කලට යලට  

Posted by: Sinhala Noorthi in , , ,

නාට්‍යය - රාජ කපුරු (ජනක් ප්‍රේමලාල්/සිරිසේන ප්‍රේමලාල්)
ගායනය - රවින්ද්‍ර යසස් කුමානායක


කලට යලට වැහි වැහැලා
ගොවිතැන් බ
ත් සරුවුනාය
එතෙර මෙතෙර තෙර නොපෙනෙන
වැව් තටාක ඉදිවුනාය///

අහස උසට මහ දාගැබ්
පින් කෙත් වී වැජඹුනාය
සකල සිරින් පිරි සිරිලක
දහම් දිවයිනක් වුනාය///

අතීතයේ සිදුවුනුදේ
අද එලෙසම සිදුනොවෙතේ
අනාගතේ සිදුවෙන දේ
හිතෙනකොටත් පුදුම හිතේ///

හිතෙන දෙයක් සිදු නූනට
ඒකට ලතවෙන්න එපා
නොහිතන දේ සිදුවුනාට
ඊටත් ලතවෙන්න එපා///

සකල සිරින් පිරි සිරි ලංකාවේ පුදුම හතේ වැඩ සිදුවෙනවා//
අටවෙනි පුදුමේ ඔන්න සුදනනේ බලාගනිල්ලා ලඟ එනවා//
මඟුලතු ඇවිදින් පින් ඇති කෙනෙකුගෙ පාමුල වැ
ටිලා නමදිනවා//
ඒ පින් ඇත්තා එදා පටන් අපෙ සිරි ලංකාවට රජ වෙනවා//
සිරි ලංකාවට රජ වෙනවා//


නුවණට අධිපති  

Posted by: Sinhala Noorthi in , , ,

නාට්‍යය - රාජ කපුරු (ජනක් ප්‍රේමලාල්/සිරිසේන ප්‍රේමලාල්)
ගායනය - රවින්ද්‍ර යසස් කුමානායක

නුවණට අධිපති ගණ දෙවි සුරි
ඳුනි
මී වාහන පිට වැජඹෙන සුරිඳුනි
නුවණට අධිපති ගණ දෙවි සුරිඳුනි
මී වාහන පිට වැජඹෙන
සුරිඳුනි
ඇත් හිසකින් හිස සැරසුන සුරිඳුනි
ගැත්තහු හට දෙ
නු..
වරමක් දෙනු සුරිඳුනී//

රඹ කැන් උක් දඬු ඔබට පුදන්නෙ
මි
රත්තරනින් මිණි කිකිණි පුදන්නෙමි
රඹ කැන් උක් දඬු ඔබට පුදන්නෙමි
රත්තරනින් මිණි කිකිණි පුදන්නෙමි
ජීවත්වෙන්නට නුවණ පතන්නෙමි
පේන කියාන්නට..
වරමක් ඉල්ලමී..

භූලෝ පැමිනි  

Posted by: Sinhala Noorthi in , , ,

නාට්‍යය - විධුර (නීතිඥ චාල්ස් ඩයස්)
ගායනය - මැණිකෙ අත්තනායක,නිශ්ශංක දිද්දෙණිය


භූලෝ පැමිනී රාග බෙ
ලේනී//
බැඳගෙන සිත යම් කෙනෙකුගෙ වැරසැර//
භූලෝ පැමිනී රාග බෙලේනී//

ආන්ත්‍ර වේදෝ එරන්දතීටා
නරලොව ගමනින් නුපුරුදු තොපටා//

බය නොසිතුව මැන මෙමා ගැනා
මෙමා ගැනා//
බය නොසිතුව මැන මෙමා ගැනා
මෙමා ගැනා//

භූලෝ පැමිනී රාග බෙලේ
නී//


සංග්‍රහ කලේ දැන්  

Posted by: Sinhala Noorthi in , ,

නා‍ට්‍ය‍ය‍ - පද්මාවති (නීතිඥ චාල්ස් ඩයස්)
ගායනය - නිශ්ශංක දිද්දෙණිය


සංග්‍රහ දැන් කලේ ප්‍රීතී සිත්හි මගේ පව
තී
සංග්‍රහ දැන් කලේ ප්‍රීතී සිත්හි අපේ පවතී
රජා මෙහී පත්වූ සන්දා මා සිත් බෝ ප්‍රිය වී මෙදා
රජා මෙහී පත්වූ සන්දා අප සිත් බෝ ප්‍රිය වී මෙදා
පවතීවා බොහෝ කල් මිතුදම් සතොසා//
සංග්‍රහ දැන් කලේ ප්‍රීතී සිත්හි මගේ පවතී
සංග්‍රහ දැන් කලේ ප්‍රීතී සිත්හි අපේ පවතී

මා සිත්හි බෝසේ බෝසේ ඇත්තේ මැයි
ලෙස පැවසූයේ
අප සිත්හි බෝසේ බෝසේ ඇත්තේ මැයි ලෙස පැවසූයේ
දැන් යමූ වාසනා නොලසා සතොසා//
සංග්‍රහ දැන් කලේ ප්‍රීතී සිත්හි මගේ
පවතී
සංග්‍රහ දැන් කලේ ප්‍රීතී සිත්හි
අපේ පවතී


පාද පාද දැන් නගා  

Posted by: Sinhala Noorthi in , ,

නාට්‍යය -ශකුන්තලා (නිතිඥ ජෝන් ද සිල්වා)
ගායනය - නිශ්ශංක දිද්දෙණිය,නිරෝෂා විරාජිනි


පාද පාද දැන් න
ගා
ඇයි ද යන්ට නික්මුණේ

පාද පාද දැන් නගා
ඇයි ද යන්ට සිදුවුණේ//

සිත බැඳුනේ දුටු එසැණේ
නෙතු පිනුනෙය රූබරී

සිත බැඳුනේ දුටු එසැණේ
නෙතු පිනුනෙය ස්වාමිනේ

පාමි පාමි මා සෙනේ

පාද පාද ...

කිරීටයේ දිලෙන මේ ශිරෝමණී බඳූ //
මගෙ මෙ ශිරෝමණී බඳූ //
තොප දැක කෙලෙස ඉඳිමි
සොබන රුසිරැති ලඳා

ඔබ දැක කෙලෙස යමි ද
සොබන රුසිරු රජිඳ මා

පරසිදු රුසිරැති ලඳා
කුලඟන මේ මට නියමේ
නොදුවනු මගෙ ආදරේ
පාමි පාමි තී කෙරේ

සිත බැඳුනේ දුටු එසැණේ
නෙතු පිනුනෙය ස්වාමිනේ
පාමි පාමි මා සෙනේ

පාද පාද ...

මතක සටහන්