රජ ඉසුරු නැත  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - මනමේ (මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර)

 රජ ඉසුරු නැත නැත මිණි කිරුළු
ඇත මෙම හිම ගිර දෙන්නෙමි සියළු
පට දුහුලින් වැසු සියුමැලි සිරුරු
ගොතලා මල් පෙති වසමිය සපිරු
මිණි මුතු අබරණ පැලඳි මෙවරල
සරසාලමි ගෙන වනසැවුලන් පිල
මනමෙට සෙනෙහස ඉවත දමාදෝ

වනයේ වැදි රජ කෙනෙකු පතාදෝ

දිරියෙන් යුධකල ඔබ දුටු වේලේ
මොහොතින් සිත මා පිරුණයි ආලේ
වනයේ නෙක බිය පහව යමින්නේ
චංචල වූ සිත සැනසුම වින්ඳේ
නැතිමුත් රජකම ඔබමයි පතන්නේ
ඇත මට හිම ගිර ඔබ සමගින්නේ

සනසයි මා සිත ඔබ කී වදනා
නුදුරින් වේ මා හිම ගිරි භවනා
රකුසෙකු සේ මා ගත ගොරහැඩි වේ
විලස මෙසේමුත් සිත නොම දැඩිවේ
සැමියා මැරුමට මසිත නුදුන්නේ
ඔහු රුදු මරුමුව වැටුනෙ විහින්නේ

මනමේ රජු ඔබ  ගෙල සිඳලන්ටා
කඩුව ඉල්ලූ සඳ ඔහු වලකන්ටා
කල තැත දුටුවද ඔබ ගලවන්ටා
සිතුනෙ කඩුව ඔබ අතටම දෙන්ටා
කල තැත දුටුවද ඔබ ගලවන්ටා
සිතුනෙ කඩුව ඔබ අතටම දෙන්ටා



http://app.box.com/s/46q8zpltlpywll9b64uz

මා ප්‍රිය සැමියා  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - මනමේ (මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර)
   
මා ප්‍රිය සැමියා මරුමුව වැටුනා
කිමද කලේ ඔබ මේ අපරාදේ
යහතින් සිටි ඔහු ඔබ ඇන මැරුවා
මේ ඔබ දෝසා මේ ඔබ දෝසා

ඔබ ප්‍රිය සැමියා මාව මරන්නට
තැත්කල හින්දා තැත්කල හින්දා
සිය පණ ගලවාගන්නට මැරුවා
නෑ මගෙ දෝසා නෑ මගෙ දෝසා

මට පෙම්කල ඒ මනමේ රජිඳා
සටනට පොලඹාගත්තේ ඔබනේ
මා ගලවන්නට ගොස් මා හින්දා
මරුමුව වැටුනා මරුමුව වැටුනා

සටනට මා පෙලඹූවේ ඔහුනේ
දුටුවේ නැත්දෝ දුටුවේ නැත්දෝ
කාගෙන් ඔබ ගලවන්නට වීදෝ
නොදනිමි එබසා නොදනිමි එබසා

ඔබගෙන් මා ගලවන්නට නොවෙදෝ
සටනට වැදුනේ සටනට වැදුනේ
මනමේ රජිඳා මරුමුව වැටුනා
ප්‍රේමය හින්දා ප්‍රේමය හින්දා

මාගෙන් කුමටා ඔබ රැකගන්නේ
අනදර ඔබටා කිකල කෙලෙම්දෝ
සටනට ගියෙ මා හටගත් ඔබටා
ප්‍රේමය හින්දා ප්‍රේමය හින්දා

අදහන්නට නම් හැකිදෝ කෙලෙසා
ඔබමේ කියනා රැවටිලි වදනා
නැතිවුනි මට දැන් අන්කිසි සරණා
මෙතැනම මරණා වෙනු නම් නියතා

නොකියනු එලෙසා මා ප්‍රිය කුමරී
මම වෙමි ඔබටා හැමදා සරණා
හිමගිරි අරණේ ඔබ වේ රැජිනි
වෙනු මැන මබිසෝ වෙනු මැන මබිසෝ

නැත අන් සරණා ඔබ හැර මෙමෙටා
වනයේ විසුමා වෙන්නේ සැමදා
වග වලසුන්ගෙන් උවදුරු වලකා
රකිනුය ඔබ මා  රකිනුය ඔබ මා

මා වැදි සෙනගා ඔබ රැකගන්නා
වග වලසුන්ගෙන් තොර වේ භවනා
දිවිහිම් කොට පුදනෙම් ආදරිනා
නැත කිසි බාධා විසුමට සැපෙනා
 
http://app.box.com/s/p6gtrvx9zqzlzodvr5wx
 

මාගේ අවසර නොම ගෙන  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - මනමේ (මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර)
මාගේ අවසර නොම ගෙන//
මාගේ අවසර නොම ගෙන//
මාගේ අවසර නොම ගෙන//
මාගේ අවසර නොම ගෙන//
ආවද තා මෙමගෙ විජිතෙටා
දෙරණ හෙලා සුන්කර තොප
ගොදුරු කරමි කැනහිළුනට//

මාගේ තෙද බල නොම දැන//
මාගේ තෙද බල නොම දැන//
මාගේ තෙද බල නොම දැන//
මාගේ තෙද බල නොම දැන//
ආවද මා සමග සටනටා 

ධීර බලැති ධනුධර වෙමි
කෲර තොපගෙ එඩි බිඳලමි//

 
http://app.box.com/s/u3ufdn1yn6fa8hurz073
 

සේ සුරිඳු  

Posted by: Sinhala Noorthi in ,

නාට්‍යය - මනමේ (මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර)

සේ සුරිඳු බරණැස් පුර පසිඳු//
රාජ්‍ය කරනා ඒ රාජ්‍ය කරනා
රුපු නොද බිඳ තේජසා//
පවර එ නිරිඳුගෙ පුත් කුමරා වෙමි
සතර ඉගෙන තක්සලාව ගොස් එමි//
දුලා මෙකුමරිය විවාහකරගෙන//
බලා පිටත් වෙමි බරණැස් පුරවර//

මේ අරණේ හිමගිර සිට දෙරණේ//
මාගෙ සරණේ වේ මාගෙ සරණේ
නැතහොත් වෙය මරණේ//
මුළු දඹදිවටම තොප මහ රජ වුව
මාගෙ විජිතය මෙය මම වෙමි අග රජ//
කවුද තට මෙහි පිවිසෙන්නට කීවේ//
අවසර නොමැතිව බල තට වන දේ// 

http://app.box.com/s/hh8s5aanwdqgjdtqgckr
 

මතක සටහන්