පිය මිතුරු සඳිනි  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - රොම්ලින් හෙවත් දි‍‍ව්‍ය කුසුම (සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර)
ගායනය - යමුනා විනෝදිනී, කෝලිත භානු දිසානායක


පිය මිතුරු සඳිනි මෙපුර රජුගෙ දෝණියෝ
ගෙන මෙමෙට දෙනුව ගනවෙ රජවෙ මෙමම සිතනු මෙපුරයේ
තොප මාගෙ ඇමතිකමට ගනිමි මේ වරේ
ඇමතිකමට ගනිමි සිතනු මේ වරේ

යමි කුමර මෙවර මෙපුර අවට මේ දෙටා
ගෙන ඈව මෙ ඔබ යහනෙ තබමි මෙමම බලනු බල මගේ
ඔබෙ ඇමතිකමට ගනිමි සිතනු මේ වරේ
ඇමතිකමට ගනිමි සිතනු මේ වරේ

http://app.box.com/s/d9u0ellq1t966pu3mrmb42esgywbl185

මගේ ප්‍රිය  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍යය - රොමියො සහ ජුලියට් (සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර)
ගායනය - යමුනා විනෝදිනී, කෝලිත භානු දිසානායක


මගේ ප්‍රිය රන්වන් රෝමියෝ ශ්‍රියේ
මොනේකට මැරූවාද ටයිබෝල්ට් අතේ
මගේ සිත්හි ශෝකේ අහෝ වෝ වෝ
උනේ මේසා කරුණු කිම්දෝ ඕ ඕ ශ්‍රියේ

පණේ මාගේ ලොල් ලොල් අසව් යොමලා කන්
මගේ මිත්‍ර මර්කිශෝව උන්දෑ මැරී
උනේ නෙකසේ යාච්ඤා නා හා හා හා
කලේ ඒ රුදු මරණ මවිසින් නුඹට ඇති ඇල්මෙන්

සෙනේ වීය තුල් තුල් මා සිතේ වේ දුකා
එසේහින් නැවතීම මෙලෙසා අන්තරා බොහොමා

http://app.box.com/s/tz177wuo7es4096tfkaj72cqrdl9hf4v

රූප විරාජ  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍යය - ෂූලා හෙවත් කපටි බෑනා (සී දොන් බස්තියන් ජයවීර බණ්ඩාර)
ගායනය - ලයනල් ගුණතිලක, යමුනා විනෝදිනී


රූප විරාජ මෝහනිගේ ලෝලියා ආල වෙනූ
නීලමණී සෙ දෙනයන සොබනා සුරංගී ආල වෙනූ
රුප ශ්‍රියා සෙ දෙනයන සොබනා සුරංගී ආල වෙනූ
රතඳර මධු බොමි සිත සන්තොසිනේ//
ඒක ඉතාම නපුරුයි සිරියා වානු බැරී//
වෙනු ෂූලා තොප මා කෙරෙ ආලය ප්‍රීති ප්‍රීති වෙමි මෙමා//
සම්පතටා මංගල්ලෙටා ප්‍රීති ප්‍රීති වෙමි මෙමා//
ඒක ඉතාම නපුරුයි සිරියා වානු බැරී//
බොහොම උදාරයි වහපිය තී කට යාවි යාවි දිවි තිගේ//
ඉක්මනටා ඉක්මනටා යාවි යාවි දිවි තිගේ//
ඒක ඉතාම නපුරුයි සිරියා වානු බැරී//
රූප විරාජ මෝහනිගේ ලෝලියා ආල වෙනූ

http://app.box.com/s/3x8tl4kwfyk9zhuzahq9kgrskljuzutj

මතක සටහන්