දුලා නෙතු පුලා  

Posted by: Sinhala Noorthi in ,

නා‍ට්‍ය‍ය‍ - මනමේ (මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර)
 
දුලා නෙතු පුලා දිසි ස්වර්ණලතා 
සේ මෙලඳා දුලා නෙතු පුලා
ලත් හිරු රැස් ලෙස පද්ම විකසිත 
සිත් මාගේ පත්වේය තෘප්ත විලසට //

කසුන් ලොව තුලා රසඳුන් නයනා
ලේප කරන කසුන් ලොව තුලා
මේ කුමරුන් හට වන්නට පියඹ 
සන්තෝස වේද සිත් අසනු කුමට //

දුලා නෙතු පුලා දිසි ස්වර්ණලතා 
සේ මෙලඳා දුලා නෙතු පුලා

http://app.box.com/s/3gy5dpxtvv40t9zuj2hv

ල‍ප‍ නො‍ම‍ව‍න්‍ ස‍ඳ‍  

Posted by: Sinhala Noorthi in ,

නා‍ට්‍ය‍ය‍ - මනමේ (මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර)

ලප නොමවන් සඳ සේ සොමි ගුණෙනා
සේ සොමි ගුණෙනා
ආදර දිනනා සිසු සැවොමා
රාජ ගුරුන්ගේ යුත් නැණ බෙලෙනා //
වෙමි මම සුවචා දූ කුමරී

නිමල පෙමින් නිති මා ඇතිදැඩි කල
මා ඇතිදැඩි කල
මා පිය ගුරුගේ අණ ලෙසිනා //
සේ සිය නේත්‍රා මා රැකි සතතා //
සිත නොම රිදවා වෙසෙමි සදා

http://app.box.com/s/6hb72tgjb09j7p0e53bz

එනමුත් නෑ සැනසෙන්නේ  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - මනමේ (මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර)

එනමුත් නෑ සැනසෙන්නේ සිත මාගේ දැවේ ගින්නේ //
රජ සැප මට මන්ද කෙලෙස මෙ උසුලම් ද //
දියණිය ඇදුරින්ඳු රුව මාගෙ සිතේ ඇන්දූ
රිසුරු එ සුර ලන්ඳු දැඩි ආලේ ලයේ රැන්ඳූ
කෙලෙසින් ඈ හැරා යම්දෝ සරණේට කෙසේ ගම්දෝ//
පියගුරු අනුදැන්මා හැකිවේද ලබා ගැන්මා//
දියණිය ඇදුරින්ඳු රුව මාගෙ සිතේ ඇන්දූ
රිසුරු එ සුර ලන්ඳු දැඩි ආලේ ලයේ රැන්ඳූ

http://app.box.com/s/6k2qmesiif7p9l1fnz1a

නන් සිරින් වොරැඳි  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - මනමේ (මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර)


නන් සිරින් වොරැඳි බරණැස් පුරයේ
බරණැස් පුරයේ
තෙද යුත් උතුම්වූ පාලනා මා පිය වේ
තෙද යුත් උතුම්වූ පාලනා මා පිය වේ

වී එතරා සිප් සයුරා //
ධනු ශිල්පේද යුදයට නෙක කඩු හරඹද
උගත්තෙමිය මම නැණයෙන් සිතු ලෙද //

නන් සිරින් වොරැඳි..
 
යන්නට වේය දැන් කල් පැමිණා මට
කල් පැමිණා
පිය රජුගෙන් අණ ලද්දෙමි සිය රටටා
පිය රජුගෙන් අණ ලද්දෙමි සිය රටටා

ගොස් එපුරා රජ වී එහෙටා //
මැති දනන්ගෙ මන සොඳ
පොබයන සඳ ලෙද
දැහැමින් රජකර වෙසෙමිය තුටු ලෙද //

නන් සිරින් වොරැඳි..
http://app.box.com/s/fbbgfpp56567nbo8evto

උදුල කරවන  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - මනමේ (මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර)

 උදුල කරවන අවිඳු ගනඳුරු
පතල නැණ යුතු වෙමි මම නිසයුරු
මෙකල සිටිනා මේ කුමරුන් හට ගරු
සකල ශිල්පය දෙමි මම නොමසුරු
චන්දෝ ලංකර කාව්‍ය හනාතක
සාහිත්‍ය සංගීත පරතෙර දුටුවෙමි//
විද්‍යා සාගරයෙ පතුලෙන් ගොඩගෙන
අගනා මාණික්‍ය පළඳමි සිසු ගෙල


http://app.box.com/s/4m4a9o3siugvrbasag4w

ඉර හඳ දෙවියනි  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - මනමේ (මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර)


ඉර හඳ දෙවියනි අධිපති අහසේ
මෙඅප සැමහට දෙනූ වරම්
මෙඅප සැමහට දෙනූ වරම්
මිහිකත දෙවියනි අධිපති පොලොවේ
දෙපය තැබූමට දෙනූ වරම්
දෙපය තැබූමට දෙනූ වරම්
සියලු දෙවියනී උවදුරු දුරලා
මෙරඟපෑමට දෙනූ වරම්
මෙරඟ පෑමට දෙනූ වරම්

http://app.box.com/s/vuig1mio4k8tjn6yhx7s

මතක සටහන්