මෑ වේ මා දුටු  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - මනමේ (මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර)

මෑ වේ මා දුටු කොමල ලියා//
දෙස බලනුය රජතුම සිත නොම වේ ද තුටු
මෑ වේ මා දුටු කොමල ලියා
බැද්දෙ මෙම ඇවිදින දැක්ක වෙලෙ සිට මම
ඇද්ද මෙ සදිසි ලඳ සිද්ද වුයෙ අරුමද//
දෙන්ට මට නොමසුරු තෑගි බෝග නෙක් පඬුරු
ගන්ට හැකි මෙඅයුරු ලද්දෙ මෑව අමයුරු//
මේ නම් ලෝලිය නොමවන්නේ//
සුර අඟනක විලසට වේද වන සිදඟන
මේ නම් දෝලිය නොමවන්නේ
මෑව ගන්ට අඹුවට වේය මට වාසනාව//
කැන්දාගෙන යන්ට අද මන්ද වෙනු මේ පමාව//
කවුද මෙම කැනහිළු ඌව මම වනසමි
සින්ඳා උගෙ ගෙල සෙද පෙන්නමිය බල තෙද//

http://app.box.com/s/feaamxzko0dshs5sn15k


ගියා වැද්දෝ  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - මනමේ (මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර)


 ගියා වැද්දෝ නොම විද්දෝ ඉඩ ලද්දෝ අපි මෙවරා//
වෙන්ට අනතුරු කිසි ගන්ට සිත බිය නිති
කාරණාව නොම දිසි මෙවෙලේ//

තව ඇද්දෝ පසු එද්දෝ බිය නැද්දෝ මෙම ගමනා//
යන්ට සටනට සැරසෙන්ට වේය විගසට
උන්ට මෙහි නේන ලෙස නැවතා//

http://app.box.com/s/hmcg5kdd16ni0sh97lxx

වන් මේ ආරණ්ණේ  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - මනමේ (මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර)


 වන් මේ ආරණ්ණේ මන් බිය වන්නේ
නන්දන මා හිමි වූ නරනින්දේ
තුංග මෙ ගිරි තුල සිංහ වලස් කැල
ලංවේය තැන තැන රිංගා රුප්පාවල//

ගත් සරතැසිනි විත් සිය යොදුනි
සිත් බියපත් වේ සියුමැලි කොමලඟිනි

චණ්ඩ වු වනසත එන්ට නොදෙමි වෙත
දුන්න රැගෙන විද සුන්කරලමි සෙද//

http://app.box.com/s/rhxrioakxcy0z7xik51m



ප්‍රේමයෙන් මන  

Posted by: Sinhala Noorthi in ,

නා‍ට්‍ය‍ය‍ - මනමේ (මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර)


ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ
පුෂ්පයෙන් වන සුන්දර වේ ලංකෘත වේ//
ආලයෙන් වෙලි සැදි මෙලතා//
මණ්ඩපයෙන් චන්ඩාතප
ඛණ්ඩිත වේ හිරු රජිඳුගෙ//

කෝකිල හඬ කන් පිනවයි රන් ස්වරයයි
රෑන ගිරවු දෙන ගී සින්දූ අම බින්දූ//
සෑම දෙසේ සංගීත ඇසේ//
පිපි තඹරන නද බඹරන
පිය රැව් දෙන ලිය කිඳුරන//
ප්‍රේමයෙන් මන...

http://app.box.com/s/j94p8bu4wt65wcmcwfj2
මුල් ගායනය - බෙන් සිරිමාන්න, ට්‍රිලීශියා ගුණවර්ධන

http://app.box.com/s/izfmplqaxgb6d9swbpa8
 නව ගායනය

මතක සටහන්