මෑ වේ මා දුටු  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - මනමේ (මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර)

මෑ වේ මා දුටු කොමල ලියා//
දෙස බලනුය රජතුම සිත නොම වේ ද තුටු
මෑ වේ මා දුටු කොමල ලියා
බැද්දෙ මෙම ඇවිදින දැක්ක වෙලෙ සිට මම
ඇද්ද මෙ සදිසි ලඳ සිද්ද වුයෙ අරුමද//
දෙන්ට මට නොමසුරු තෑගි බෝග නෙක් පඬුරු
ගන්ට හැකි මෙඅයුරු ලද්දෙ මෑව අමයුරු//
මේ නම් ලෝලිය නොමවන්නේ//
සුර අඟනක විලසට වේද වන සිදඟන
මේ නම් දෝලිය නොමවන්නේ
මෑව ගන්ට අඹුවට වේය මට වාසනාව//
කැන්දාගෙන යන්ට අද මන්ද වෙනු මේ පමාව//
කවුද මෙම කැනහිළු ඌව මම වනසමි
සින්ඳා උගෙ ගෙල සෙද පෙන්නමිය බල තෙද//

http://app.box.com/s/feaamxzko0dshs5sn15k


This entry was posted on Sunday, August 03, 2014 and is filed under , . You can leave a response and follow any responses to this entry through the Subscribe to: Post Comments (Atom) .

3 comments

මේක අහල තිබ්බේ නෑ මම
ස්තූතියි ඔබට

මේ නම් "ලෝලිය" නොම වන්නේ ..

ලෝ+ලිය = "(මේ) ලෝකයේ සිටින ලලනාවක්/ මනුෂ්‍ය කාන්තාවක්" යන අරුතින්. නිවැරදි කරනු මැනවි.

ඔබේ මේ අගනා ව්‍යායාමයට නිරතුරු ආශිර්වාද කරමි.

දිරිගැන්වීමට හා නිවැරදිකිරීම් වලට ස්තූතියි

Post a Comment

මතක සටහන්