙද්දක් හෝදාගන්ට
බැරි නම් මිදුලක් අතුගාගන්ට
මොනව ඇතත් මොකටද ගෑණුන්ට





රජෙක් නැතිව රටක් මොටද  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍යය - අන්දරේලා (ජයලත් මනෝරත්න)
ගායනය - ජයසිරි චන්ද්‍රජිත් ඇතුළු පිරිස

රජෙක් නැතිව රටක් මොටද ඇහුවෙ පෙර අපි
රටක් නැතිව රජෙක් මොටද අහමු අද අපි//

කොඩි බැදලා, බෙර ගහලා අශ්ඨක ජය මගුල් කියා
වරමාති ශුභ චරිතේ
ලංකාපති නරේන්ද්‍රසිහ නුපතේ
කොඩි බැදලා, බෙර ගහලා අශ්ඨක ජය මගුල් කියා
පත්තිරිප්පුවට නැගලා ජනවරමේ බලය කියා

ඕලන්දෙන් රැගෙන බලේ
එංගලන්තෙ තබන වෙලේ
සිංහලුනගෙ බිඳුන බලේ
කවදා ගොඩ නගමු මලේ

රජ්ජුරුවෝ උඩයි උඩයි
අපි පොඩි උන් බිමයි බිමයි//
අන්දරේලා මැද ඉදගෙන
ආ............
දෙපැත්තටම විහිළු කරයි

රට යනවා පරදේසෙක
අපි යනවා පරලෝකෙට
අන්තිමේදි බලපුවාම
අන්දරේලා අපි සේරම//
අන්දරේලා........////


කොයි දේසෙක හිටපු රජෙක් දෝ  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - අන්දරේලා (ජයලත් මනෝරත්න)


උතුම් බුදු රුවනේ - ලොව්තුරු ද
හම් සරණේ
සමග සඟ රුවනේ - සදා නමදිමි මෙතුන් සරණේ
ආ...........................

සිරිලක්දිව පොරණ සෙංකඩගලෙහි සසොබන
සෙමෙන් රට කරවන සිංහලේ අපෙ මහා නිරිඳුන
ආ...........................

ලන්සි එ පර දේසෙන් ආ - බෝදුක් කර
දර ව්‍යසන
සිංහල නරනිඳු අදහස - සිත සංසුන් කරවගන්ට
සිත සංසුන් කරවගන්ට

සුන්දර කවි කතා ගොතන - බමන කවටයෙකු සොයන
දොන්ත ගුගුඳ ගති ගුඳගත් - අණබෙර පතුරුවා හරින
අණබෙර පතුරුවා හරින

[කොයි දේසෙක හිටපු රජෙ
ක් දෝ
මොන කාලෙක හිටපු රජෙක් දෝ] //

ඒව මේව වැඩි විස්තර දන්නෙ නැතුවට
මෙහෙම රජුන් කොයි දේසෙත්
ඉන්නවා අදට
ඊයෙ හිටිය අද ඉන්නවා...... හෙට ගැන කුමට

[රජ්ජුරුවෝ හිනස්සන්න විහිළු කාරයෝ
බිසව් තොමෝ සනස්සන්න විහිළු
කාරයෝ] //
[පඩිනඩි නෑ කාලා බීලා හිටියොත් මදිද
රජ්ජුරුවෝ හිනස්සලා මැරුණ
ත් මොකද] //
[රජවරු කිව්වම කොච්චර රාජකාරි ද
විහිළු තහළුවක් හිතන්න වෙලාව කොහෙද]//
[රජා හිනාගන්නන එක ලේසි වැ
ඩක්ද
අන්දරේව ඕන උනේ ඒ නිසාවද] //

එන්ට එන්ට ප්‍රශ්න වැඩිවෙයි රජ්ජුරුවන්ට
අන්දරේට වැඩත් වැඩිවෙයි ඒ හින්දාම
තනි මිනිහට හැකිවේවිද විහිළු කරන්ට
අන්දරේලා ගොඩක් වෙච්චි රජා ව
ටේට //

රජවරුන්ට ප්‍රශ්න වැඩී
එන්ට එන්ට ඔළු
ව බරයි
[ඉතින් එදා ඉදලා හැමදාමත් හැම දේසෙත්
අන්දරේලා ගොඩක් වෙච්චි රජා වටේට]//

අන්දරේලා.................
...



බෙරපදේ තාල  

Posted by: Sinhala Noorthi in ,

නා‍ට්‍ය‍ය‍ - අන්දරේලා (ජයලත් මනෝරත්න)
ගායනය - ජයලත් මනෝරත්න, ..

බෙරපදේ තාල මත්තට නෑසේද

සීපදේ හවස් ජාමෙට ගොලුවේද
සකිසඳේ නුඹත් ගම අතහැර යාද
හෙට උදේ දකින්නට බැරි වෙයි නේද

කීන දං හිඹුටු බෝවිටියා සුවඳ
පේනතෙක් මානයෙන් ඈත
ට යාද
හේන කුඹුර ඕවිට අමතක ඇයිද
මූනවත් බලාගන්නට බැරිවෙයිද

දුලා දිමුතු මුතු හර පලඳින කලට
වළාකුලක සේලේ ගතලන කල

සලා සිමර දෝලාවල යන කලට
රිලා මොටයි සේ අප පෙනෙතිද නුඹට

ඉරක් ලඟට ගියහොත් කරවෙනවාය
විලක් තුලට බැස්සොත් බොරවෙනවාය
මලක් කඩා ගත්තොත් පරවෙනවාය
රජෙක් ලඟට ගත්තොත් වරදිනවාය

රජ අණක් වෙතොත් බෑ හැංගිල ඉන්ට
හැංගුනොත් වේවි දං ගෙඩියට යන්ට
පෙර පිනක් තියෙනවා නම් පල දෙන්ට
මට ඉඩක් ලැබීයං ආප
සු එන්ට



ගොවියාගේ ගීතය  

Posted by: Sinhala Noorthi in

නා‍ට්‍ය‍ය‍ - කනේරු මල් (ජයලත් මනෝරත්න)


අපි ගොවියෝ වෙමූ..
.//
අපි ගොවියෝ.. වෙමූ...//
නම්බුකාර පොරනේ සිට පැවතෙන
අතීතයේ රජ ගොවිවරු
එයින් මතුව ගොවි රජවරු
කොපමන ගරු ගාම්භීර නාමයක්ද
ගොවියෝ...
දැන් නම් නිකම්ම ගො‍යි‍යෝ‍
අපි ගැති ගොවියෝ

පිදුරු ඉවත් කරනා ගැති ගොවියෝ
අපි ගැති ගොවියෝ
බැත ගොඩ උන්ටම පුද කරනා
මඩ සේදූ කල රජ වනු නිසැකය..
ගොවියෝ..ගොවියෝ
..
එහෙත් කවුරු සෝදන්නෙද අප මඩ
වතුර පොදක් දෙන්නේ උන් කවුරුද
මඩ සේදීමට නොව වතුර පොදක් ඉල්ලන්නේ
තොලකට පොඟවන්නයි පොඩි උන්ගේ
යල මහ වපුරන්නයි රිසි සේ

යළි වහ නොම බොන්නයි කරුමය සේ//

මතක සටහන්