හඬන්නෙපා හඬන්නෙපා  

Posted by: Sinhala Noorthi in , ,

නා‍ට්‍ය‍ය‍ - තාරාවෝ ඉඟිලෙති (ලූෂන් බුලත්සිංහල)
ගායනය - රොඩ්නි ව
ර්ණකුල

හඬන්නෙපා හඬන්නෙපා
මගෙ රන් මැණිකෝ
මගෙ කලු මැණිකෝ//

ටිකිරි ටිකිරි කොමඩු කැකිරි
රන් පාටින් බබළන සඳ//
මුහුන වසා කඳුළු ඉසී
මගෙ රන් මැණිකෝ
//

සෝඩි ටිකිරි දෙතන කැළුම්
රන් ගෝමර ලමැද ගඟේ//
සුසුම් සලා රඟනා සැටී
මගෙ කෝමලියේ//

නාඬන් මගෙ මුතු කුමාරි
කුමරෙක් අද හෙටම ඒවි//
මංගල්ලේ හරි ගිහාම තෑගි එවාපන්‍//
ඔහු එනතුරු උ‍ඹ තනියෙන් සිං‍දු කියාපන්//


සුන්දර වත නුඹ  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - ආටානාටිය (ජගත් මුතුකුමාරණ)
ගායනය - රොඩ්නි වර්ණකුල


සුන්දර වත නුඹ - සුන්දර ත
රු මල
පින්බර වේය සඳු - පෑයූ සේ මෙපුර
රන්කුඹු සේ මැයි - දිලෙනා තිසර යුග
රියසක සේ මැයි - වැනෙනා පුළුලුකුල

දිමුතු දසන් පෙල - පිපිලා මුව කමල
සුමුදු සිනිඳු ඡවි - කල්‍යාණිය රනි

සිනිඳු වරල බැඳ - සැලෙනා සේ සෙමර
නර්තන සොබනා - පිරිවර මැද රඟන //

නන්දන රුවිනා - රාජිණියනි මෙපුර
කෝමළ ගතිනා - යනවිට ඇත් ගමන
පෙම්බර වෙමිනා - තෙපලන විට තෙපුල
කොයි වෙන අඟනා - සරිවෙන මගෙ රැජිණ //


ජපන් රතිඤ්ඤා  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - පැන්ස දෙකේ හංසයා (ශ්‍රියන්ත මෙන්ඩිස්)
ගායනය - රොඩ්නි වර්ණකුල


ජපන් රටේ ජං ජං ජං
ජපන් රතිඤ්ඤා//
ජපන් රතිඤ්ඤා//
ජපන් බබාලා සැදූ රතිඤ්ඤා

ලංකාපුරේ ලං ලං ලං ලං ලං ලං
ලංකා බබාලා//
ජපන් රතිඤ්ඤා කටේ දමාලා
කන්ඩ නොයල්ලා

ජපන් රටේ ජං ජං ජං ජං ජං ජං
ජපන් වෙළෙන්දා //
ජපන් රතිඤ්ඤා ලාබෙට දෙඤ්ඤා
වීසි කොරඤ්ඤා

ජපන් රටින් නැව් ගානේ
එන්නෙ රතිඤ්ඤා//
ජපන් රතිඤ්ඤා
පටස් රතිඤ්ඤා
කටේ තියඤ්ඤා
පත්තු කරඤ්ඤා



මතක සටහන්