Problem Fixed!  

Posted by: Sinhala Noorthi


The problem related to posting comments has now been fixed. You can now post your valuable comments on my blog posts. I highly appreciate and value all your feedback. Thank You.

අ‍ ආ‍ ඇ‍ ඈ‍  

Posted by: Sinhala Noorthi in ,

නා‍ට්‍ය‍ය‍ -ගු‍රු‍ ත‍රු‍ව‍ (ජයලත් මනෝරත්න)
ගා‍ය‍න‍ය‍ - ජයලත් මනෝරත්න ඇ‍තු‍ලු‍ පි‍රි‍ස‍

[අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ
අනාදිමත් කලක් ලියූ]//

අ..
අප රට අර බල
ආ..
ආන්තරාවක
ඇ..
ඇදී ඇදී යත
ඈ..
ඈතින් ඈතට
ඉ..
ඉහමොල මද නැති
ඊ..
ඊලඟ පරපුර
උ..
උන්ගේ ලෝකයෙ
ඌ..
ඌරන් වූ හැටි

අප රට අර බල
ආන්තරාවක
ඇදී ඇදී යත
ඈතින් ඈතට
ඉහමොල මද නැති
ඊලඟ පරපුර
උන්ගේ ලෝකයෙ
ඌරන් වූ හැටි

ක ඛ ජ ට ද න ත ධ
පැන පැන යනවිට
ය ර ල ව සරලව
පරලොව යන රඟ
උන්ගේ අං මැද
අපටයි අඃ අන්තිමේ

අතුරු මිතුරු  

Posted by: Sinhala Noorthi in , ,

නා‍ට්‍ය‍ය‍ - තාරාවෝ ඉගිලෙති(ලූෂන් බුලත්සිංහල)
ගායනය - රොඩ්නි වර්ණකුල

තුරු තුරු තුරු තුරු තුරු තුරු//
අතුරු මිතුරු දඹදිවතුරු
මගෙ සෙල්ලක්කාර මිතුරු
කිරි මුට්ටියකට පනින්න
හිටි පිනුමක් ගැහුවා
මුට්ටිය හිර වෙලා මිතුරු
කොක්කු නටති රෑ වෙනතුරු
කිරි මුට්ටිය ගඟේ යන්න
තව පිනුමක් ගැහුවා
ගඟ දිය බොර වුනා මිතුරු
කිඹුල් හිනා දැක පිවිතුරු
ඕලු කැකුලකට පනින්න
උඩ කරණම් ගැහුවා
ඕලු කැලේ...හිටපු බමලු//
නහය විදපි ඉදිමෙනතුරු//
මගේ මිතුරු මේවනතුරු
නැත තවමත් දුටුවේ

තුරු තුරු තුරු තුරු තුරු තුරු//
අතුරු මිතුරු දඹදිවතුරු
මගෙ සෙල්ලක්කාර මිතු
රු
කිරි මුට්ටියකට පනින්න
හිටි පිනුමක් ගැහුවා

තුරු තුරු තුරු තුරු තුරු තු
රු///

යාම බෑ ඈ දාලා  

Posted by: Sinhala Noorthi in , ,


නා‍ට්‍ය‍ය‍ - ප‍ද්‍මාවතී (නීතිඥ චාල්ස් ඩයස්)
ගායනය - වික්ටර් පෙරේරා


යාම බෑ ඇ දාලා හර්දේ වෙ ආලේ බොහෝමවේ
පද්මවතී ශ්‍රීකාන්ත සේ රූ
ඒ..ඒ..ඒ.. යාම බෑ ඇ දාලා
හර්දේ වෙ ආලේ බොහෝමවේ
පද්මවතී ශ්‍රීකාන්ත සේ රූ
රුව දැක ඈගේ කොයිලෙස යාමි ඈ හැ
රා//
කැන්දගෙන යන්නේමි පද්මවතී සත්තකයි//
යාම බෑ ඇ දාලා...

දැක්මෙන් ඒ මු ගීයෙන් මන් දැන් ක්ලාන්ත වී
ක්ලාන්ත වී...ලය කම්පාවී.....
ගීයෙන් මන් දැන් ක්ලාන්තවී.
..
සුන්දරී....
දිවියයි නියතයි අත්වූවොත් රූපශ්‍රියා
වන්තීයේ//
පද්මවතී ශ්‍රීකාන්ත සේ
රූ
යාම බෑ ඇ දාලා.../
/

හා හා හා දන්නෙ නැතිලු  

Posted by: Sinhala Noorthi in

නා‍ට්‍ය‍ය‍ - ම‍හා‍සාර (මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර )
ගායනය - ජගත් ලක්ප්‍රිය


හා හා හා දන්නෙ නැතිලු
මහාසාර පළඳනාව

කොයිවගේ එකක්ද කියල
අහල නැතිලු කවදාවත්
මහාසාර කියන වචනෙ
එහෙනම් තෝ මොටද ගත්තෙ
ගමට ගොහින් දැනගන්නද
හොර අඹුවගෙ කරේ දාල
කොයි වගේ එකක්ද කියල
මහ රජ්ජුරුවන් ඉදිරියෙ

කියපිය ඔය බින්න ගොහින්
අපට මොටද ඕව කියල
අපේ නෙවේ පළඳනාව
අයිතිකාරි අග බිසවයි
හොරකම තොගෙ වසන්ගන්න
කියපිය තව බින්න හදා

කියපිය තෝ පළඳනාව

ගත්තෙ නැතෙයි කියල බොලේ
ගත්තෙ වෙන කෙනෙක්ය කියල
නැත්නම් තොට ගැලවෙන්නට
විදිහක් නෑ හම්බවෙන්නෙ

තෝව උල තියා මරාවි
නැත්තම් පෙති ගහල දාවි
කදන් දෙකක් මැදින් තෝව
බැඳල ඉරල දාවි දෙකට
දහසක් වද විඳල තමයි

තොට මරණෙට යන්න වෙන්නෙ//

නැත්තම් බොල කියපිය තෝ
කවුද හොරෙක් ඇවිත් ඒක

හොරෙන් අරන් යනව දැකල
තෝ ගොහිල්ල උදුරාගෙන
අග බිසවට දෙන්න කියල

ගේන අතර පළඳනාව
අහසට ඉගිලිලා ගොහින්
අතුරුදහන් වුනැයි කියල//
අනුහස් ඇති මහාසාර
පළඳනාව අග බිසවගෙ
එවැනි හාස්කම් කරන්න
බැරි බඩුවක් නෙවෙයි ඒක//

කියපිය තව බින්න හදා
මහ රජ්ජුරුවන්ට ගොහින්
නැත්නම් තොට ගැලවෙන්
නට
විදිහක් නෑ හම්බවෙන්නෙ
දහසක් වද විඳල තමයි
තොට මරණෙට යන්න
වෙන්නෙ//
තෝව උල තියා මරාවි
නැත්තම් පෙති ගහල දාවි
කදන් දෙකක් මැදින් තෝව
බැඳල ඉරල දාවි දෙකට
දහසක් වද විඳල තමයි

තොට මරණෙට යන්න වෙන්නෙ//



මතක සටහන්