පායන මේ බැද්දෙ  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - රාමායණය (නීතිඥ ජෝන් ද සිල්වා)
ගායනය - අමරසිරි පීරිස්

පායන මේ බැද්දෙ තාරපති ද මේ
ආල නොවී ඉන්ට කාට හැකිද මේ
දිලිසේ දත් මුතු සේම සුබාවී//
වරලේ රඳවා පුෂ්ප සුදිලිසේ
ආල නොවී ඉන්ට කාට හැකිද මේ//
පායන මේ බැද්දෙ තාරපති ද මේ
ආල නොවී ඉන්ට කාට හැකිද මේ

නාස නැමී ස්වර්ණ අංකුස ලෙස වේ//
දෑස ඇගේ ඉන්ද්‍රනීල මැණික සේ
ආල නොවී ඉන්ට කාට හැකිද මේ//
පායන මේ බැද්දෙ තාරපති ද මේ
ආල නොවී ඉන්ට කාට හැකිද මේ

ලෙලදේ පුන් තන සෞම්‍ය ලඳාගේ//
දැකලා කැලඹේ හර්දෙ මාගෙ බෝ
ආල නොවී ඉන්ට කාට හැකිද මේ//
පායන මේ බැද්දෙ තාරපති ද මේ
ආල නොවී ඉන්ට කාට හැකිද මේ//




ඈත එක් යුගයක  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - හුණු වටයේ කතාව (හෙන්රි ජයසේන) (1967)
ගායනය - සුදත් සේනාරත්න

ඈත එක් යුගයක ලෙයින් නැහැවුන සමයක
කව්කාස්කි නගරයක සාපලත් නගර යයි නම් වූ
විසුවා යුව රාජයෙක්
ජෝර්ජි අබෂ්විල්ලි ඔහුගේ පුදුම නම විය
රූමත් බිරියකුත් දරුවෙක් ද පෘශ්ඨිමත්
සිටියාලු මේ රජු හට
ගෲසීනියාවේ වෙන කිසිම සුරෙකුට නොවූ තරම්
අසුන් අස් හලෙහිද යාචකයින්ද දොරකඩ
භටයෝද සේවයේ පෙත්සම්කරුවෝද ගෙමිදුල
මේ රජුට සිටියා
ජෝර්ජි අබෂ්විල්ලි කෙසේ නම් විස්තර කරන්නද ඔහු
ඔහු සැපෙන් සිටියා
පාස්කු ඉරු දින උදයේ පවුලත් සමග ඔහුගේ
සපැමුණා රජු දේව මැදුරට

මතක සටහන්